රටපුරා දිස්වෙන මේ අද්භූත එළි මොනවාද?

පසුගිය සතියක් තුල හලාවත, දියතලාව, උණවටුන, බද්දේගම, පොළොන්නරුව ප්‍රදේශ වල අහසේ අද්භූත එළි දිස්වී තිබෙනවා.

මීට පෙර ලංකාවේ මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබුනද ඒවා පිළිබඳව වාර්තා එකතුවක් සොයාගැනීමට අපහසුය.

පසුගිය සතියේ සිදුවූ අද්භූත එළි දර්ශනයවීම් වල සංශිප්තයක් පහළින්.

නොවැම්බර් 27- හලාවත, ඉරණවිල (පාන්දර 3.00)
නොවැම්බර් 27- පොළොන්නරුව, කඩවතමඩුව (රාත්‍රී 8.15)
නොවැම්බර් 30- බද්දේගම උනන්විටිය (රාත්‍රී)
නොවැම්බර් 30- බණ්ඩාරවෙල, දියතලාව (පෙරවරු 7.30)
දෙසැම්බර් 01- උණවටුන එබරදුගහ හන්දිය (රාත්‍රි 7.30)


හලාවත ඉරණමඩු සිදුවීම පිළිබඳව ගොසිප්9 වාර්තාව මෙතනින්.

බණ්ඩාරවෙල සිට වැල්ලවාය මාර්ගයේ දියතලාව ප්‍රදේශයේ සිදුවීම පිළිබඳ ගොසිප්9 වාර්තාව මෙතනින්.

පොළොන්නරුවේ දක්නට ලැබුණු අද්භූත එළිය.
පසුගිය පසලොස්වක පොහොය දිනයේ (නොවැම්බර් 27) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කඩවතමඩුව ශ්‍රී බෝධිරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයක් වීඩියෝගත කිරීමට ගිය රූපවාහිනී මාධ්‍යවේදියෙකුට එදින අහසේ දර්ශනය වූ යානයක් වීඩියෝ කිරීමට හැකිවී තිබේ.

රාත්‍රී 8.15 ට පමණ ලා නිල් පැහැයෙන් යුත් පීරිසියක හැඩයගත් එය විනාඩි 6ක කාලයක් ගමන් කරන අයුරින් නොව පැද්දෙන ආකාරය ගමන්කර ඇත. මේ පිළිබඳ පුවත්පත් වාර්තාව මෙතනින්.

උණවටුන ප්‍රදේශයේ දර්ශනය වූ එළි
ගාල්ල උණවටුන එරබදුගහ හන්දිය ප්‍රදේශයේදී දෙසැම්බර් 01 වනදා රාත්‍රි 7.30 ට පමණ නිල්, කහ රතු ආලෝකයක්‌ සහිත මහා අද්භූත බෝලයක්‌ අහසේ සිට පොළවට පාත්වූ බව ප්‍රදේශවාසීහු පවසයි.

එසේ පොළවට පාත් වූ ගිනි බෝලයක්‌ මෙන් ආලෝකය විහිදෙන මෙම අද්භූත ආලෝක ධාරාව, රූමස්‌සල කන්ද පැත්තෙන් ගොස්‌ නොපෙනී ගිය බව පැවැසේ.

මෙම ගිනි බෝලය සහිත ආලෝකය විනාඩි ගණනාවක්‌ පොළවට මඳක්‌ ඉහළින් සැරිසරා ගමන් කර ඇති බව ද අද්භූත ආලෝක ධාරාව විනාඩි පහක්‌ හයක්‌ සැරිසැරූ බවද ගම්වාසීහු පවසති. මේ පිළිබඳව පුවත්පත් වාර්තාව මෙතනින්.

බද්දේගම අහසේ වූ අභිරහස් පාවෙන ආලෝකය
නොවැම්බර් 30 වනදා බද්දේගම උනන්විටිය ප්‍රදේශයේදීද ඊයේ රාත්‍රියේදී අභිරහස් එළියක් ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බව වාර්තාවේ.

එය දැක ඇති ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ පාවී පාවී පැමිණි දම් හා කහ පැහැති එළියක් බවත් එය සෙමින් ගමන් කල බවත් සාමාන්‍ය ශබ්දයක් එයින් නිකුත් වූ බවත් ඔවුන් පවසයි.

වෙනත් රටවල නම් මෙවැනි දේවල් වාර්තා කිරීමට විශේෂ ආයතන හා වගකිවයුතු බලධාරීන් සිටී. නමුත් ලංකාවේ එවැනි ආයතනයක් නැත. වගකිවයුතු බලධාරියෙක්ද නැත.

මෙවැනි සිදුවීමක් වාර්තා වූ විට ලංකාවේ ජනමාධ්‍ය විසින් ඒ පිළිබඳව පළමුවෙන් විමසන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්නගෙනි.

ඒ වෙන කීමට කෙනෙක් නොමැති නිසාය. වගකිවයුතු ආයතනයක් නොමැති නිසාය.

චන්දන ජයරත්න යනු ආතර් සී ක්ලක් මධ්‍යස්ථානයේ ප්‍රධානියාය. එම ආයතනයේ අනෙක් නිළධාරීන් චන්දන ජයරත්න ඉදිරියට දමා මෙවැනි කටයුතුවලදී මඟ හැර යන්නේ ඔහු මීඩියාවලට මුහුන දමාගැනීමේ උන්මාදයකින් පෙළෙන බව ඔවුන් දන්නා නිසාය.

පසුගිය කාලයේ සිදුවූ මෙවැනි සිදුවීම් දෙස බැලීමේදී ඔහු ඒ පිළිබඳව කළ පරීක්ෂණයක් නැත.

බොහෝ සිදුවීම් අවඥාවෙන් ඉවත දමා ඇත. පසුගියදා ඉරණවිල හා හපුතලේ සිදුවීම් පිළිබඳව පෙරේදා ඔහු ලක්බිම පුවත්පතට පවසා තිබුනේ ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට දත්ත නොමැති බවයි.

විෂපෝෂියා සින්ඩ්‍රෝම් නමැති මානසික රෝගයේ අවස්ථාවක් වශයෙන් මෙවැනිදෑ පෙනෙන බවද ඔහු පවසයි.

නමුත් හෙට්ටිපොල හපුතලේ පන්කැටිය දිසා රෝහලේ සේවය කරන ආර්. ප්‍රදීප් විසින් හපුතලේ සිදුවීම වීඩියෝගත කර ඇත. එම බස් රථයේ සියලු දෙනාම එය දැක ඇත.

චන්දන ජයරත්න පවසන පරිදි එම බස් රථයේ රියදුරාගේ පටන් ගමන් කළවුන්ට විෂපෝෂියා සින්ඩ්‍රෝම් නමැති මානසික රොගය වැළඳී ඇත.

ලංකාවේ මෙවැනි සිදුවීම් වාර්තා කිරීමට තැනක් ජනතාව නොදනී. එවැන්නක් සිදුවී දින දෙක තුනකින් පත්තරයක හෝ රූපවාහිනියකින් වාර්තාවන වන සාධක සොයාගැනීම අපහසුය.

සැබෑවටම පිටසක්වල යානයක් පැමිණියද චන්දන ජයරත්න එතැනට යනතෙක් ඔවුන් එය නවතාගන නොසිටියේ නම් ඔහුට ඒ පිළිබඳව සාධක නැත. පිටසක්වල ජීවියෙකු ඔහුගේ මුහුණට පෙනෙනතුරා එවැනි දෑ ඔහුට අනුව මානසික රෝගයකි. කනගාටුදායක කරුණ නම් චන්දන ජයරත්න වැනි පුද්ගලයෝ මෙවැනි අංශ වලට පත්කිරීමය.

තැන් තැන් වල යෑමට වඩා එලෙස පවසා සිටීම ඔහුට පහසුවකි. මෙවැනි සිදුවීමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ප්‍රතිපාදන නැති රටක එය එක් අතකින් සාධාරණය.

තන්තිරිමලේට දකුණු දෙසින් පිහිටි බිල්ලෑව නම් ප්‍රදේශයේ ගුහාවක ඇති ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්වල පිටසක්වල යානා සටහන් වන පුවතක් මීට පෙර ගොසිප්9 ගෙන එන ලදි. නමුත් එවැනි දේවල් පිළිබඳව අවධානය යොමු කිරීමට ලංකාවේ බළධාරින් නොමැත. පසුගියදා පුරාවිද්‍යා කොමසාරිස්වරයාද අසා සිටියේ "කවුද රාම රාවණා යුද්ධ ගැන දන්නේ?" යනුවෙනි.

නමුත් විදේශ රටවල සිදුවන්නේ එවැන්නක් නොවේ.

ඒ පිළිබඳව පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායම් සිටී. ඔවුන් ජනතාවගෙන් කරුණු එක්කරයි. යම් එළියක් කිහිපයක් අහසේ දර්ශනය වූවා නම් එම ආලෝකය පිහිටි ආකාරයට දල සැකිල්ලක් සාදා වායු බැලුන මඟින් රාත්‍රී කාලයේ අහසට යවයි.

ඒවායේ එල්ලූ ලන්තෑරුම් මඟින් ජනතාවගෙන් ආලෝකය පෙනුනු උස සටහන් කරගනී. ඔවුන්ගේ ඇසින් දුටු සාක්ෂි වීඩියෝ ගතකරගනී.

(පිටසක්වල යානා දර්ශනය වීම් පිළිබඳව පරීක්ෂණ පවත්වන හැටි අඩංගු The History රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ UFO Hunters නම් වාර්තා වැඩසටහන් මාලාවේ 1,2,3 කොටස් නැරඹීම සඳහා ටෝරන්ට් ෆයිල් මෙතනින්.)

මෙවැනි සිදුවීමකදී ගුවන් හමුදාපතිවරයාට ඇමතීමක් දී රේඩාර් පද්ධතියට අහුවුණිදැයි විමසයි. රේඩාර් වලට හසුනොවනා යානා මේ වනවිට ඇමරිකාව, චීනය, ඊශ්‍රායලය, ඉරානය සතුවද පවතී.

එවැනි තත්වයක් තුල අපට වඩා අවුරුදු සිය දහස් ගනාක් ඉදිරියෙන් සිටිය හැකි දියුණු ජීවීන් කොට්ඨාශයකගේ යානා රේඩාර් එකට හසුවනතෙක් බලාසිටීම මොන්ටිසෝරි විහිළුවකි.

බ්‍රිතාන්‍යයේ මෙවැනි සිදුවීම් පිළිබඳව පරීක්ෂණ කර ඒ පිළිබඳව වාර්තා ජනතාවට දැනගැනීමට අන්තර්ජාලයට පවා එක් කර ඇත. බ්‍රිතාන්‍ය විසින් නිකුත් කළ
2012 වසරේ වාර්තා මෙතනින්.
2008-2011 දක්වා වාර්තා මෙතනින්.

මීට අමතරව 1994 වසරේ පොළොන්නරුවේ සීවලී විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ගොඩබෑ යානාවක් පිළිබඳව වාර්තා වී තිබෙන බවත්, 2002 වසරේ පොළොන්නරුව ප්‍රදේශයේ අද්භූත යානාවක් වීඩියෝ ගතකර තිබූ බවත් පැවසෙනවා.

එම සිද්ධීන් හා 2006 වසරේ මොනරාගල ප්‍රදේශයේ දක්නට ලැබුණු කුඩා මිනිසුන් පිළිබඳවත් චන්දන ජයරත්න විසින් හෙළිකළ තොරතුරු කිහිපයක් මෙතනින්.

ලංකාවේ මීට පෙර මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වූ නමුත් ඒවායේ සම්පූර්ණ පුවත් එකතුවක් අන්තර්ජාලයේ සොයාගැනීමට නැත. ගොසිප්9 වෙබ් අඩවිය ආරම්භ වූ දා පටන් වූ සිදුවීම් වල ජායාරූප හා වීඩියෝ එකතුවක් පමණක් අප සතුව ඇත.

1993 වසරේ යාපනයේදී දක්නට ලැබුණු ආලෝක එළි පිළිබඳව විදෙස් වෙබ් අඩවියක සටහන් වන්නේ මෙලෙසින්.

1998 වසරේ අප්‍රේල් 30 වනදා බණ්ඩාරවෙල ප්‍රදේශයයට ගොඩබෑ යානාවක් පිළිබඳව සන්ඩේටයිම්ස් පුවත්පතේ පළවී තිබුනේ මෙලෙසින්.

ඉන් පසු 2006 වසරේ ජූලි මස මුලදී හොරණ ප්‍රදේශයේ අහසේ දක්නට ලැබුණු ආලෝකයක් පුද්ගලයෙකු විසින් වීඩියෝගතකර තිබුණා. එම වීඩියෝව සිරස ප්‍රවෘත්ති මඟින් විකශය කළ අතර එහි ජායාරූප විදෙස් වෙබ් අඩවියක පලවී තිබෙන්නේ මෙලෙසින්.

2006 වසරේ ජූලි මාසයේ ගාල්ල නෑබොඩ ප්‍රදේශයේ වගුරු බිමකට පිටසක්වල යානයක් ගොඩ බැස්සූ බවට වාර්තා විය. ඒ පිළිබඳ වාර්තාවක් සොයාගැනීමට නැත

ඉන් සතියකට පසු තනමල්විල ප්‍රදේශයට යානයක් ගොඩබස්සා තිබූ බවත්, එයින් එලියට ආ පුද්ගලයන් පිළිබඳවත් වාර්තා වුණා. ඩේලිමිරර් පුවත්පතේ පලවූ ඒ පිළිබඳව වාර්තාව මෙතනින්. ඒ පිළිබඳව විදෙස් වෙබ් අඩවියක පලවූ ජායාරූප මෙතනින්.

සටහන: සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවේ ගමන් මඟ පිළිබඳව බොහෝ දෙනෙකු අපගෙන් විමසා සිටියා. රොකට්ටුව අභ්‍යාවකාශගතවීම, චන්ද්‍රිකා කක්ෂගත කරන ආකාරය ආදී තාක්ෂණික කරුණු වලින් යුත් ලිපි පෙළක් ඉදිරි දින කිහිපයේදී ඔබ හමුවට ගෙන ඒමට ගොසිප්9 බලාපොරොත්තුවේ.


-සම්බන්ධිත පුවත්-
1. දියතලාව අහසේත් අද්භූත ආලෝකයක්
2. හලාවතට ආ අද්භූත යානය
3. තන්තිරිමලේ බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ විශ්ව සබඳතා
4. අද්භූත වස්තුව බොරුයි කීමට ගොස් එය සනාථකළ රූපවාහිනී කණ්ඩායම
5. පසුගිය දිනවල ලෝ පුරා වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන්
6. වෙසක් පෝදා දිඹුලාගලින් UFO යානාවක් මතුවෙයි!
7. කඩුවෙල අහසේ අභිරහස් ආලෝකයක්
8. මහියංගනයයේ දක්නට ලැබූ අද්භූත වස්තුව
9. හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි
10. පිටසක්වල යානා බ්‍රිතාන්‍යය අහසේ !
11. ලන්ඩන් නුවර අහසේ පියාඹන පිරිසි
12. Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම
13. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
14. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි

Related Posts Plugin for WordPress, Blogger...