ආදරයෙන් ජයගත් අඩි තුනේ ජෝඩුව
Wednesday, December 12, 2012
ආදරයට උස මිටි භේදයක් නොමැත. එය පසක් කරමින් පසුගියදා අසිරිමත් විවාහ මංගල්‍යයක් පැවැත්විණි.එහි විශේෂත්වය වුයේ අතිනතාගත් යුවලගේ උස අඩි 3ක් පමණක් වීමයි. මනාලයා 35 හැවිරිදි ධර්මසිරි ප්‍රේමදාසය මනාලිය 26 හැවිරිදි දිලිනි ඉරෝශිනිය.
ගම්පහ දියගම පදිංචිකරුවෙකු වන ධර්මසිරි වෘතියෙන් ඔරලෝසු හා ජංගම දුරකථන අලුත්වැඩියා කරුවෙකි.
තංගල්ල ප්‍රදේශයේ ආයතනයකට ඇතුල් වී ඔරලෝසු අලුත්වැඩියාව පිලිබඳ වසර දෙකහමාරක පාඨමාලාවක් ධර්මසිරි හදාරා ඇති අතර ඉන් අනතුරුව ගමට පැමිණ මෙම වෘතිය ආරම්භ කොට දියුණුවට පත්ව ඇත. ධර්මසිරිගේ අතගත් දිලිනි මොරටුව සොයිසාපුර පදිංචිකාරියකි.
දිනක් බසයේදී මුණගැසුණු ධර්මසිරිගේ මිතුරෙකු විසින් මොරටුවේ සිටින දිලිනි ගැන පවසා ඇති අතර ඒ අනුව ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුවිය. ධර්මසිරි සිතා සිටියේ කිසි දිනෙක තමාට විවාහ වීමට නොහැකිවනු ඇත කියාය.
නමුත් දිලිනි හමු වූවායින් පසුව ඔහිගේ විවාහ ජිවිතයද සම්පුර්ණ වී ඇත. මේ පිළිබඳව දිලිනි පවසන්නේ මෙවැන්නකි.
" කවද හරි මට හොඳ කෙනෙක් හම්බ වෙනවා කියල හිතාගෙන හිටියා දැන් අපි සතුටින් ඉන්නවා"
ජයාරූප හා විස්තර : තාරක දුශාන්

