අමල් පෙරේරා ඇප මත නිදහස් කරයි
Tuesday, August 28, 2012
ජනප්‍රිය ගායක අමල් පෙරේරා පොලීසිය සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.මාර්ගය අවහිර වන ආකාරයට ඔහුගේ වාහනය මාර්ගයේ නතර කිරීම නිසයි මෙම ආරවුල ඇතිවී තිබෙන්නේ.
පොලිස් රාජකාරියට බාධා කළැයි අත් අඩංගුවට පත් අමල් පෙරේරාට 1997 නිකුත් කළ වරෙන්තුවක් තිබී ඇති බවත් අනතුරුව පොලීසිය පවසා තිබෙනවා.
පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුව නතුරුව බලපත‍්‍රයක් නැතිව රිය පැදවීයැයි චෝදනා කරමින් රු. 5000 ක ශරීර ඇප මත මුදා හරින්නැයි කළුතර අතිරේක මහේස්ත‍්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කර තිබෙනවා
නඩුව ලබන 25 වැනිදාට කල් තැබිණි.
අමල් පෙරේරා වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ සිරස සුපර්ස්ටාර් හි විනිශ්චයකරුවෙක් වශයෙන් එක්වීමෙන් පසුවය.
