කුලී වැඩ කර ලංකාවට උදව් කරනා ස්වීඩන් ශිෂ්‍යාව
Friday, December 7, 2012ස්වීඩනයේ නිවෙස්වල "කුලී වැඩ" කර උපයන මුදලින් ලංකාවේ දුප්පත් පාසල්වලට සහ විවිධ අවශ්‍යතා ඇති අයට උපකාර කරන ස්වීඩන් ශිෂ්‍යාවක් පිළිබඳව පසුගිය සතියේ තොරතුරු අනාවරණය විණි.
ඇය ජෙස්මින් ඇන්ඩ්රස්ට්රොම්ය (Jasmin Anderstom) "මගේ ජීවිතයේ ලොකුම සතුට ලබන්නේ අනුන්ට උපකාර කිරීමෙන්" ඇය පවසයි. ජෙස්මින් තවමත් 17 වියැති පාසල් ශිෂ්‍යාවක්.
ස්වීඩනයේ ක්ලිප්පන්ස් (Klippans) නගරයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන ඇය පාසල් නිවාඩු කාල වලදී කිහිප වතාවක්ම ලංකාවට පැමිණ තිබේ. ඒ අවස්ථා වලදී උපකාර කලයුතු ඇය පිලිබඳ ස්වයං අධ්‍යනයක යෙදී ඇත.
අනතුරුව ශ්‍රී ලංකාවට උදව් කලයුතු බවට ව්‍යාපෘති වාර්තාවක් සකස් කර සිය පාසලට ඉදිරිපත් කර තිබේ. ඇය එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ජනයා පිළබඳව හා දුෂ්කර පාසල් වල සිසුන් අවම පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන ආකාරයයි.
"අප ඉපදී ඇත්තේ අන්‍යන්ට උදාව් කිරීමට" යි යන සංකල්පය කුඩා අවධියේ සිට හදවතට ඇතුළු කර තිබීම නිසා ජේස්මින්ගේ Helping Hands නම් ව්‍යාපෘතියට පාසලේ අනුමැතිය හිමිව ඇත.
සෑම වසරකදීම පාසල් සිසුන් මෙවැනි ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කලත් බොහෝ අවස්ථා වල අනුමැතිය හිමිව ඇත්තේ අප්‍රිකානු රටවලටය.
ජෙස්මින් ඉදිරිපත් කල ව්‍යාපෘති වාර්තාවට අනුමැතිය ලැබීමත් සමග ප්‍රථම වතාවට ආසියානු රටකට උපකාර කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිව ඇත.
නමුත් ඉදිරිපත් කල ව්‍යාපෘතියට අනුමැතිය හිමිවීමත් සමග ඒ සඳහා මුදල් සොයා ගැනීමට ඇයට අභියෝගයකි.
ඒ සඳහා ඇයත් ඇයගේ යෙහෙලියනුත් නිවෙස් ශුද්ධ පවිත්‍ර කිරීම, දර පැලීම, කෑම ඉවීම, පුස්තකාල පිරිසිදු කිරීම ආදී නොයෙකුත් වැඩ වල යෙදුනාය ඇයගේ සත්කාරක සේවාව පිළිබඳව එරට මාධ්‍යයෙන් ප්‍රචාරය වීමත් සමග විවිධ ආයතන ශ්‍රී ලංකාවට උදව් කිරීමට කියමින් මුදල් පරිත්‍යාග කර තිබේ.
ජේස්මින්ගේ පියා ස්වීඩනයේ ප්‍රසිද්ධ කළාකරුවෙකි. ඇයගේ මව ස්වීඩන් ජාතිකයෙකු වුව ස්වීඩනයේ පුරවැසි ශ්‍රී ලාංකීය සම්භවයකින් යුතු කාන්තාවක් වීමද විශේෂත්වයකි. මේ ආකාරයෙන් සොයා සොයාගන්නා ලද මුදල් ද රැගෙන ඇගේ මව කුසුම් (Kusum Anderstom) ඇගේ යෙහෙලියන් වන එලන් (Ellen) හා සොයුරිය (Laila) ඇතුළු පිරිසකුත් ලංකාවට පැමිණෙන අතර ඔවුන්ගේ ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීමට Mats Westling නම් පාසල් ගුරුවරයෙක් ද ඔවුන් සමග පැමිණ ඇත.
මේ අනුව නවගමුව සිරි සුමනතිස්ස ප්‍රථමික විදුහලට පරිගණකයක් රුපියල් දස දහසක පුස්තකාල පොත් හා සිංහල, ඉංග්‍රීසි ශබ්දකෝෂ පරිත්‍යාග කල අතර නවගමුව පිලිප් තිලකවර්ධන මහා විදුහලට රුපියල් පනස් දහසක වටිනා පුස්තකාල පොත් හා සිංහල, ඉංගීසි ශබ්දකෝෂ පරිත්‍යාග කෙරිණි.
පල්ලෙබැද්ද මුත්තෙට්ටුපොල ශ්‍රී සුදර්ශනාරාමයෙදී එම ප්‍රදේශයේ ගැබිණි මවුවරු 35කට මදුරුදැල්ද දෙකටන නාමුළුව පුරාණ විහාරස්ථ ශ්‍රී ධම්මාධාර දහම් පාසලේ දරුවන්ට පාසල් උපකරණ ද ඔවුන් විසින් පරිත්‍යාග කර තිබේ.
එසේම අනුරාධපුර ප්‍රදේශයේ සිටින යුද්ධයෙන් පාද අහිමි වූ රණවිරුවන් පහළොවකට කෘතීම පාද හා රෝද පුටු 8ක් ද, තන්තිරිමලේ ප්‍රදේශ වාසීන්ට මදුරුදැල්ද එහි දරුවන්ට පොත්පත් ද ඔවුන් විසින් ලබා දී තිබේ.
එතෙකින් නොනැවතුණු ජෙස්මින් තමන් සොයාගත් ඉතිරි මුදල් යොදවා කුලියාපිටිය හොරතපොල විදුහලට පුස්තකාල පොත්, තල්ගහපොත්ත විදුහල් සිසුන්ට පාසල් උපකරණ, මාරවිල විරහෙන ප්‍රජා ශාලාවට පරිගණක යන්ත්‍ර 2ක් ද, හෝමාගම ප්‍රදේශයේ පාසල් කිහිපයකට ශබ්දකෝෂ බෙදාදීමද සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘතිය අවසානයේ අදහස් දැක්වූ ජෙස්මින් ඇන්ඩ්රස්ට්රොම්ය පැවසුවේ "මම ශ්‍රී ලංකාවට ගොඩාක් කැමතියි. ඒ නිසා තමයි මගේ ව්‍යාපෘතිය සඳහා මේ රට තෝරා ගත්තේ අද මම උදව් කළා වගේම මගෙන් උදව් ගන්න අයත් හැකි තරම් අනෙක් යටත් උදව් කරනවා නම් මට සතුටුයි.
ඉදිරියේදීත් මේ විදිහට උදව් කරන්න වෙනව. ඇය ගුවන් නියමුවරියක් වීමේ අපේක්ෂාවෙන් පසුවන්නීය. ඇගේ වයසට සරිලනවාටත් වඩා ඉටු කල ඇගේ එම අපේක්ෂාවන් වේවායි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු
- රන්මලී සෝමසිරි ගේ ලිපියක් ඇසුරිනි