ජනප්‍රිය ගායිකා උමාරියාට අතවරයක්
Wednesday, December 5, 2012අප වෙත වාර්තා වන අන්දමට තවමත් වයස 21 වන උමාරියා හට මෙම අතවරය සිදුකොට ඇත්තේ ඒ.බී.සී මාධ්‍යය ජාලයට අයත් සන් එෆ්. එම් ගුවන් විදුලි සේවයේ සේවකයෙකු වන රම්සි ජෙයහුර් විසිනි.
පසුගිය 11 වනදා උමාරියා භාතිය ජයකොඩි සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති හිරු එෆ්. එම් සේවයේ සාකච්චාවකට සහභාගීවීමෙන් අනතුරුව රාත්‍රී 11 ට පමණ භාතිය සමග මෝටර් රථයට ගොඩවීමට පැමිණ ඇත.
එම අවස්ථාවේ උමාරියාගේ කලින් පෙම්වතෙකු වූ රමසි ජෙයහුර් විසින් ඇයට කරදර කොට ඇති අතර ය භාතියගේ මෝටර් රථයට ගොඩවීමට උත්සාහ කල අවස්ථාවේ නැවතත් අතින් ඇද කරදර කොට ඇත.
පසුව මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව රම්සි ජෙයහුර් හට ලබන 14 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අද දින නොතීසියක් නිකුත් කර ඇත . එම සිද්ධිය දුටු අයගේ ප්‍රකාශද මේවනවිට ලබාගනිමින් පවතී.
උමාරියාගේ සොහොයුරිය වන උමාරා සින්හවංශ 2010 වසරේ යුග දිවියට එළඹුණේ ස්වණාභරණ හා මැණික් ව්‍යාපාරිකයෙකු වන රිෆ්කි ෆහ්මි සමගය
-සම්බන්ධිත පුවත්-
උමාරා - රිෆ්කි අතිනත ගත් දා