පී. බී. ජයසුන්දරගේ නියෝගයෙන් රේගු අධ්‍යක්ෂ මාරුකරයි

එතිල් ඇල්කොහොල් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ දී එම තොරතුරු මාධ්යයට ලබාදීම නිසා රේගු අධ්‍යක්ෂක ජෙනරාල් නෙවිල් ගුණවර්ධන එම තනතුරෙන් පහ කොට තිබෙනවා.

දිගින් දිගටම භාණ්ඩාගාර අධ්‍යක්ෂක පී. බී. ජයසුන්දර විසින් රේගු දෙපාර්ථමේන්තුවට කළ බලපෑම් නිසා ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක්ද ආරම්භ කොට තිබේ .

නෙවිල් ගුණවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩාගාරයට මාරු කොට යවා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ජගත් විජේවීර විසින් ඊයේ සිට එම පුරප්පාඩුවට පත්කර ඇත.


රේගු පරීක්ෂණ අඩපණ කිරීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ මෙහෙයවමින් සිටින අතරතුරේ දී මහා භාන්ඩාගාර නිළධාරීන් විසින් ප්‍රබල ලෙස බලපෑම් කරමින් මෙම තනතුරු මාරුව සිදු කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

මත් ද්‍රව්‍ය නිශ්පාදන ආයතන සඳහා මහා පරිමාණයෙන් එතිල් ඇල්කොහොල් ආනයනය කිරීම තහනම්ය. නමුත් ව්‍යාජ ආයතන 9ක් විසින් කර්මාන්ත අවශ්‍යතාවයන් සඳහා නීති විරෝධී ලෙස එතිල් ඇල්කොහොල් ආනයනය කර තිබෙනවා.

ගම්පහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එවැනි කර්මාන්ත ශාලාවක් පසුගිය සැප්තැම්බරයේ දී රේගුව විසින් කළ වැටලීමකදී මහා පරිමාණයෙන් එතිල් ඇල්කොහොල් මෙරටට ගෙන්වන බව අනාවරණය කර ගැනීමෙන් පසුව සීල් තැබුවා.

නමුත් එම ව්‍යාජ ආයතන වලට එරෙහිව සිදු කල රේගු පරීක්ෂණ වහාම නවත්වන ලෙස මහා භාණ්ඩාගාර අධ්‍යක්ෂක පී. බී. ජයසුන්දර විසින් නියෝග කර ඇති අතර අනවසරයෙන් එම බලපත්‍ර මත් ද්‍රව්‍ය නිශ්පාදන ආයතන වෙත ලබා දී තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාව විසින් වසර දෙකක් තිස්සේ එතිල් ඇල්කොහොල් මහා පරිමාණයෙන් ආනයනය කොට ඇති අතර වටලන අවස්ථාව වන විට ලීටර 20,000 ක් පමණ එහි තිබුණා. එමඟින් රටේ ආදායමට සිදුවූ පඩුව රුපියල් බිලියනයක් පමණ වන බවයි ගනන් බලා තිබෙන්නේ.

මහා භාණ්ඩාගාර අධ්‍යක්ෂක පී. බී. ජයසුන්දර විසින් කළ පැමිණිල්ලක් අනුව මෙලෙස තොරතුරු වාර්තා කළ "සන්ඩේ ටයිම්ස්" වාර්තා කරුවාගෙන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් දෙදෙනෙකු විසින් කට උත්තර ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වී ඇත්තේ මෙම තොරතුරු ලබා දෙන රේගු නිළධාරියා පිළිබඳව තොරතුරු ලබා ගැනීමයි.

මෙම තොරතුරු ලබා ගත් මූලාශ්‍ර පිළිබඳව අදාල මාධ්‍ය වේදියාගෙන් ප්‍රශ්ණ කර ඇති අතර අපරාධ පරීක්ෂණ නිළධාරීන් පවසා ඇත්තේ තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති නිසා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ද පිළිතුරු දීම ප්‍රතිෂේප කළ බවයි.

මීට පෙර ද රේගු අයභාර කාර්ය බලකාය [Customs’ Revenue Task Force (RTF)] විසින් ආයතන කිහිපයකට පණවා තිබූ තහනම ද මහා භාණ්ඩාගාර අධ්‍යක්ෂක පී. බී. ජයසුන්දර ගේ නියෝග මත ඉවත් කර ඇත්තේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී ද ඔවුන් ගෙන් බදු මුදල් අය කළ බවට පැමිනිළි කිරීම නිසා බවයි එම නිළධාරීන් පැවසුවේ.

Related Posts Plugin for WordPress, Blogger...