අර්ජුනට ක්‍රීඩා ඇමැතිකමට හිත ගිහින් ?
Friday, December 7, 2012
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නගාලීම පිණිස සිදුවිය යුතු වෙනස් කම් මොනවාද යන්න පිලිබඳ අන්තර්ජාතික ක්‍රිකට් සමුළුවේ හිටපු ප්‍රධාන විධායක හරූන් ලොගාට් කල සමීක්ෂණය අර්ජුන රණතුංග මහතා මගහැරියේ දේශපාලනික උපක්‍රමයක් නිසා බව වාර්තාවෙයි.
දිගින් දිගටම රාජපක්ෂ ආණ්ඩුවෙන් කෙරෙන කැඳවීම් අරභයා සුබවාදී පිළිතුරු දැක්වීමක් වශයෙන් මෙය සැලකිය හැකිව ඇතැයි තතුදත් ආරංචි මාර්ග සඳහන් කළේය.
හරූන් ලොගාට් මහතා සති කිහිපයක කාලයක් මෙරට සංචාරය කරමින් පුද්ගලයන් හතලිස් දෙනෙකු හා පැවැත්වූ සාකච්ජා මාලාවකින් අනතුරුව සකස්කොට තිබු වාර්තාවේ දේශීය ක්‍රිකට් අවගමනයට හේතුවන කාරණාවන් 9ක් පිළිබඳව සඳහන් කර තිබිණි.
එකී වාර්තා සකස් කිරීම පිණිස මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තම චරිතය ලෙස සැලකෙන අර්ජුන රණතුංගයන් මුණගැසීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කර තිබු නමුත් එය ව්‍යර්ථ වූ බව ඔහු සඳහන් කර තිබුණි. ඒ මේ වනවිටත් සරත් ෆොන්සේකා මහතා පිහිටුවීමට යන පක්ෂයෙන් දුරස්ව සිටින ඔහු ඉදිරියේදී ආණ්ඩුව සමග ඒකාබද්ධ වීමට දේශපාලන තීන්දුවක් ගැනීමට බොහෝදුරට ඉඩතිබීම ක්‍රිකට් අවනතිය සම්බන්ධ අර්ථ දැක්වීම මගහැරීමට හේතු වී ඇතැයි පැවසෙයි.
ඔහු ආණ්ඩුව සමග ඒකාබද්ධ වීමේදී ක්‍රීඩා ලොගොට් මගහැරීමට හේතු වී ඇතැයි එකී ආරංචිමාර්ග සඳහන් කළේය. මෙකී ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පුවත්පතක් රණතුංග මන්ත්‍රීවරයාගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කර තිබුනේ 'මට ඔය වගේ කතා පිලිබඳ දෙන්න වෙලාවක් නෑ. නමුත් ලොගොට්ගේ වාර්තාව සම්බන්ධයෙන් මගේ අදහස ඉදිරි සතියේදී ඔබට කියන්නම්' යනුවෙනි.
කෙසේ නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ අවස්ථා දෙකකදී අර්ජුන රණතුංග මහතා ආණ්ඩුපක්ෂයට එක කරගැනීම සඳහා සාකච්ජා කල බවය. කෙසේ නමුත් රණතුංගයන් අදාළ ආරාධනාව බාරගැනීමට නම් ආණ්ඩු පක්ෂයෙන් ඉටුවියයුතු යුතුකම් මාලාවක් ඉදිරිපත් කොට ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එකී යුතුකම් මාලාව අතරින් තමන්ට ක්‍රීඩා විෂයභාර වගකීමක් පැවරිය යුතු බවත් එකී වගකීම් දැරීමේදී කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් සිදු නොකළයුතු බවත් ඔහු විසින් ඉල්ලා තිබීම විශේෂ කාරණාවක් ලෙස සැලකෙයි .