සුදර්මන් හිඟුරක්ගොඩ බැසිල් රාජපක්ෂගේ රැළියේ
Wednesday, August 29, 2012
රට පුරා සිටින වරෙන්තුකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විසින් පලාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පසුගිය කාලයේ උපදෙස් දී තිබුණි. ඒ අනුව සියළුම වරෙන්තු හා නොතීසි ලබන සැප්තැම්බර් 01 දිනට පෙර ක්‍රියාත්මක කර අවසන් කරන ලෙස එම නියෝගයේ සඳහන් විය. ජූනි 20 දින සිට ජූලි 20 දා දක්වා වූ මසක කාලය තුළ පලාත් 8ක කරන ලද මෙහෙයුම් වලදී නිකුත් කරන ලද වරෙන්තු කරුවන් 21,798න් 17,595ක් අත් අඩංගුවට ගැනුණි.
සැප්තැම්බර් 01 වනදාට තවත් ඇත්තේ දින 3ක් පමණි. නමුත් සුදර්මන් රදළියගොඩ තවමත් නිදැල්ලේය. ඔහු 2012/08/24 දින හිඟුරක්ගොඩදී බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වූ පොදුපෙරමුණු රැලියේදී දක්නට ලැබුණි.
ස්වාධීන රූපවාහිණී ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයෙකු වන සුදර්මන් රදලියගොඩට උසාවියෙන් වරෙන්තු ගණනාවක් ඇති අතර පුද්ගලයන් රට යවන බව පවසා මුදල්වංචා කර ඇති බවට චෝදනා ගනනාවකි.
කිසිදු හිරිකිතයකින් තොරව තමන්ගේ හෙන්චයියන් සමග මේ පුද්ගලයා පොදු පෙරමුණු රැළියේ දක්නට ලැබුනේ මේ රටේ නීතිය රකින පොලිස් නිලධාරින් සහ මේ රටේ නීතිය පවා හැල්ලුවට ලක්කරමිනි. මෙම අවස්ථාවට සහභාගී වූ උසස් පොලිස්නිලධාරින් පවා සුදර්මන් රදලියගොඩ සමග ඉතා කුළුපගව සතුටු සාමිචියේ යෙදෙනු දක්නට ලැබුණි.
ඔහු පැමිණියේ ඔහුගේ මාධ්‍ය ආයතනය නියෝජනය කිරීමටදැයි අපි නොදන්නෙමු. එහෙත් වරෙන්තු ගණනාවක් ඇති මෙම පුද්ගලයා මෙලෙස ප්‍රසිද්ධියේ දක්නට ලැබීම ගැන බොහෝ දෙනා අප්‍රසාදයෙන් කතා කරනු දක්නට ලැබුණු අතර, කුසගින්නට පාන් ගෙඩියක් සොරකම් කළ තැනැත්තාට පවා නිතිය ක්‍රියාත්මක වෙද්දී, මේ පුද්ගලයට නිතිය ක්‍රියාත්මක නොවීම පුදුමයක් බවද බොහෝ දෙනා මුමුණනු දක්නට ලැබුණි.
කෞතුකාගාරයේ ප්‍රධාන සැකකරුට රට වටා අනියම් බිරියන් කිහිප දෙනෙකු සිටින බව සොයාගත් පොලීසියට සුදර්මන් නොපෙනීමට එකම හේතුව ශ්‍රී ලංකා පොලීසිය යනු නිවටයන්ගේ ආයතනයක් වීම මිස වෙන කිසිවක් නොවේ.

-සුදර්මන් පිළිබඳව අප විසින් පළ කල පෙර පුවත්-
1. වරෙන්තුකරුවන් 10,648ක් අල්ලයි. ඒත් සුදර්මන් කෝ?
2. වරෙන්තුකරුවන් 2,814ක් අල්ලයි. ඒත් සුදර්මන් කෝ?
3. සුදර්මන්ගේ මුදල් වංචා රැසක්- කවදා නීතිය ක්‍රියාත්මකවේද?
4. සුදර්මන් එජනිස මැයි රැලියේ- වරෙන්තුවට මාස 10යි
5. වරෙන්තුවක් තිබියදී මාස 8කට පසුත් සුදර්මන් තවමත් නිදැල්ලේ
6. වරෙන්තුවෙන් මාස 6කට පසුත් සුධර්මන් නිදැල්ලේ
7. සුධර්මන්ට නිතිය ප්‍රමාද ඇයි?
8. අයි.ටී.එන් තුලාව නොවූ අධිකරණයේ තුලාව
9. සුධර්මන්ට වැඩ වරදී
