තවත් සද්ධන්තයෙකුගේ අවසානය
Wednesday, December 5, 2012අලි බැලීමත් බලි බැලීමත් එපා නොවෙන දෙයක් ලෙස සිංහල ගැමියන් ප්‍රකාශ කලද මෙවන් සද්ධන්තයෙක් මෙලස අකාලයේ සුසානයේ වැතිර සිටිනු දැකීම පරිසරයට ලැදී ඕනෑම කෙනෙකුන්ගේ හදවත කම්පා කරවන කරුණකි
මෙම අභාග්‍ය සම්පන්න පුවත පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තාවන අතර මෙලෙස දුම්රියක ගැටීමෙන් එම ස්ථානයේදීම මියගොස් සිටින්නේ ප්‍රසුත කිරීමට අසන්න අලි පැටවෙකුද කුසදරා සිටි කෙනරකි.
පසුව වනජීවී නිලධාරීන් පැමිණ මෙම සත්ත්වයාගේ මරණ පරීක්ෂණය සිදුකරන ලද අතර එහිදී කුස තුල තිබු මෙම වර්ධනය වූ කළලය සොයාගන්නා ලදී. බලධාරීන්ගෙන් මේවැනි මරණ පිළිබඳ විමසන සෑම විටකම පවසනු ලබන්නේ ඔවුන් දැනටමත් මේ සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර ගනිමින් සිටින බවයි.
කෙසේ වෙතත් අප කල සොයාබැලීමකදී හෙලිවුයේ මෙම ගැටීම් අවමකිරීම සඳහා පියවර ලෙස අලින් ගැවසෙන ප්‍රදේශ වල ගමන් කරන දුම්රිය සඳහා වේග සිමා පැනවීම, අලි ගැවසෙන ප්‍රදේශ තුලින් දුම්රිය ගමන් කිරීමේදී වනජීවී දෙපාර්තමේන්තු වේ නිලධාරියෙකු එන්ජිමෙහි ගමන්කිරීම වැනි පියවර ගෙන ඇති බවයි.
කෙතරම් පියවර, යෝජනා පැවතියද මෙලෙස අලින් දුම්රියන්හි ගැටී සිදුවන අනතුරු වල අඩුවක් වී නොමැත.
අප මෙ සම්බන්ධයෙන් විමසුවිට නම හෙළිකිරීමට අකමැතිවූ වනජීවී දෙපාර්තමේන්වේ එක් නිලධාරියෙකු ප්‍රකාශ කලේ ඉහලින් කෙතරම් යෝජනා, නියෝග, නීති ගෙන ආවද වචන හැරුණු කොට එම නියෝග ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් සම්පත් හෝ පිරිස් බලය නොසපයන බවයි.
තවද ඔවුන් හෙළිකර සිටියේ වනජීවී දෙපාර්තමේන්වේ බොහොමයක් පිරිස් වැටුප් ගැටළු, සේවා ස්ථිර නොවීම වැනි කරුණු මත දැඩි කලකිරීමෙන් සිටින බවයි.
රේස් පැදීමට පාරවල් වලට වැලි කොට්ට ඇදීමට නාවුක හමුදා සෙබළුන් දහස් ගණනින් යොදවනවාසේම පක්ෂ සමුළුවල ආරක්ෂාවට පොලිස් නිල සුනඛයින් දහස් ගණනින් යොදවනවාසේම මෙම සත්වයින් ආරක්ෂා කරගැනීමට ප්‍රමාණවත් පිරිස් බලය සහ සම්පත් සපයාදීමට කටයුතු කරනමෙන් සියලුම බලධාරීන්ගෙන් ගොසිප් 9 අපි ඉල්ලා සිටිමු.
-ගොසිප් 9 විමර්ශණ -
පසුගිය වසර 12 තුල අලින් 1,464ක් මියගොස් ඇති අතර එය සමාන්‍යයෙන් දින 3කට එක අලියෙකු බැගිනි. මේ ආකාරයට අපේ අලි පරම්පරාව දින 3 කට එක් අලියෙකු බැගින් මියයාමට ඉඩ දුනහොත් අලි 3,000ක් විනාශවීමට දින කීයක් ගතවේදැයි සිතාගත හැකිය. මේ පිළිබඳව පලවූ ලිපියක් මෙතනින්.

චායාරූප ස්තුතිය CP Wild Lanka