දියතලාව අහසේත් අද්භූත ආලෝකයක්

හලාවත ඉරණවිල අහසේ පසුගියදා දැකගන්නට ලැබුනු අද්භූත ආලෝකයක් පිළිබඳ පුවතක් ඊයේ අප ඔබට ගෙන ආවා.

මේ අතර ඊයේ බණ්ඩාරවෙල සිට වැල්ලවාය දක්වා ධාවනයවූ බස් රථයක ගමන් කළ පිරිසක් අද පෙරවරු 7.30ට පමණ දියතලාව ආසන්නයේදී බස්නාහිර අහසේ කිසියම් එළියක් දැක තිබෙනවා.

දැඩි ආලෝකයක් විහිදවූ එය විනාඩි කිහිපයකින් පසු නොපෙනී ගිය බවයි ඔවුන් ප්‍රකාශ කලේ.


එම බස් රථයේ රියදුරු වන තිස්ස කුමාරගේ මේ පිළිබඳව පවසන්නේ මෙලෙසින්

"මම අද බස් රථය දියතලාවේ සිට ඇල්ලවාය බලා ධාවනය කරමින් සිටියා. එවිට වේලාව උදෑසන 7.15ට පමන ඇති. දියතලාව හපුතලේ ‍"වයි හන්දිය" අසලට බස් එක ආවා. ඒ දෙපස තිබෙන්නේ ෆයිනස් කැලෑවක්. එකපාරටම ෆයිනස් කැලෑව අතරින් විශාල ආලෝක ගුලියක් ආවා. 


මම බස් රථය නතර කළා බස් රථයේ හිටපු මඟීන් ඔක්කොම බැහැලා මේ දර්ශනය නැරඹුවා. සමහරු වීඩියෝ ගතකළා. සමහරු ජායාරූප කත කළා. කිසිම දවසක මේ වෙලාවට ඉර මුදුන් වෙන්න විදිහක් නෑ. උදේ 7.15ට ඉර මුදුන් වෙනවා මම ජීවිතේට දැකලා නැහැ. 

විශාල කන්දක් පිහිටා තිබෙන නිසා ඉර දකින්න ලැබෙන්නේ දවල් 11න් පස්සේ. මේ පාන්දර මීදුමත් පැතිරිලා තිබුනා.. ඒ ආලොකේ ගෙඩිය අපේ හිස් වලට ඉහළින් නැඟෙනහිර පැත්තට යන්න ආවා. අපි ඔක්කොම බය වෙලා බස් එකට නැග්ගා. ඉක්මනින්ම එම ස්ථානයෙන් ඉවත් වුණා."

එම ආලෝක වීඩියෝගත කළ ආර්. ප්‍රදීප් පවසන්නේ මෙලෙසින්

"මම පදිංචි වෙලා ඉන්නේ හෙට්ටිපොල හපුතලේ පන්කැටිය දිසා රෝහලේ සේවය කරන්නේ. අද උදේ මම සේවය සඳහා ගමන් කරමින් සිටියේ මෙම බස් රථයේ. ෆයිනස් ගස් අස්සෙන් මතුවුණ නිල් පැහැට්ජ්හි ආලෝකය දැක්කගමන් බස් එක නතර කළා. බිමට බැහැලා අපි ඔක්කොම මේ ආලොකය නැරඹුවා. මම ඒ ආලෝකය වීඩියෝ ගත කළා."

එය දුටු එක් අයෙක් ප්‍රකාශ කලේ "මෙතන අමුතු එළියක් තිබ්බා. ඒ එළිය එන්න එන්න වැඩි වුනා. ඉර වගේ දෙයක් නිල් පාටට ලොකුවට පේන්න තිබ්බා. ඉර පෑව්වොත් මේ කන්ද නිසා ඉර පේන්නේ නෑ. ඒක ඒ පැත්තට තමයි ගියේ."

එම ආලෝකය දුටු තවත් පුද්ගලයෙකු ප්‍රකාශ කලේ "සම්පූර්ණ රවුම ඇතුලේ නිල්පටටට වතුර වගේ දෙයක් තමයි තිබුනේ" ලෙසයි

එම වීඩියෝව පහතින්.




-සම්බන්ධිත පුවත්-
1. හලාවතට ආ අද්භූත යානය
2. අද්භූත වස්තුව බොරුයි කීමට ගොස් එය සනාථකළ රූපවාහිනී කණ්ඩායම
3. පසුගිය දිනවල ලෝ පුරා වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන්
4. වෙසක් පෝදා දිඹුලාගලින් UFO යානාවක් මතුවෙයි!
5. කඩුවෙල අහසේ අභිරහස් ආලෝකයක්
6. මහියංගනයයේ දක්නට ලැබූ අද්භූත වස්තුව
7. හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි
8. පිටසක්වල යානා බ්‍රිතාන්‍යය අහසේ !
9. ලන්ඩන් නුවර අහසේ පියාඹන පිරිසි
10. Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම
11. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
12. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි

Related Posts Plugin for WordPress, Blogger...