අද්භූත ආලෝක පිළිබඳ විද්වතුන්ගේ මතය
Friday, December 7, 2012මීට පෙර ලිපියෙන් අප කියා සිටියේ සැබෑවටම පිටසක්වල යානයක් පැමිණියද චන්දන ජයරත්න එතැනට යනතෙක් ඔවුන් එය නවතාගන නොසිටියේ නම් ඔහුට ඒ පිළිබඳව සාධක නොමැති බවයි.
අප කියූ ආකාරයටම අද දිනයේ පුවත්පතකට චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර තිබෙන්නේ එම යානා "මේ වනවිට අහසේ රැඳි නොමැති බැවින්" එම වාර්තා තහවුරු කරගැනීමට නොහැකි බවයි.
මේ අතර ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සරත් ගුණසේන මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ නාසා ආයතනය විසින් පිටසක්වල ජීවීන්ගේ පැමිණීමක් පිළිබඳව තහවුරු කර නොමැති නිසාත් වෙනත් ග්රහලෝකයකින් රේඩියෝ තරංගයක් මෙතෙක් ලැබී නොමැති නිසාත් පසුගිය දිනවල දර්ශනය වූයේ පිටසක්වල යානා නොවන බවයි.
ඔවුන් දෙදෙනාගේ අදහස් සහිත එම වාර්තාවන් දෙක මෙතනින්.
පසුගියදා දින දහය තුළ ලංකාව පුරා දක්නට ලැබුණු අදභූත් එළි 6 ට අමතරව තවත් එළියක් හෝ දෙකක් පිළිබඳව අද පුවත්පත් දෙකක් විසින් වාර්තා කර තිබෙනවා.
අම්බලන්තොට අහසේත් අද්භූත ආලෝකයක්
පෙරේදා (05) රාත්‍රී 7.00ට පමණ අම්බලන්තොට බෝලාන ප්‍රදේශයේද විශාල ආලෝකයක් සහිත අද්භූත වස්තුවක් පෙනුණු බව ප්‍රදේශවාසීන් පවසනවා.
අම්බලන්තොට බෝලාන ප්‍රදේශයේ උච්ජාවලික රජමහා විහාරයේ බෝධිපූජාවක නිරතවී සිටි පිරිසක් මෙය දැක තිබෙන අතර එය දුටු අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරිනියක පවසන්නේ මෙලෙසින්.
"පන්සලේ බෝධිපූජාවක නිරතවෙමින් ඉද්දී එක පාරටම අහසේ සිට නිල් පාට ආලෝකයක් සහිත වස්තුවක් අප දෙසට එන්න එන්නම ලං වුණා. එම වස්තුව රවුම් පැහැති වන අතර ක්ෂණයකින් යලිත් අහසේ ඈතටම පිටත් වුණා."
මේ පිළිබඳව ආතල් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සරත් ගුණසේකර මහතා පවසා ඇත්තේ මෙවැන්නක්.
"මෙය කිසිසේත්ම පිටසක්වල යානාවක් නොවන්නක් වුවත් විද්‍යාවට හසු නොවන අහඹු සිදුවීමක් විය හැකියි. මේ දින කිහිපයේ සිදුවූ ආලෝක පිළිබඳව නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි අතර මෙවන් යමක් දුටුවිට කෙසේ හෝ තමාගේ ජංගම දුරකථනය මඟින් හෝ වීඩියෝ ගතකර අදාල ස්ථාන වෙත යොමුකිරීමෙන් කිසියම් හෝඩුවාවක් ලබාගන්න පුළුවන්".
එම පුවත්පත් වාර්තාව මෙතනින්.
තවත් මෙවන් සිදුවීමක් දිණමින පුවත්පත්ද අනාවරණය කර ඇති නමුත් එය කොහේ සිදුවුණු දැයි අගක් මුලක් නැත. එම වාර්තාව මෙතනින්.
-------------------------------------------------------------------------------
පසුගිය දිනවල ලංකාවේ අහසේ දක්නට ලැබුණු ආලෝකයන් පිළිබඳව හිරු, සිරස, ස්වර්ණවාහිනී නාලිකා විසින් ඊයේ ප්‍රචාරය කළා.
හිරු වීඩියෝවේදී බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවන්නේ මෙවැන්නක්
"මේවා පිටසක්වල යානා ලෙසට හඳුනාගතහැකි සාක්ෂියක් ලෙසට මම මේ දර්ශන දකින්නේ නෑ. මට මේ වීඩියෝ දර්ශන වලින් පේන හැටියට මේවා ධූමකේතු හෝ උල්කාෂ්ම වෙන්නට පුලුවන්.
ඒවා විවිධ ආනති ඔස්සේ පැමිනෙන නිසා දීර්ඝ වෙලාවක් චලනය වන බවත් අහසේ රැඳී තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා.
දිනකට ලක්ෂ ගණනක් උල්කා කොටස් වායුගෝලයට ඇතුළු වෙනවා. මෙරට විවිධ ප්‍රදේශ වලින් දුටු දීප්තිමත් එළි අද්භූත යානා වීම කෙසේ වෙතත් ඒවා පසුගියදා ඇදහැලුනු රතු වැස්සට සම්බන්ධ විය හැකියි.
මෙතන තියන මට උනන්දුව දැක්විය හැකි එකම කරුණ නම් මේ වගේ වස්තු දර්ශය වීමක් සිදුවන අතරතුර රතු වැස්සේ අත්දැකීමත් මෙරටට ලැබීම. ඒක 2001 වසරේ ඉන්දියාවේ කේරලයට ලැබුණු අත්දැකීමට සමානයි. හැමදාම මගේ තර්කය වුනෙත් ඒකයි.
මෙවැනි විවිධ උල්කාෂ්ම කොටස් සමඟ ඇල්ගී, නැත්නම් ක්ෂුද්රජීවීන් උල්කාෂ්මයේ ගින්නෙන් විනාශවීමත් සමඟම වළාවන්ට එක් වෙනවා. ඒ එක්කමත් තමයි ඇදහැලෙන වර්ෂාව රතු වර්ණයක් ගන්නේ. බැලූ බැල්මටම මේ දෙක අතර සම්බන්ධය උනන්දුව දනවන සුලුයි."
මීට පෙර රතු වැස්ස ගැන උල්කාපාත වල සිට එන ඇල්ගී නිසා රතු පැහැයක් ගන්නා බවට මතයක් පල කල ඔහු තමාගේ එම මතය ඔප්පු කිරීමට පසුගියදා දර්ශනය වූ ආලෝක යොදාගන්නේ එලෙසිනි.
පෙරේදා වැල්ලවාය ප්‍රදේශයේ දක්නට ලැබුණු ආලෝකය පැය දෙකක් පමණ දර්ශනයවී ඇති අතර චන්ද්‍රා වික්‍රමසිංහ පවසන පරිදි එය උල්කාෂ්මයක් නම් පැය දෙකක් දර්ශනය වූයේ කෙසේදැයි යන්න ගැටළුවකි. මන්ද යත් උල්කාවක් පෘතුවියේ ගුරුත්වාකර්ෂණයට හසුවූ විට එය පොළොවට ලඟාවීමට ගතවන්නේ විනාඩි ගණනක් නිසාය.
එම වීඩියෝව පහතින්.
ස්වර්ණවාහිනී වීඩියෝවෙන් අදහස් දැක්වුවේ මහාචාර්ය චන්දන ජයරත්නයි. ඔහු පැවසුවේ මෙලෙසින්.
"නිගමනයකට එන්න බෑ කෙනෙක් දැක්ක නිසා හෝ ජායාරූපගත කල නිසා. වෙන්න පුලුවන් දේ තමයි අහසේ තියන ග්‍රහලෝක කිහිපයක් දකින එක. චන්ද්රිකවකට හෝ කාලගුණ බැලුනයකට එළිය වැටුනහාත් මේ වගේ දෙයක් වෙන්න පුලුවන්.
මිනිස්සු දකින මේ වගේ දේවල් ගැන හොයලා බලන්න හරිහමන් වැඩ පිලිවෙලක් තියනවද?
"රජයේ අනුග්‍රහය තියන ආයතනයක් නැහැ. ඉතින් අපේ පුද්ගලික මට්ටමෙන් SLUFORA (Sri Lanka Unidentified Flying Objects Research Association) කියලා එකකින් ජාත්‍යන්තරයට වාර්තා කරනවා. ඇත්තටම දත්ත එක් රැස් කිරීම තමයි කරන්නේ."
එම වීඩියෝව පහතින්.
සිරස විසින් ඔවුන්ගේ වීඩියෝව විකාශය කළේ ජනතාව බය කිරීමට පසුබිමෙන් බෙලෙක් හඬක් ඇසෙන ලෙසය. එම බෙලෙක් හඬ නිසා කිසිවෙක් කියන කිසිවක් ඇසෙන්නේ නැත.
අමාරුවෙන් හෝ අසාගත්තොත් එය මෙසේය. මේ පිළිබඳව විමසූ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මහතා පවසන්නේ මෙවැන්නක්.
"ස්වාභාවික වුනත් අපි බොහෝ දෙනෙක් හරිහැටි නොදන්නාකම නිසා ස්වාභාවික දේවල් අද්භූත ලෙස වරදවා වටහාගන කලබල වෙනවා."
(පසුබිමෙන් මීට පෙර අප විසින් හෙළිකල පරිදි 2011 ජනවාරි 12 දින දිවයින පුවත්පතේ 14 පිටුවේ පලවූ බොරු ප්‍රවෘත්තියක් පෙන්වයි)
මීට මාස 5කට පෙර ඇමරිකානු තාරකා විද්‍යාඥ සාරා සීගර් ගෙන් සිරස විමසූ කරුණකට ඇය දුන් පිළිතුර මෙසේය.
"මගේ පෞද්ගලික මතය මේ විශ්වයේ තවත් ජීවයක් තියනවා මොකද ජීවයක් පවතින්න තියන අවස්ථා බොහොමයි. බිලියන සිය ගනනක් තාරකා තියනවා. එයින් එක තරුවකටවත් අඩුම ගානේ එක ග්රහලෝකයක්වත් තියනවා. ඒ වාගේම මන්දාකිණි සියයක්වත් තියනවා. ඒවායේ ජීවය ලඟින් හෝ දුරින් පිහිටන්න පුලුවන් කියන එක ප්‍රශ්නයක් තියනවා."
එම වීඩියෝව පහතින්.
කෙසේවුවද සියල්ලෝම තම තමගේ මතය ප්‍රකාශ කරමින් සිටිනවා විනා මේවා පිළිබඳව කළ පරීක්ෂණයක් නැත.
ලංකාවේදී ඔබ දුටු යම් අද්භූත වස්තුවක් පිළිබඳව මෙම ෆේස්බුක් පිටුවට වාර්තා කරන්න.
https://www.facebook.com/UFOSriLanka

සටහන: පසුගියදා කක්ෂගතවූ සුප්‍රිම්සැට් චන්ද්‍රිකාව තවමත් නියමිත කක්ෂයට පැමිණ නැතිවීම පිළිබඳව බොහෝ දෙනෙකු අපගෙන් විමසා සිටියා.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව අභ්යාවකාශතවූ ආකාරය, චන්ද්‍රිකාවක් කක්ෂගත කරන ආකාරය, චන්ද්‍රිකාව පාලනය කරන ආකාරය, ආදිය පිළිබඳව තාක්ෂණික ලිපි පෙලක් සඳුදා සිට බලාපොරොත්තුවන්න.

-සම්බන්ධිත පුවත්-
1. ඊයේ රාත්‍රී වැල්ලවාය ප්‍රදේශයේ දක්නට ලැබුණු අද්භූත ආලෝකය
2. රටපුරා දිස්වෙන මේ අද්භූත එළි මොනවාද?
3. දියතලාව අහසේත් අද්භූත ආලෝකයක්
4. හලාවතට ආ අද්භූත යානය
5. තන්තිරිමලේ බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ විශ්ව සබඳතා
6. අද්භූත වස්තුව බොරුයි කීමට ගොස් එය සනාථකළ රූපවාහිනී කණ්ඩායම
7. පසුගිය දිනවල ලෝ පුරා වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන්
8. වෙසක් පෝදා දිඹුලාගලින් UFO යානාවක් මතුවෙයි!
9. කඩුවෙල අහසේ අභිරහස් ආලෝකයක්
10. මහියංගනයයේ දක්නට ලැබූ අද්භූත වස්තුව
11. හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි
12. පිටසක්වල යානා බ්‍රිතාන්‍යය අහසේ !
13. ලන්ඩන් නුවර අහසේ පියාඹන පිරිසි
14. Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම
15. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
16. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි