ශාන් හා චන්දිම අතර සීතල යුද්ධයක්

දකුණු පළාත් මහා ඇමති ශාන විජයලාල් සහ නියෝජ්‍යය කතානායක චන්දිම වීරක්ක්කොදී මහතා අතර මේ දිනවල සීතල යුද්ධයක් හටගෙන තිබේ.

එයට හේතුවී ඇත්තේ ශාන් විජයලාල් මහතා විසින් මවුවරුන් වෙත සාරි ප්‍රධානය කිරීම චන්දිම වීරක්කොඩි විසින් හාස්‍යයට ලක්කොට තිබීම හේතුවෙනි.


පසුගියදා ඉමදුව සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලය විවෘත කරන අවස්ථාවේ චන්දිම වීරක්කොඩි විසින් "මවුවරුන්ට සාරි විතරක් නෙවෙයි , යට ඇඳුම් උනත් බෙදල දෙන්න පුළුවන්" යනුවෙන් ප්‍රකාශ කිරීමය.

මෙයට පිළිතුරු වශයෙන් ශාන් විජයලාල් පුවත්පතකට පවසා තිබුනේ "මවු සෞඛ්‍යය සමාජ" ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙලෙස සාරි හා හැට්ට බෙදා දෙන බවත්, නියෝජ්‍ය කතානායකතුමා මෙම කතාව කලේ තමා ඉදිරිපිටදී බවත්ය.

නියෝජ්‍ය කතානායකතුමා මවුවරු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනී යන බවත් එහෙයින් එතුමාට හැකිනම් යට ඇඳුම් බෙදාදුන්නද මහ ඇමතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බව එහි එහි වැඩි දුරටත් පවසා තිබුණි.

Related Posts Plugin for WordPress, Blogger...