SupremeSAT-1 චන්ද්‍රිකාව තවමත් නියමිත කක්ෂයට ලඟාවී නැත
Friday, November 30, 2012
සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව පිළිබඳව ලිපි ගනනාවක් මඟින් එහි විස්තර මුල සිටම ඔබ වෙත ගෙන ආවේ ගොසිප්9 විසිනි.ChinaSat-12 හෙවත් SupremeSAT-1 චන්ද්‍රිකාව පසුගිය 27වනදා සාර්ථකව උඩුගුවනට යැවූවද තවමත් එය එය නියමිත ස්ථානයට කක්ෂගතවී නැහැ.
දැනට අන්තර් කක්ෂයක දැනට රඳවා ඇති ChinaSat-12 චන්ද්‍රිකාව පොලවේ සිට කිලෝ මීටර් 800 සිට 48,000 දක්වා දෝලනය වෙමින් ලංකාව හා අප්‍රිකාව අතර අහසේ සැරිසරයි.
ගුවන්ගත කිරීමෙන් පසු මෙම චන්ද්‍රිකාව ඔස්ට්‍රේලියාව දෙසට ගොස් නැවත හැරී ලංකාව ආසන්නයෙන් ගමන් කර අප්‍රිකාව දෙසට ගොස් නැවත හැරී ගමන් කරනු දැකිය හැකිය හැකිය.
අද සවස 4 පමණ වන විට කිලෝමීටර් 47,695 ක් ඉහල අහසේ අප්‍රිකාවට උඩින් ගමන් කළ එය රාත්‍රී 8 ට පමණ තිබුනේ පොළවට කිලෝමීටර් 20,514කට පමණ උඩිනි.
නවතම චන්ද්‍රිකා ගුවන් ගත කරන ක්‍රම අනුව රොකට් බලයෙන් ඉහලට ඔසවන චන්ද්‍රිකාව මුලින් පහල ස්ථානයකට මුදා හැරේ.
ඉන්පසු නියමිත කක්ෂයට ඉහලට යැවීම සඳහා පොලවේ ගුරුත්වය සමග දෝලනය උපයෝගී කර ගන්නා අතර කලින් ගණන් බලා ඇති සුදුසු තැනකට පැමිණි පසු චන්ද්‍රිකාවේ සවිකර ඇති කුඩා රොකට්ටු මගින් තල්ලු කර සමකයට ඉහල පෘතුවි ස්ථායි කක්ෂයේ රඳවයි. චන්ද්‍රිකාව තවමත් තිබෙනුයේ එම පහල කක්ෂයේය.
ඕනෑම චන්ද්‍රිකාවක පිහිටි ස්ථානය Real Time satellite Tracking වෙබ් අඩවි මඟින් බලාගත හැකිය. Geostationary කක්ෂයේ රඳවා ඇති චන්ද්‍රිකා ලැයිස්තුවට මෙතනින් යන්න. (අනතුරුව Track it මත ක්ලික් කරන්න)
Chinasat-12 චන්ද්‍රිකාව මේ මොහොතේ පිහිටීම බලාගැනීමට මෙතනින්.
(පිටුවට පිවිසීමෙන් පසු ඉහල ඇති Track it now! මත ක්ලික් කරන්න)
ඉදිරියේදීත් මෙම ChinaSat-12 චන්ද්‍රිකාව පිළිබඳ විස්තර ගොසිප්9 තුලින් බලාපොරොත්තුවන්න.
-සම්බන්ධිත පුවත්-
1. සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතවන ජායාරූප හා වීඩියෝ එකතුව
2. සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවේ අතීතය හා රෝහිතගේ උපාධිය
3. චන්ද්‍රිකාව කක්ෂගත කිරීම දින 5කින් කල් යයි
4. ChinaSat-12 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම වෙනුවෙන් ගීතයක්
5. ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සැරසෙන අයුරු
6. චන්ද්‍රිකා වැඩසටහනේ නිර්මාතෘ රෝහිත රාජපක්ෂයි
7. ලංකාවට අයත් ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 වෙනිදා කක්ෂගත කෙරේ
8. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
9. ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි
10. ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට
11. ලංකාවේ ප්‍රථම හා ලෝකයේ ළාබාලම අභ්‍යවකාශගාමියා ජනපති බාල පුතයි
12. ජනපති බාල පුතා අභ්‍යාවකාශ උපාධිය ලබයි- පුටින්ගෙන් ආශිර්වාදය
