ජයලත් ජයවර්ධනට දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදුන් හැටි

පසුගියදා 2013 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කල පසුගිය අට වනදා එජාප ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජයලත් ජයවර්ධන හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කරනු ලැබිය. 

ඒ අවස්ථාවේදී අසාධ්‍යය වූ ජයලත් ජයවර්ධන දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව සුව අතට හැරුණි. මෙම පුවත මාධ්‍යය මගින් වාර්තා වුවත් ජයලත් ජයවර්ධන මෙසේ රෝගාතුර වුයේ කිනම් කටයුත්තකදී යෙදී සිටියදීද යන්න හෙලිවුයේ නැත. මේ ඒ පිළිබඳව තබන සටහනකි. 

ජයලත් ජයවර්ධන රෝගී වීමෙන් අනතුරුව ඔහුගේ සැපදුක් විමසීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් රැසක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණි අතර ඒ අතර සිටි ජයලත් ජයවර්ධනගේ දීර්ඝ කාලින මිතුරෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජයලත් ජයවර්ධනගෙන් "මොකද උනේ ?" යනුවෙන් විමසා ඇත. 


ඒ අවස්ථාවේදී සම්පුර්ණ සුවය නොලබා සිටි ජයලත් ජනාධිපතිවරයා එහි සිටි බව නොදැන ජොන්ස්ටන් වෙත හැරී  "අනේ බලහන්කො..මට පැවරිලා තිබ්බ එක්සත් ජාතින්ගේ කාර්යාලය වාර්තාවාක් දෙන්න. ලංකාවේ යුද්දේ අන්තිම කාලේ උන අපරාධ මොනවද කියල..මම එක හදාගෙන බාරදෙන්න යනකොට තමයි මේක උනේ.." යනුවෙන් පවසා ඇත.

Related Posts Plugin for WordPress, Blogger...