පානදුර මගීන් සහ දුම්රිය සේවකයින්ගේ ගැටුම වැඩි ඈතක නොවේ.

අලුත්ගම සිට මරදාන දක්වා දිවෙන දුම්රිය පානදුරට පැමිනෙන්නේ උදෑසන 7.08 ට වේ. අලුත්ගම සිට පානදුර දක්වා සියලුම දුම්රිය ස්ථාන වල මෙම දුම්රිය නතර කරනු ලබයි.

ඉන් පසුව නවත් වන්නේ මොරටුව, රත්මලාන, බම්බලපිටිය වේ. බම්බලපිටියට පසුව මරදාන දක්වා සියලුම දුම්රිය ස්ථාන වල නවත් වනු ලබයි.

දුම්රිය දෙකක් ඒකට අමුනා මෙය සකස් කර ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව එම දුම්රියේ ගමන් කරන මගීන් ප්‍රමානය වැඩි නිසා දුම්රිය මැදිරි වැඩි ප්‍රමානයක් ලබා දීමටය.


නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අපරික්ෂාකාරී සැලසුමක් හේතුවෙන් මෙම දුම්රියට කුඩම්මාගේ සැලකිලි ලැබේ. මේ නිසා මගීන් සිය ගනනකගේ කාලය නිකරුනේ කා දමන්නේ මේ රට සහ රටේ ආර්ථිකය ගැන කිසිම අනුකම්පාවකින් තොරවයි. උදේ 7.08 ට පානදුරට පැමිනෙන දුම්රිය 7.35 වෙන තෙක් පානදුරෙහි රඳවා තබා ගන්නේ සීඝ්‍රග්‍රාමී දුම්රියයන් හතරකට එය පසු කිරීමට ඉඩදිය යුතු නිසාය.

ඒ අතරට අලුතෙන් එක්කල දුම්රියයන් දෙකක්ද වෙයි. එයින් එක දුම්රියක් ධාවනයට එක්කර තවම මාසයක් වත් ගත උනේ නැත. එහි මංගල ගමනට කුමාර වෙල්ගම මහතා සහභාගි වූයේ ඉතාමත් ආඩම්බරයෙනි. මගීන්ගේ පහසුවට දුම්රියයන් සියයක් එක්කලද ඒවා නිසි සැලසුමකට දාවනය නොවුනහොත් සිදුවන්නේ මගීන්ගේ කාලය තවත් අපතේ යාම පමනි.

රතු ඉර වැදීමේන් පඩි පැකට්ටුවට වෙන හානිය සුලු උනත් එය අපට ලොකු දෙයකි. එය දුම්රිය සේවකයින්ටවත් වෙල්ගම මහතාටවත් කිසිදා නොදැනෙනු ඇත. දින ගනනක් ඉවසාගෙන හිටියත් අද මගීන්ගේ සීමාව ඉක්මවාගියේ මේ අකටයුත්ත තවත් දරා සිටීමට නොහැකි නිසාවෙනි. ඒ මන්ද යත් පින්වත්ත හා නොම්බර එක දුම්රිය ස්ථානයේ නවත් වන එකම දුම්රිය මෙය නිසාය.

ඔවුන්ට යාමට වෙන දුම්රියක් නොමැත. ඔවුන් දුම්රිය කාර්යාලයට වැදී මේ අසාධාරනය ගැන විමසුවද ඔව්නට දුම්රිය සේවකයන්ගෙන් ලැබුනේ නින්දා සහගත පිළිතුරුය. කෙතරම් උත්සහ කලත් පලක් නොවීය. දුම්රිය සේවකයන් ජය ගත්තේය.

මගීන්ට සුපුරුදු පරාජය බාරගෙන නැවතත් යාමට සිදුවූයේ 7.35ට දුම්රිය පානදුරෙන් පිටත් වෙන නිසාය. පුදුමයකි එම දුම්රිය 8.00 වෙන තෙක් මොරටුවෙ නවතා ගෙන සිටියේ සිය ගනනක් ජනතාව ඉතාමත්ව අසරණ කරමිනි. දුම්රිය සේවකයින් ඉතාමත් සරලව පැවසුවේ මෙය කාර්මික දෝශයක් බැවින් ඊලඟ දුම්රියේ ගමන් කරන ලෙසයි.

හෙට නම් මගීන් තවත් නොඉවසනු ඇත. ගැටුමක් වැඩි ඈතක නොවේ. දුම්රිය සේවක වර්ජනයකුත් වැඩි ඈතක නොවේ. නියපොත්තෙන් කැඩිය හැකිදේ පොරවෙන් කැඩීමේ තීරණය ඇත්තේ වෙල්ගම මහතා අත පමණි.

Related Posts Plugin for WordPress, Blogger...