වසර තුනක් පානදුර මුහුදේ නැංගුරම් දමා තිබූ නැව ගිලේ
Thursday, August 23, 2012සයිප්‍රස් රජයට අයත් "තර්මොපිලී සියෙරා" නෞකාව අධිකරණ හේතුමත පසුගිය වසර 3ක කාලයක් පානදුර මුහුදේ නැංගුරම් දා තිබූ අතර මේ වනවිට එය ගිලෙන්නට පටන්ගන තිබෙනවා.
අද උදෑසන 10.30 ට පමණ ගත් පහත ජායාරූප වලින් පැහැදිලි වන ආකාරයට එය අද දිනය තුළදී සම්පූර්ණයෙන් මුහුදු පතුලට ගිලා බැසීමට නියමිතයි
මෙහි ටොන් 25 ක්‍රේන් දෙකක් හා ටොන් 35 ක්‍රේන් එකක් තිබෙන අතර මේ වනවිට ටොන් 35 ක්‍රේන් එකේ බොහොමයක් පවතින්නේ ජලයෙන් යටය.
ටොන් 15,612ක් බර මෙම නෞකාව මීටර් 155ක දිගින් හා මීටර් 27ක පලලින් යුක්ත වන අතර මෙහි දැවි තෙල් මෙට්‍රික් ටොන් 370ක් පමණ තිබුණා.
වසර තුනක් මුහුදේ නැංගුරම් දා තිබීම නිසා දිරායමින් තිබූ නෞකාවට පසුගිය මැයි මාසයේදී අධිකරණ නියෝගයක් ලැබී තිබුණේ "මාස්ටර් ඩයිවර්ස්" සමාගමට භාරදී එය ත්‍රීකුණාමලයට රැගෙනගොස් අලුත්වැඩියා කිරීමටය. නමුත් එවැන්නක් සිදු නොවූ අතර එම නෞකාවේ වූ ඉන්ධන ඉවත්කිරීමක් හෝ සිදුවූ බව වාර්තා වුනේ නැහැ.
මෙම නෞකාව අද මුහුදු බත්වීමෙන් පසුව එහි ඉන්ධන තිබුනේ නම් එය ශ්‍රී ලංකාව අවට මුහුදේ සාගර ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වනු නොඅනුමානය.
මේ වනවිට නැව ගිලාබසිමින් තිබෙන ජායාරූප පහතින්.
ඉහත ජායාරූප විශාල කර බැලීමට මෙතනින්.

ගිලෙන්නට පෙර නෞකාව
ජායාරූප එව්වේ: ඉමායා දුන්ගේ හා ෂෙලින්ක ප්‍රිමාල්.
ඉහත ජායාරූප විශාල කර බැලීමට මෙතනින්.