සිරිකොත සමුළුවේ අලුත්ම තත්ත්වය
Saturday, December 1, 2012
09:50 සමුළුවට දැඩිආරක්ෂාවක් එක්සත් ජාතික පක්ෂයේ මහ සමුළුව මින් මද වේලාවකට කලින් සිරිකොත මන්දිරයේදී ඇරැඹිණි. පසුගිය සම්මේලනයේදී ඇතිවූ කලහකාරී හැසිරීම් නිසා මෙවර සමුළුව සංවිධානය කර තිබුනේ දැඩි රැකවල් මැද්දෙදි ය.
ආරාධනා ලත් නියෝජිතය්යන් බස් රථ හා වෑන් රථවලින් පැමිණ සිටි අතර ඔවුන්ට්ට සිරිකොත මන්දිරයට කිලෝමීටරයක් පමණ එහායින් වාහන නැවත්වීමට සිදුවී ඇත.
සිරිකොත පැත්තේ පාරේ එක මන්තිරුවක් වසා ඇති අතර සිරිකොත පාරේ අයිනේ මිනිසුන්ට රැස්වීම පොලිසිය විසින් වලකා ඇත.
10:15 නායකයා වසර හයකින් තේරීම සම්මතයි!
එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ධූර කාලය වසර 06 කින් දීර්ඝ කර ගැනීමේ යෝජනාව දැන් පැවැත්වෙන එම පක්ෂ මහා සම්මේලනයේදී බහුතර ඡන්දයෙන් සම්මත වී ඇත.එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා දයාසිරි ජයසේකර, කරු ජයසූරිය, බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන් එම යෝජනාවට විරෝධය පළ කර ඇත.
10:30 නොසන්සුන් තත්වයන් වැළකීමට විශේෂ ආරක්ෂාවක්
සිරිකොත මූලස්ථානයේ දොරටුවේදී සියළු දෙනා පරීක්ෂාකර ඇතුලත් කර ඇත. පොලීසිය, ආයුධ සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බළකාය ජල බවුසර සමඟ කුළු පොලු හමුදාව, කළු හැද ගත් විශේෂ කැරළි මර්ධන ඒකකය ඇතුළු ආරක්ෂක අංශයට අයත් තුන්දහසකට ආසන්න පිරිසක් ආරක්ෂාවට යොදා ඇත.
10:45 මෙවර සමුළුව සිරසට තහනම්
ගියවර සමුළුවේදී ඇතිවූ කලහාකාරී තත්වය සජීවී විකාශය කල සිරස මාධ්‍යය ජාලයට මෙවර සමුළුව ආවරණය කිරීම තහනම් කොට තිබෙනවා. සිරිකොතට ඇතුළුවීමේදී සිරස නිව්ස් ෆස්ට් මාධ්‍යය කණ්ඩායම එහි සංවිධායකයන් විසින් නවතා ඇත. එහිදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇත.
11:00 නායකත්වය දීර්ඝ කිරීමට ජන්දය ලබාදුන් අයුරු
මෙවර සම්මේලනයේදී සම්මතවුනු නායකයා ත්රීමේ යෝජනාව සම්මතවී ඇත්තේ මෙසේය.මුළු ජන්දදායකයන් 5315 කගෙන් යෝජනාවට පක්ෂව ජන්ද 4978ක් ලැබී ඇතිඅතර විරුද්ධව ලැබී ඇත්තේ ජන්ද 337 ක් පමණි.
මෙවැනි උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකතනයට එස්. එම් . එස් මාර්ගයෙන් ලබාගැනීමට පිවිසෙන්න මෙතනින්.
