සර්වඥ ධාතූන් වහන්සේ හිරු TV මාතලේට වැඩමකරවයි
Tuesday, August 28, 2012
පසුගිය 19 වනදා ලංකාවට වැඩම කරනලද කපිලවස්‌තු ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ බොහෝ අවස්ථාවලදී රැගෙන යන්නේ නාමල් රාජපක්ෂ මහතා විසිනි. ධාතු ප්‍රදර්ශනය ආරම්භ කළ කැළණිය මානෙල්වත්ත විහාරයෙන් පසුව පැල්මඩුල්ල කරා රැගෙන ගියේ නාමල් රාජපක්ෂ විසිනි.
ඊයේ උදෑසන අනුරාධපුර සිට ගුවන් මගින් කන්තලේ වේළුවන රජමහා විහාරය වෙත වැඩමවූ අතර එම වැඩමවීම කළේද නාමල් රාජපක්ෂ විසිනි.
මෙම පුවත ඊයේ හිරු TV නිවුස් වලින් දිගින් දිගටම වාර්තා කළේ "කපිලවස්‌තු සර්වඥ ධාතූන්වහන්සේ මාතලේට වැඩමකෙරේ" යනුවෙනි. කන්තලේ හා මාතලේ ඔවුන්ට වැරදී තිබුණි.
"පැත්ත ගියත් ඇත්ත කියන" යන්න ඔවුන්ගේ පාඨය වුවද පුන පුනා පුරා පැය භාගයකට අසන්න කාලයක් ඔවුන් වරින් වර එම වැරදි පුවත ප්‍රදර්ශනය කලේ පහත පරිදිය.
කැළණිය මානෙල්වත්ත විහාරයෙන් ගුවන් මඟින් සර්වඥ ධාතූන් වහන්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයට රැගෙන ගිය මන්ත්‍රී නාමල් රාජපක්ෂ
අනුරාධපුර සිට කන්තලේ අග්‍රබෝධි වේළුවන රජමහා විහාරය වෙත ඊයේ කපිලවස්තුපුර සර්වඥ ධාතුන්වහන්සේ රැගෙන ගිය මන්ත්‍රී නාමල් රාජපක්ෂ

කන්තලේ අග්‍රබෝධි විහාරයේ සිට ගම්පොළ වීගුලවත්ත ක්‍රීඩාංගණයට විශේෂ හෙලිකොප්ටර් යානයෙන් සර්වඥ ධාතුන් වහන්සේ රැගෙන ආ නාමල් රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්ට කරඬුව භාරදුන් අවස්ථාව

නාමල් රාජපක්ෂ විඔඉන් ගම්පොල සිට වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන වෙත සර්වඥ ධාතූන් වැඩමවූ අවස්ථාව.


නාමල් රාජපක්ෂ විසින් වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙනේ සිට මාතර කොටිකාගොඩ රාජමහා විහාරයට ධාතූන් වහන්සේ වැඩමවූ අවස්ථාව

සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කළ හැකි ස්ථාන පහතින්



