ඇමති වෙල්ගමගේ මනමාල කතා
Tuesday, December 4, 2012
අදාළ සංවාදය ඇතිවුයේ මෙසේය.
කුමාර වෙල්ගම : මම පාර්ලිමේතු ඇවිල්ල අවරුදු 19 ක් වෙනවා. අද තමයි මම ඉතාමත්ම සන්තෝස වෙන දවස. මේ වගේ රූමත් නෝනා මහත්මයෙක් මගෙන් ප්‍රශ්න අහනවට මම අද ගොඩාක් සන්තෝස වෙනවා..
රෝසි සේනානායක : බොහොම ස්තුතියි..එහෙනම් සන්තොසෙන්ම පිළිතුරු දෙමු...
කුමාර වෙල්ගම : පොඩ්ඩක් ඉන්න මාව තාම වෙව්ලනවා වගේ...දැන් මට කතාකරගන්නත් බැහැ
රෝසි සේනායක : වචන පටලවගන්න එපා..
(අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශ කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ විරෝධය එල්ලවූ වෙයි)
කුමාර වෙල්ගම : මට මෙතන මගේ හැඟීම් ප්‍රකාශ කරන්න බැහැ .. නමුත් ඔබතුමිය පාර්ලිමේතුවේ පිටතදී හමුවුනොත් මම කියන්නම්
එම සංවාදයේ කොටසක් පහතින් බලන්න
මීට දින කිහිපයකට පෙර මෙම ඇමතිවරයා පවසා තිබුනේ සිකුරා ඉන්නේ ඔහුගේ නලලේ බවත්, ඔහු ජීවත් වෙන්නේ සිකුරා සමඟ බවත්, කාන්තාවන් ඔහුට ලෙංගතුයි බවත්ය. එම වීඩියෝව පහතින්.
තවත් වරකදී ඔහු ප්‍රකාශ කර තිබුනේ ඔහු වැරදි වැඩක් නම් කරලා තිබෙන බවත්, ඔහුට මනමාලකම තිබෙන බවත් වැඩිය කතා කරන්න ගියොත් තව මොනවා මොනවා කියවෙයිද දන්නේ නැති බවත්ය. එම වීඩියෝව පහතින්.
