ජනපතිට යන්නැයි ටෝගෝ කාන්තාවෝ ලිංගික වර්ජනයක

දේශපාලන වෙනසක් ලඟාකරගැනීමේ තීරණාත්මක අවියක් ලෙස ලිංගිකත්වය භාවිතා කරමින් ජනාධිපතිවරයා බලයෙන් ඉවත් විය යුතු යැයි පවසමින් ටෝගෝ කාන්තාවන් විසින් සතියක ලිංගික වර්ජනයක් අරඹා තිබෙනවා.

ටෝගෝ රාජ්‍යයේ වසර 45ක් තිස්සේ නායකත්වය දරන ජනාධිපතිවරයා තනතුරින් ඉවත්විය යුතු බව පවසමින් කරන මෙම ලිංගික කාර්යයේ යෙදීමේ වර්ජනයට සිවිල් සංවිධාන 9ක් හා විරුද්ධ පක්ෂ 7ක් ඉදිරිපත්වී තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන ටෝගෝ කාන්තාවක් පවසා ඇත්තේ "මුලින් කැමති වුනත් මම දන්නේ නැහැ මගේ ස්වාමියා මට මේ වර්ජනය දිගටම කරගන යන්න දෙයිද කියලා. තවම දවස් දෙකයිනේ ගියේ." යනුවෙනි.


මීට පෙර 2003දී ලයිබීරියාවේද, 2009 දී කෙන්යාවේද, 2011 දී පිලිපීනයේද කාන්තාවන් මෙලෙස ලිංගික වර්ජන දියත්කොට තිබේ.

විරුද්ධපක්ෂ නායිකා ඉස්බෙල් ඇමගන්වී මහත්මිය පවසන්නේ "අපේ හඬට සවන්දෙන්නේ නැත්නම් මීට වඩා බලවත් ව්‍යාපාරයක් කරමු" ලෙසයි.




මේ පිළිබඳව අල්ජසීරා වීඩියෝව.

Related Posts Plugin for WordPress, Blogger...