පියෝ ටීවී සිරස ටීවී නැවත බැලීම නවත්වයි

ශ්‍රී ලංකා ටෙලිකොම්හි පියෝ ටීවී මගින් ලබාදෙන TSTV (Time Shift TV ) පහසුකම සිරස හ ශක්ති ටි.වී චැනලයන් සඳහා මේ දිනවල ක්‍රියාත්මක වන්නේ නැත.බොහෝ කාර්යබහුල පුද්ගලයන් TSTV පහසුකම වැඩිපුර මුදල් ලබා දී සක්‍රියකොට යොදාගන්නේ තමන්ට මගහැරුණු වැඩසටහන් නැරඹීම සඳහාය.

නමුත් පසුගිය සතියේ ඉරිදා දිනයේ සිට සිරස් සහ ශක්ති චැනලයන් සඳහා ටෙලිකොම්හි TSTV පහසුකම ක්‍රියාත්මක වන්නේ නැත.

මේ පිලිබඳ අප පියෝ ටි.වී තාක්ෂණික නිලධරිඑකුගෙන් විමසු විට ඔහු කියා සිටියේ මෙය තාක්ෂණික දෝෂයක් බවත් ඉකමනින් එය යත තත්වයට පත් කිරිමට කටයුතු කරන බවත්ය.

IPTV පද්ධතිය යටතේ අනෙකුත් සියලුම නාලිකා සඳහා නැවත බැලීමේ පහසුකම තිබුනත් සිරස සඳහා පමණක් එය නොමැති වීම පුදුමයකි.



මේ පිලිබඳ කල විමසීමකදී අපට දැනගැනීමට ලැබුනේ දේශපාලන වුවමනාවක් මත පියෝ ටීවී හි අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකු විසින් මෙම සැලසුම ක්‍රියාවට නංවා ඇති බවයි.ළඟ එන මැතිවරණයත් සමග පලවන අවාසිදායක පුවත් මගහැරිම මෙහි ඉලක්කය වී ඇත.

අනාගතයේ ප්‍රධාන විධායක තනතුර බලාපොරොත්තුවෙන් පසුවන සුදුසුකම් නොමැති දේශපලන බලයෙන් ඉහලට යන කාන්තාවක්ද මේ පසුපස සිටින බව වාර්තා වේ.පියෝ ටි.වී මෙවැනි දේශපාලන ඇත පෙවීම් සිදුකල පළමු අවස්ථාවේ මෙය නොවේ.

CSN නාලිකාව දවසක් තුල සිය පද්ධතියට ඇතුළත්කොට වෙනත් ජනප්‍රිය නාලිකාවක් සුක්ෂම ලෙස ඉවත්කිරීමට ඔවුන් මෙයට පෙර කටයුතු යොදා තිබුණි.

Related Posts Plugin for WordPress, Blogger...