කොළොන්නාවේ දෙවන යුද්ධය ඇරඹෙයි

කොලොන්නාව ප්‍රදේශය පසුගිය කාලයේ යුධ පිටියක් බවට පත්ව තිබුනේ දුමින්ද සිල්වා හා ජනාධිපති උපදේශක භාරත ප්‍රේමචන්ද්‍ර මහතා අතරත තිබුන සිතල යුද්ධය හේතුවෙනි.

අවසානයේ මෙම යුද්ධය මුහුණට මුහුණ ලා කෙරෙන වෙඩි තැබීමක් දක්වා දුරදිග ගිය අතර භාරත ප්‍රේමචන්ද්‍ර එයට මරණයෙන් වන්දි ගෙවූ අතර මන්ත්‍රී දුමින්ද සිල්වා තමවත් විදෙස්ගතව ප්‍රතිකාර ගනු ලබයි.

කලක් පුරා නිවී තිබුණු මෙම ගැටුමේ ගිනි පුපුරු නැවතත් මතුවුයේ පසුගිය දා දුමින්ද සිල්වාගේ උපන්දිනය යෙදුන දා (03) සිදු කරන ලද බෝධි පුජාවකට සමගාමිව භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියගේ පාර්ශවයෙන් ඇතිවූ විරෝධත්වයක් හේතුවෙනි.


දුමින්ද සිල්වාගේ පියා ඇතුළු සමීප නෑයන් අතුළු පන්සියයක් පමණ පන්සලට පැමිණ පහන් ලක්ෂයක් දැල්වීම එහිදී සිදු කෙරුණා අතර වැල්ලම්පිටිය ගොතටුව හා මුල්ලේරියාව පොලිසිය එහි ආරක්ෂාවට යොදවා තිබුණි. මෙම බෝධි පුජාව පැවැත්වෙන අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇතුළු පිරිසක් ඊට කිලෝ මිටර් දෙකක් පමණ දුරින් වූ කොලොන්නාව මංසන්ධියේ දුමින්ද සිල්වාට එරෙහිව විරෝධතාවයක යෙදුනි.

එම අවස්ථාවේදී දුමින්දට සුව පතා මගදෙපස ප්‍රදර්ශනය කර තිබු කටවුට් කිහිපයක් හිරුනිකාගේ සහයට පැමිණි පිරිස විසින් ගලවා ඇති අතර හිරුනිකාගේ පාර්ශවයට කිසිදු විරෝධතාවයක් එල්ල නොවුවත් 03 වනදා රාත්‍රියේදී හිරුණිකාගේ නිවසට ගල් මුල් හා අසුචි ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙලෙස කොළොන්නාවේ යුද්ධය තවමත් ඇවිලෙද්දී මෙම මස අගදී දුමින්ද සිල්වා නැවත ලංකාවට පැමිණීමට නියමිත බව විශ්වාසවන්ත ආරංචිමාර්ග වලින් දැනගැනීමට ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ අධිකරණයේ අවධානය වෙනතකට යොමුකිරිම සඳහා දුමින්ද සිල්වා සිංගපුරුවේ රෝහලක සිටින බව ප්‍රකාශ කලද ගොසිප් 9 සිදුකල සොයා බැලීමකදී හෙලිවුයේ ඔහු මුල සිටම රැඳීසිට ඇත්තේ ඔස්ට්‍රේලියාවේ බවයි.

මිට පෙරද තතුදත් පාර්ශවයක් මෙම තොරතුර අපවෙත පවසන ලදී. කෙසේ වෙතත් ගොසිප් 9 විසින් ABC මාධ්‍ය ජලයේ හිමිකරු වන රෙනෝ ද සිල්වාගේ ගුවන් ගමන් පිලිබඳ සිදුකල සොයා බැලීමකදී හෙලිවුයේ දුමින්ද සිල්වා විදේශ ගතවීමෙන් අනතුරුව ඔහුද සැම සති අන්තයකම ඔස්ට්‍රේලියාවට යන බවයි. එහෙත් සිංගපුරුවට ඔහු ගමන් කරනු අපට සොයා ගැනීමට නොහැකි විය.

තවද මාධ්‍යට අනාවරණය වීමකින් තොරව සිංගපුරුව වැනි කුඩා රටක රෝහලක් තුල පමණක් දුමින්ද සිල්වා රඳවා සිටිය නොහැකිබව සාමාන්‍ය දැනුම ඇති ඕනෑම කෙනෙකුට අවබෝධවේ.

කෙසේවෙතත් ලබන මාසයේ දුමින්ද සිල්වා නැවත පැමිණෙන විට සුපුරුදු පරිදි සිංගපුරුවේ සිට ලංකාවට පැමිණෙනු ඇත. තවද සිංගපුරු රෝහල විසින් අධිකරණ ක්‍රියාමාර්ග නිමවනතුරු දුමින්ද සිල්වා තාවකාලිකව මතකය අහිමි වීමක් ගැන හෝ මාලක සිල්වාට මෙන් දරුණු කොන්දේ අමාරුවක් වැනි රෝගයක් ඇති බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරනු ඇත.

Related Posts Plugin for WordPress, Blogger...