ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරඟ අතීතය

ලබන 14 වනදා ආරම්භ වන වොර්න් මුරලි තරගාවලියේ 1 ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමග මෙතෙක් තරග කර ඇති ටෙස්ට් තරගාවලි දෙස අවධානය යොමු කරමු.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව මේ වන විට තරගාවලි 10 ක්‍රීඩා කර ඇති අතර තරගාවලි 5 ඕස්ට්‍රේලියානු බිමේද, අනෙක් තරගාවලි 5 ශ්‍රී ලංකානු බිමේද තරග කර ඇත.


ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රථම තරගාවලිය 1982/83 වර්ශයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වුනු අතර එම තරගාවලිය නිම වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජය හිමි කර දෙමිනි.

ඉන් පසු දෙරට අතර ටෙස්ට් තරගාවලි කිහිපයක්ම පැවැත්වූ අතර එම සෑම තරගාවලියක්ම ඕස්ට්‍රේලියාවට ජය හිමි කර දෙමින් නිම විය.

1999 වර්ශයේදී පැවති ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට වැදගත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමු ටෙස්ට් ජයග්‍රහනය සහ පළමු තරගාවලි ජයග්‍රහන ලැබීම ය.

ශ්‍රී ලංකා කණ්ඩායම සනත් ජයසූරිය මෙහෙයවූ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවූයේ ස්ටීව් වෝ ය. තරග 3 සමන්විත එම තරගාවලියේ නුවරදී පැවැත්වූ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ජයක් ලැබූ අතර එම ජයග්‍රහනය ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු හා එකම ජයග්‍රහනය වේ.

අවසන් වරට පැවති වෝර්න් මුරලි තරගාවලිය (ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය) නිම වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට 1-0 ලෙස ජය අත්කර දෙමිනි.

දෙරට අතර පැවති තරගාවලි අතරින් පිතිකරන අංශයෙන් රිකී පොන්ටින් තරග 14 තුල ලකුණු 975 ලබා පෙරමුනේ පසුවන අතර ඔහුට පසු පසින් තරග 12 තුල ලකුණු 803 ලබා අරවින්ද සිල්වා රැදී සිටිනවා. ඔවුන් දෙදෙනාම මේ වන විට ටෙස්ට් තරග ක්‍රීඩා නොකරන අතර දැනට ක්‍රීඩා කරන පිතිකරුවන් අතුරින් මහේල ජයවර්ධන පෙරමුණේ පසුවනවා.

ඔහු තරග 13 තුල ලකුණු 803 රැස් කර ඇති අතර ඔහුට පසුපසින් ඕස්ට්‍රෙලියානු පිතිකරු මයික් හසී තරග 5 තුල ලකුණු 762 ලබා ගෙන සිටිනවා. ඔහුට පසුපසින් කුමාර් සංගක්කාර, මයිකල් ක්ලාර්ක් සහ තිලකරත්න දිල්ශාන් පිළිවෙලින් රැදී සිටිනවා.

පන්දු යැවීමේ අංශයෙන් ශේන් වෝර්න් තරග 13 තුල කඩුලු 59 ලබා ගෙන ඇති අතර ඔහුට පසුපසින් මුත්තයියා මුරලිදරන් තරග 12 තුල කඩුලු 54 ලබා ගෙන සිටිනවා. ඔහුට පසුපසින් පිළිවෙලින් චමින්ද වාස්,ග්ලේන් මැක්ග්‍රාත් සහ ක්‍රෙග් මැක්ඩර්මොට් සිටිනවා. දෙරට අතර දැනට ටෙස්ට් තරගවලදී ක්‍රීඩා කරන පන්දු යවන්නන් අතරින් කඩුලු ලබා ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවේ රංගන හේරත් වේ.

ඔහු තරග 5 තුල කඩුලු 26 ලබා ඉදිරියෙන්ම පසුවනවා. මිචෙල් ජොන්සන් තරග 5 තුල කඩුලු 14 සහ නේතන් ලියොන් තරග 3 තුල කඩුලු 8 ලබා හේරත්ට පසුපසින් සිටිනවා.

අත්දැකීම් සහ වාර්ථා අතුරින් ශ්‍රී ලංකා පිතිකරුවන් සහ පන්දු යවන්නන් ඉදිරියෙන් සිටියත් ඕස්ට්‍රේලියානු බිමේදී තරග කිරීමේදී ඕස්ට්‍රේලියාවට වැඩි වාසියක් හිමි වනවා.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති තරග වාර්ථා සහ සංචාරයේ තොරතුරු ඉදිරියේදී ලිපි පෙලකින් බලාපොරොත්තු වන්න.

ගොසිප්9 ක්‍රීඩා වාර්තාකරණය - Ash

-සම්බන්ධිත ලිපි-
ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුන දීමට සූදානම්ද?

Related Posts Plugin for WordPress, Blogger...