ගම්පහ හා හම්බන්තොටත් අද්භූත එළි

දැනට අද්භූත එළි වාර්තා ගණන 13කට වැඩියි

දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වීම් පිළිබඳ ලිපි කිහිපයක් මීට පෙර ගොසිප්9 ඔබ වෙත ගෙන ආවා.

පසුගිය දින දෙකේද තවත් අද්භූත ආලෝකයන් රට පුරා දිස්වී තිබෙන අතර ඒවා පිළිබඳ විද්වතුන් විසින් තමන් දන්නා ප්‍රමාණයට පමණක් හිරවී අන්ධයන් රැලක් අලියෙකුගේ හැඩය කියන්නාක් මෙන් එක එක බේගල් ඇදබාමින් සිටිනවා විනා මේවා පිළිබඳ කරන පරීක්ෂාවක් නැති බවයි පෙනී යන්නේ.


ගම්පහ අහසේ දිස්වූ ආලෝකය

ඊයේ (11) උදෑසන 6.30-7.00 අතර ගම්පහ ඉහලයාගොඩ අහසේ ද විශාල ආලෝකයක් දිස්වූ බව ප්‍රදේශවාසී පවසනවා. පැයක් පමණ දිස්වී ඇති මෙම ආලෝකය පිළිබඳව එස්. පෙරේරා පවසන්නේ මෙවැන්නක්.

"ඉර තියෙන්න ඕනේ ඒ වෙලාවේ පහලින්. ඒත් වස්තුව තිබුනේ ඉහළ අහසේ බෝලයක් වගේ, හඳ වෙන්න බෑ. පසුව දීප්තියක් ආවා. සෙලවෙනවා වගේ පෙනුණා." ඒ පිළිබඳ පුවත්පත් වාර්තා මෙතනින් හා මෙතනින්.

එම ආලෝකය පිළිබඳව තවත් කිහිප දෙනෙක් අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

"විශාල ආලෝකයක් තත්පර ගානක් කැරකි කැරකි තිබුණා."

"වස්තුවක් විදිහට තිබ්බා. ඒක වටේ ආලෝකය තිබා. ඒක ඊට පස්සේ නැතිවෙලා ගියා. ඉර ඒ වෙලාවේ නැඟලා තිබුනේ නෑ."

එම වීඩියෝව පහතින්.



හම්බන්තොට අහසේ දිස්වූ ආලෝකය

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ අහසේ ඊයේ (11) සූර්යයා ආසන්නයේ තවත් දීප්තිමත් ආලෝක වස්තුවක් දිස්වූ බව හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව පවසනවා.

හම්බන්තොට මිරිජ්ජවිල අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් සිය ජංගම දුරකථනය මගින් එම දර්ශනය ඡායාරූප ගත කර තිබූනේ මෙලෙසින්. ඒ පිළිබඳ පුවත්පත් වාර්තාව මෙතනින්.

පසුගියදා අම්බලන්තොට අහසේ දිස්වූ ආලෝකයේ සිරස වීඩියෝව පහතින්



පසුගිය දින වල තණමල්විල ප්‍රදේශයේ දිස්වූ අද්භූත ආලෝකය නැවතත් 2012 දෙසැම්බර් 10 වනදා රාත්‍රී 8.30 ට පමණ දිස්වී තිබෙනවා. එම වීඩියෝව පහතින්



පසුගියදා තණමල්විල අහසේ දිස්වූ ආලෝකය පිළිබඳව පුද්ගලයෙකු අදහස් පළ කර තිබුනේ මෙලෙසින්

"ෆෝකස් කරන්න පුළුවන් කැමරා එකකින් අපි ඒක දිහා බලපුවහම මේකේ එක අවස්ථාවක අධි දීප්ත වස්තුවක් විදිහටත් අනෙක් අවස්ථාවේදී පියලි දෙකක් සහිත යානයක ආකාරයටත් පෙනෙනවා. නමුත් වගකිවයුතු කිසිම අංශයකින් මෙය කුමක්ද යානාවක්ද යන වග මේ වනතුරු ජනතාවට පැහැදිලි කරලා නෑ."

කැමරා කාච වල වෙනස නිසා හැදෙන දෘෂ්ඨි විකෘත්ති තමයි මේ- ඉන්ද්‍රනාත තේනුවර

මේ පිළිබඳව ප්‍රවීන ජායාරූප ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතා පවසන්නේ මෙවැන්නක්

"පලමුවෙන්ම කියන්න ඕනේ මම පර්යේෂකයෙක් වත් විද්‍යාඥයෙක් වත් නෙවෙයි. මම ජායාරූප ශිල්පියෙක්. මම අවුරුදු 35ක වගේ අත්දැකීම් තියනවා. කාච වල ක්‍රියාකාරීත්වය පිළිබඳ මට ලොකු අවබෝධයක් තියනවා.

ඇත්තටම බොහෝ වේලාවට තියෙන්නේ දේවතා එළි දැක්කා කියලා පෙන්වන පින්තූර වල බහුතරයක් අරන් තියෙන්නේ පුංචි කැමරා වලින්. ඒ පින්තූරම ලොකු කැමරාවකින් ගත්තම එහෙම පේන්නේ නෑ.

අනිත් එක තමයි වීඩියෝ කැමරාවෙදී ඒක අපිට ගැහෙනවා පෙනෙනවා. ඒ ගැහෙන එක වලක්වන්න පුංචි "අවුට් ඔෆ් ෆෝකස්" එකක් තියනවා. මේ බොඳවීමත් එක්ක මේවා අපිට අමුතු රූප විදිහට පේනවා.

මම අද මේ වීඩියෝ 3 ම බැලුවා. වීඩියෝ තුනේම යම් යම් ආලෝක සටහන් වී ඇති බවක් පෙනුනා. එතකොට මේ තියන ආලෝක ලපය කාච වල වෙනස නිසා ඒවල හැදෙන දෘෂ්ඨි විකෘත්ති තමයි අපිට මේ රූප හැටියට පේන්නේ.
"

එම වීඩියෝව පහතින්.



මෙම දර්ශන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා අංශයට වීඩියෝ බාරදීමට ස්වර්ණවාහිනිය ගොස් ඇති අතර ඔවුන්ව එම අංශයේ දොරෙන් ඇතුලටවත් නොගෙන අධ්‍යයනය කරලා කියන්නම් ලෙස පවසා නිළධාරීන් මඟහැර ගොස් තිබුණා.

මේ පේන්නේ වල්ගාතරුවකින් කැඩී ගිය කොටස්- මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ

මේ අතර බකිංහැම් ජීව විද්‍යා මධ්‍යස්ථාන කේන්ද්‍රයේ විද්‍යාජෝති මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ පේන්නේ වල්ගාතරුවකින් කැඩී ගිය කොටස් බවයි.

"පිටසක්වලින් පැමිණෙන යානා ලෙස පෙනෙන්නේත් අද්භූත ආලෝක වස්තු ලෙස පෙනෙන්නේ වල්ගාතරුවකින් කැඩී පෘතුවියට පතිත වන කොටස් විය හැකියි.

අභ්‍යාවකාශයෙ පැයට සැතපුම් විසිපන්දහසක වේගයෙන් ගැටීමට ලක්වන වල්ගාතරු වලින් කැඩී එන කොටස් වායුගෝලය හරහා පෘතුවියට පතිතවෙද්දී දැවී පිලිස්සීයෑම ස්වාභාවිකයි.

එසේ පිළිස්සෙමෙන් ඇද වැටෙන මීටර් 10 ක් පමණ විශාලැති කැබලි පෘතුවිවාසීන්ට පෙනෙන්නේ තාරකා කඩාවැටීමක් ලෙසින්
"

හඳුනා නොගත් ආලෝකය බ්‍රහස්පතිගේ- චන්දන ජයරත්න

බොහෝ දෙනාට මේ දිනවල අහසේ පෙනෙන බ්‍රහස්පති ග්‍රහලෝකයෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරාවන් බව චන්දන ජයරත්න මහතා පවසනවා.

මේ දිනවල බ්‍රහස්පති ග්‍රහලෝකය පෘථිවියට ඉතාම ආසන්නයෙන් ගමන් කරන බැවින් එය විශාලව දර්ශනය වන බවත් මීට අමතරව තවමත් හඳුනා නොගත් ආලෝක ධාරාවන් කිහිපයක් පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් ඔහු පවසනවා.

ඒ පිළිබඳ වාර්තාව මෙතනින්.


පොළොවට කඩා වැටෙන වස්තු විනාශ කිරීමට ගුවන් හමුදාවට බැහැ - වින්ග් කමාන්ඩර්

පොළොවට කඩා වැටෙන උල්කාපාත හෝ වෙනත් වස්තුවක් විනාශ කිරීමට හෝ නිරීක්ෂණය කිරීමට ගුවන් හමුදාවට නොහැකි බවත්, අනවසරයෙන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් අවකාශයට ඇතුළුවේ නම් ඒ පිළිබඳව රේඩාර් ඔස්සේ අධ්‍යයනය කොට වහා ක්‍රියාත්මක විය හැකි බව ගුවන් හමුදා ප්‍රකාශක වින්ග් කමාඩර් ෂිරාස් ජල්ඩීන් පවසනවා.

මේ පිළිබඳව ඔහු පවසන්නේ මෙවැන්නක්.

"පසුගිය දවස් වල ඇතැම් ප්‍රදේශ වල විවිධ එළි නිරීක්ෂනය වීම් සම්බන්ධයෙන් ගුවන් හමුදාව අවධානයෙන් පසුවුණා. අදාල ප්‍රදේශ වල ගුවන් හමුදා කඳවුරු සම්බන්ධ කරගන කළ එවැනි සෝදිසිවලදී සමහර අවස්ථා වල විශාල ලෙස දිළිසෙන තරු නිරීක්ෂණයවීම්ද තිබුණා." ඒ පිළිබඳ වාර්තාව මෙතනින්.

මීට පෙර විද්වතුන් රැසක් මෙම ආලෝකයන් පිළිබඳව පැවසූ තවත් පඬිවදන් මෙතනින්.
-------------------------------------------------------------------------------

තාරකාවක් මෙන් ග්‍රහලෝකයක් නිවි නිවී පාට වෙනස් කරමින් නොපෙනන අතර විවිධ වර්ණයන්ගෙන් හා විවිධ හැඩතල වලින් බ්‍රහස්පතී දර්ශනය වන්නේ කෙසේදැයි මහාචාර්ය චන්දන ජයරත්න පවසන්නේද නැත. මීට පෙර ඔහු පැවසුවේ මේවා මීතේන් බෝල බවයි (එම වාර්තාව මෙතනින්).

තවත් වරෙක ඔහු පැවසුවේ විෂපෝෂියා සින්ඩ්‍රෝම් නමැති මානසික රෝගයේ අවස්ථාවක් වශයෙන් මෙවැනිදෑ පෙනෙන බවයි (එම වාර්තාව මෙතනින්). මේ පිළිබඳව චන්දන ජයරත්නට එක මතයක් හෝ පැහැදිලි අදහසක් නැති බව ඔහුගේ කතා වලින් ඕනෑම කෙනෙකුට පැහැදිලිවේ. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයද මේ පිළිබඳ මුනිවත රකී.

විනාඩි කිහිපයකින් දැවී බිමට වැටිය යුතු වල්ගාතරු වල කොටස් පැය 3ක් අහසේ දිස්වී ඉහලට එසවී නොපෙනී යන්නේ කෙලෙසදැයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසන්නේ නැත.

ඉන්ද්‍රනාත් තේනුවර මහතා පවසන පරිදි කාච වල ඇති දෘෂ්ඨි විකෘත්ති නිසා මෙලෙස පෙනෙනවා නම් රාත්‍රී කාලයේදී එම කැමරාවෙන් ගන්නාලද සියළුම ආලෝකයන් සහිත ජායාරූප හෝ වීඩියෝ මේ ආකාරයට සමනල වර්ණයෙන් පෙනිය යුතුය. අනෙක් කරුණ නම් එම ප්‍රදේශ වල ජනතාව ඇස් දෙකෙන් දැක පවසන විවිධ හැඩතල වලින් පැය ගණන් ඒවා දිස්වූ බවයි.

ඒවා වීඩියෝ කිරීමෙන් පසු කාච වල දෘෂ්ඨි විකෘත්ති නිසා ඇස් දෙකෙන් පෙනුණු ආකාරයටම පෙනී ඇත්නම් ඒවා දුටු පුද්ගලයන් සියළු දෙනාගේම ඇස් වල දෘෂ්ඨි විකෘත්ති තිබිය යුතු නිසා කණ්නාඩි බෙදාදීමක් කළ යුතුය.

එක එක විද්වතුන් තමන් දන්නා ප්‍රමණයට පමණක් හිරවී අන්ධයන් රැලක් අලියෙකුගේ හැඩය කියන්නාක් මෙන් එක එක බේගල් ඇදබාමින් සිටිනවා විනා මේවා පිළිබඳ කරන පරීක්ෂාවක් නැතිවීම කනගාටුදායකය.

මේ වනවිට අද්භූත එළි දර්ශනය වීම් 13ක් පමණ අප වෙත වාර්තා වෙනවා. ඒවායේ සංශිප්තයක් පහලින්.

1. නොවැම්බර් 27- හලාවත, ඉරණවිල (පාන්දර 3.00
2. නොවැම්බර් 27- පොළොන්නරුව, කඩවතමඩුව (රාත්‍රී 8.15)
3. නොවැම්බර් 30- බද්දේගම උනන්විටිය (රාත්‍රී)
4. නොවැම්බර් 30- බණ්ඩාරවෙල, දියතලාව (පෙරවරු 7.30
5. දෙසැම්බර් 01- උණවටුන එරබදුගහ හන්දිය (රාත්‍රි 7.30)
6. දෙසැම්බර් 05- අම්බලන්තොට බෝලාන (දින 3ක් රාත්‍රි 7.30
7. දෙසැම්බර් 05- වැල්ලවාය යාලබෝව (රාත්‍රී 7.30)
8. දෙසැම්බර් 06- වැලිමඩ නැඳුන්ගමුව (උදේ 10.30 )
9. දෙසැම්බර් 07- අනුරාධපුර නොච්චියාගම (සාවස 6.25)
10 දෙසැම්බර් 09- මන්නාරම (රාත්‍රී)
11. දෙසැම්බර් 10- තණමල්විල (රාත්‍රි)
12. දෙසැම්බර් 11- හම්බන්තොට මිරිජ්ජවිල (දවල් 11.30)
13. දෙසැම්බර් 11- ගම්පහ- ඉහළ යාගොඩ (උදෑසන 7.30)

-------------------------------------------------------------------------------
මෙවන් තොරතුරු වල වාර්තා පසු කාලයක සොයාගැනීම අපහසු නිසා පුවත්පත් වාර්තා, ජායාරූප හා වීඩියෝ එකතුවක් අඩංගු ෆේස්බුක් පිටුවක් ආරම්භ කර තිබෙනවා.

UFO Sightings in Sri Lanka නම්වූ එම ෆේස්බුක් පිටුවට ලංකාවේ දක්නට ලැබුණු මෙවන් දෑ පිළිබඳව ඔබට වාර්තා කිරීමට පුළුවන.
www.facebook.com/UFOSriLanka
-------------------------------------------------------------------------------

-සම්බන්ධිත පුවත්-
1. අද්භූත එළි දර්ශනය වීම් ගණන 10කට වැඩියි
2. අද්භූත ආලෝක පිළිබඳ විද්වතුන්ගේ මතය
3. ඊයේ රාත්‍රී වැල්ලවාය ප්‍රදේශයේ දක්නට ලැබුණු අද්භූත ආලෝකය
4. රටපුරා දිස්වෙන මේ අද්භූත එළි මොනවාද?
5. දියතලාව අහසේත් අද්භූත ආලෝකයක්
6. හලාවතට ආ අද්භූත යානය
7. තන්තිරිමලේ බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ විශ්ව සබඳතා
8. අද්භූත වස්තුව බොරුයි කීමට ගොස් එය සනාථකළ රූපවාහිනී කණ්ඩායම
9. පසුගිය දිනවල ලෝ පුරා වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන්
10. වෙසක් පෝදා දිඹුලාගලින් UFO යානාවක් මතුවෙයි!
11. කඩුවෙල අහසේ අභිරහස් ආලෝකයක්
12. මහියංගනයයේ දක්නට ලැබූ අද්භූත වස්තුව
13. හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි
14. පිටසක්වල යානා බ්‍රිතාන්‍යය අහසේ !
15. ලන්ඩන් නුවර අහසේ පියාඹන පිරිසි
16. Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම
17. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
18. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි

Related Posts Plugin for WordPress, Blogger...