ලක්ෂ 39 ක් ඉල්ලා බිරිඳට පහරදුන් රංගේ බණ්ඩාරගේ පවුල් ආරවුල

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ දරුණු පහර දීමකට ලක්ව ඔහුගේ බිරිඳ පසුගියදා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියා.

මෙම පහරදීමෙන් අනතුරුව දෙදෙනා වෙන වෙනම පොලිසියට ගොස් පැමිණිලිකොට තිබුණි. මෙය සාමන්‍යය පහරදීමක් නම් පොලිසිය විසින් එය සමථයට පත් කිරීමට හැකියාවක් තිබුණි.

නමුත් රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සිය බිරිඳට පහරදී තිබුනේ මන්ත්‍රීවරයෙකුට කිසිසේත්ම නොගැලපෙන අයුරිනි.


රිඳගේ මුහුණ හා කට ප්‍රදේශය ඉදිමෙන තුරු පහරදී ඇති රංගේ බණ්ඩාර පහරදීම නවත්වා ඇත්තේ ඇයට රෝහල්ගතවන තැනට වැඩ සලසාය. නමුත් රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාට තිබුනේ සුළු සිරීම් තුවාල පමණි.

රංගේ බණ්ඩාරගේ බිරිඳ වන්නේ සීතා විජේලතාය. සිතා තමාගේ පෙර විවාහයේ දරුවෙකුගේ ව්‍යපාරික කටයුත්තක් වෙනුවෙන් රංගේ බණ්ඩාරගෙන් රුපියල් ලක්ෂ 39 ක් ඉල්ලා ගෙන ඇති අතර එය ආපසු ලබාදෙන මෙන් බලකරමින් මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකොට ඇත.

සිත විජේලතා සිය පළමු විවාහයෙන් 1982 වසරේදී නිත්‍යානුකුලව වෙන්වී ති අතර එම විවාහයේ ඇගේ පුතා දැන් ව්‍යාපාරිකයෙකි. සීතාට රංගේ බණ්ඩාර හමුවන්නේ 1990 වසරේදීය. එවකට ඔහු පොලිස් නිලධාරියෙකි.

රංගේ බණ්ඩාර ද පළමු විවාහයෙන් වෙන්වී ඇති තර ඔහු නිත්‍යානුකුලව වෙන්වී ඇත්දයි යන්න වාර්තා නොවේ. එම විවාහයෙන් රංගේ බණ්ඩාරට දියණියක් හා පුතෙකු වන අතර ඔවුන්ද දැනට සීතා භාරයේ පසුවෙයි. රංගේ බණ්ඩාර හා සිතාගෙ විවාහයෙන් ඔවුන්ට දියණියක්ද සිටි.

මෙම ආරවුලෙන් පසු පොලිසියට ගිය මන්ත්‍රීවරයා පොල්සියට සිය සිරුරේ වූ සිරීම් තුවාල පෙන්වමින් පවසා ඇත්තේ තමා බිරිය පහර දුන් බවත් මුදල් ගනදෙනුවක් හා සිය බිරිඳ තමා අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට සැක කරන නිසා මෙසේ ආරවුල් ඇතිවන බව පවසා ඇත.

සීතා විජේලතා විසින් රෝහල් ගතකිරීමෙන් අනතුරුව එහිදී ගාලගෝට්ටියක් සිදුකර තිබෙන අතර ඔවුන්ගේ මෙම ගුටි ඇනගැනීම පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබාදී ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලය විසින් බවයි ඇය රෝහලේදී මහ හඬින් බැණ වැදී තිබෙන්නේ.

"තොපි තමයි රට අවුලන්නේ. උඹලා තමයි මේක රට පුරා කිවුවේ" යයිද පවසා ඇති ඇය ඉන්පසු බලහත්කාරයෙන් ටිකට් කපාගෙන පිටව ගොස් තිබුණා.

Related Posts Plugin for WordPress, Blogger...