වැඩි මුදලට යන්ත්‍ර මිලදීගෙන කොමිස් සාක්කුවට දමාගන්නා ලොක්කෝ
Wednesday, November 28, 2012
ඩෙංගු මර්ධන ව්‍යාපාරය විසින් රුපියල් 80,000ක් පමණ වන ධූම යන්ත්‍ර 100ක් එකක් 140,000 බැගින් මිලදීගැනීමේ පුවතක් වාර්තා වෙනවාඒ සමඟම ලක්‍ෂ 140ක් වූ පොස්පේට් ගල් අඹරණ යන්ත්‍රයක් ලක්ෂ 560ක් ගෙවා මිලදීගත් තවත් පුවතකුත් එප්පාවලින් වාර්තා වෙනවා.
ඩෙංගු මර්ධන ව්‍යාපාරය විසින් මෙතෙක් කල් උපකරණ මිලදීගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව හරහා වන නමුත් මෙම මිලදී ගැනීම් සිදුවන්නේ මදුරු මර්ධනය හා මැලතීන් ගෙන්වන සමාගම් හරහාය.
ඒ අනුව ඩෙංගු මර්ධනය සඳහා යොදවා ඇති මුදලින් 70%ක්ම යොදාගන තිබෙන්නේ උපකරණ මිලදීගැනීම් සඳහාය.
ඒ අනුව එක යන්ත්‍රයකට රු. 60,000ක් වැඩිපුර ගෙවන්නේ එම මුදල කාගේ සාක්කුවට වැටෙන නිසාදැයි යන්න ගැටලුවකි.
මේ අතර චීනයේදී ලක්‍ෂ 140ක් වූ මැෂිම ලංකාවට එද්දී ලක්ෂ 560ක් වූ පුවතක් එප්පාවල පොස්‌පේට් කර්මාන්තශාලාවෙන් වාර්තා වෙනවා.
ආයතනයේ සේවා කටයුතු සඳහා කාලීන අවශ්‍යතාවයක් නැති, රුපියල් කෝටි පහ හමාරක් මිලවූ ගල් අඹරණ යන්ත්‍රයක් මිලදී ගැනීම සිදුකර තිබෙන්නේ කර්මාන්ත ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුවයි.
රුපියල් මිලියන 56 කට චීනයෙන් මිලදී ගෙන ඇති මෙම පොස්‌පේට් ගල් අඹරණ යන්ත්‍රය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රී තිසේරා මහතාගේ සහ උතුරුමැද ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය 20 වැනිදා විවෘත කිරීමට නියමිතව තිබුණා.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන පොස්‌පේට් කර්මාන්තයේ සේවකයෝ පවසන්නේ මෙලෙසින්.
"මිලියන 56 ක් කියන්නේ ලක්‍ෂ 560 ක්. පොස්‌පේට් ගල්, කුඩු අපේ සල්ලි. මේවා නිකරුණේ ඉහළ කළමනාකරණයට නාස්‌ති කරන්න දෙන්න බෑ.
දැනට ආයතනය තුළ පොස්‌පේට් ගල් අඹරණ මැෂින් තුනක් ක්‍රියාත්මකව තිබෙනවා. මේ මැෂින්වලින් වසරකට පොස්‌පේට් කුඩු මෙට්‍රික් ටොන් හැත්තෑදහසක් නිෂ්පාදනය කරනවා. වසරකට ඉල්ලුම තියෙන්නෙ මෙට්‍රික් ටොන් පනස් පන්දාහයි. ඒ අනුව වාර්ෂික නිෂ්පාදනයෙන් මෙට්‍රික් ටොන් 15 ක අතිරික්‌තයක් තියෙනවා.
එසේ තිබියදී පොස්‌පේට් ගල් ඇඹරීමට ලක්‍ෂ 560 ක් වියදම්කොට තවත් මැෂිමක් ගත්තේ ඇයි?
පොස්‌පෙට් ගල් ඇඹරීමට පිටරටවලින් මැෂින් ගතයුතු නෑ. දැනටත් හොඳින් ක්‍රියාකරන ආයතනයේම කාර්මිකයන් විසින් නිෂ්පාදනය කරන ලද පොස්‌පේට් ගල් අඹරන මැෂිම පැයකට මෙට්‍රික් ටොන් පහක් හයක් නිෂ්පාදනය කරනවා. මැෂින් හදා ගැනීමේ ශක්‌තිය ආයතනය තුළම තිබියදී චීනයෙන් මේ යන්ත්‍රය අසමාන මිලකට මිලදී ගත්තේ ඇයි?
මෙම මැෂිමට වැය කළ අසාමාන්‍ය මිල නිසා අපි මේ ගැන චීනයේ අදාළ සමාගමෙන් විමසා බැලුවා. චීනයේදී මෙම යන්ත්‍රයේ සැබෑ මිල රුපියල් ලක්‍ෂ එකසිය හතළිහක්, චීනයේදී ලක්‍ෂ 140 ක් වූ මැෂිම ලංකාවට එද්දී ලක්ෂ 560 ක් වුණේ කොහොමද?
මෙහිදී ලක්‍ෂ 420 ක මුදලක්. එනම් කෝටි හතරක් අතරමගදී පිල්ලිගියේ කොහොමද?
මෙම යන්ත්‍රය මිලදී ගැනීමට පෙර ආයතනයේ නිෂ්පාදන කළමනාකරුගෙන් සහ අලෙවි කළමනාකරුගෙන් අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව යන්ත්‍රයක අවශ්‍යතාවය ගැන විමසා බැලීමක් නොකළේ ඇයි?
මෙම යන්ත්‍රයේ මිල ගණන් පියවීමට පෙර යන්ත්‍රය පැය තිහක කාලයක් ආයතනය තුළ ක්‍රියාත්මක කොට යන්ත්‍රයේ සක්‍රීයතාවය නිසි ලෙස සහතික කළ ද?. එවැනි සහතික කිරීමක් නැතිව නියමිත මුදලින් 90% ක් එනම් රුපියල් ලක්‍ෂ පන්සිය හතරක් අදාළ සමාගමට ගෙව්වේ ඇයි? මෙම යන්ත්‍රය ආයතනය තුළ පණ ගැන්වීමට ගොස් දෙවරක්‌ම අංග විකලත්වයට පත්වූ බව ඉහළ කළමනාකරණය දන්නවාද?
මෙම යන්ත්‍රය උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමට පූර්ව සූදානමක් ඇතිව කල් ඇතිව යන්ත්‍රයේ නිෂ්පාදන පිටකරන මුවදොරට ආසන්නව අඹරණ ලද පොස්‌පේට් ගල්කුඩු ගබඩාකර ඇති බව ඉහළ කළමනාකරණය දන්නවාද?
එප්පාවල පොස්‌පේට් කන්දේ ගල් කුඩු කරන්නේ අපි. මුදල් උපයන්නේ අපි. නමුත් ඉහළ කළමනාකරණයේ අය කෝටි ගණන් වටිනා වාහන පොස්‌පේට් මුදලින් ලබාගෙන කොළඹ කන්තෝරුවක් දාගෙන. 15 ක් 20 ක් එහි රැඳී සිටිමින් අප උපයන පොස්‌පේට් මුදල් නාස්‌ති කරන්නේ ඇයි?"
