මේ අල්ලන්නේ කෞතුකාගාරයේ සැබෑ හොරුන්මද?

අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ ජාතික කෞතුකාගාරයේ පෞරාණික භාණ්ඩ තොගයෙන් කොටසක් මේ වනවිට පොලීසිය විසින් සොයාගන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයෙකු තම පුතාට "අර බඩු වෙත තැනක හංගපන්" යැයි ඇමතුමක් දි ඇති අතර එම ඇමතුම ලබාගත් පුත්‍රයා තම පෙම්වතියගේ නිවසට එම බඩු යවා ඒවා හංගා තබන ලෙස උපදෙස් දී ඇත.

එම බඩු හංගා තැබිමට බියවූ පෙම්වතිය ඒවා ත්‍රීවීල් රියදුරෙකුට දී ඇත්තේ බොල්ගොඩ ගඟට දැමීමටය. නමුත් රියදුරු විසින් ඒවා පොලීසියටම ගොස් බාරදීමෙන් නැතිවූ භාණ්ඩ පොලීසිය සොයාගන ඇත.

මීට පෙර ජාතික කළා භවනේ මුරකරු වූ ස්ටැන්ලි පැහැරගෙන ගොස් දින 20 ක් පහර දෙමින් කටුගෙයි සොරකම බාර ගන්නා ලෙස බල කළ අතර පසුව කටුගෙයින් සොරකම් කළ රන් භාණ්ඩ උණු කළේ යයි ද රන් භාණ්ඩ කිහිපයක් අල්ලා ගත්තා යැයි ද කියමින් වත්තල ප‍්‍රදේශයේ රන් කරුවෙකු අත් අඩංගුවට ගෙන "කටුගෙයි සොරුන් අල්ලා ගත්තා" කියා පුළුල් ප‍්‍රචාරයක් දී පසුව හෙමින් සීරුවේම රන් කරුවා නිදහස් කෙළේය.

අලුත්ම සිද්ධියට අදාල කතා පුවත මෙසේය


මෙම පුරාවස්‌තු කොල්ලය පිළිබඳව සුලමුල හෙළි වී ඇත්තේ කොළඹ වරායේ භාණ්‌ඩ මිලදී ගන්නා දෙමළ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්‌ රුපියල් පනස්‌ ලක්‍ෂයක කප්පම් මුදලක්‌ ලබාගැනීමට සැලසුම් කළ කප්පම් කල්ලියට නායකත්වය දුන් බිල්ඩර් ප්‍රසාද් නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

බිල්ඩර් ප්‍රසාද් යනු මාලිගාවත්ත ප්‍රදේශයේ ශරීර අභ්‍යාස ආයතනයක්‌ පවත්වාගෙන ගිය මෙම සැකකරු කොළඹ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරයකු වන 'බැට් සංජිව'ගේ සහෝදරයෙකි.

ඔහුට අයත් මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස කොටහේන පොලිසියේ අපරාධ අංශ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් පරීක්‍ෂා කර ඇත්තේ අවි ආයුධ කීපයක්‌ එම නිවසේ සඟවා ඇති බවට ලැබුණු තොරතුරු මතය.

එම නිවසේ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරිහරණය කළ පිස්‌තෝලයක්‌ සහ අත්බෝම්බයක්‌ ද පොලිසිය සොයාගන්නා ලද අතර පරීක්‍ෂාව කරන අවස්‌ථාවේදී මෙම පුරාවස්‌තු කීපය බෑගයක දමා නිවසේ කැබිනට්‌ටුව මත තබා තිබූ අතර එය ද පොලිස්‌ නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්‌විය.

එහිදී සැකකරු පවසා ඇත්තේ තමා පැරණි භාණ්‌ඩ එකතු කිරීමට උනන්දුවක්‌ දක්‌වන පුද්ගලයකු නිසා මෙම පැරණි භාණ්‌ඩ ළඟ තබාගෙන සිටින බවයි.

අවි ආයුධ සෙවීමට උනන්දු වූ පොලිස්‌ නිලධාරීන් මෙම පුරාවස්‌තු කොටස්‌ ගැන එතරම් උනන්දුවක්‌ දක්‌වා නැති අතර ඔවුන් ආයුධ රැගෙන ගොස්‌ ඇත. පසුව නැවතත් මෙම නිවසට පැමිණ පොලිසිය එහි සැක කටයුතු ස්‌ථාන පරික්‍ෂා කර තිබේ.

මෙම සිද්ධියෙන් පසු බිල්ඩර් ප්‍රසාද්ගේ 18 හැවිරිදි පුත්‍රයා සිය පෙම්වතියට දුරකථනයෙන් කතා කර තමා පැරණි භාණ්‌ඩ කීපයක්‌ නිවසට එවන බව පවසා එම භාණ්‌ඩ සඟවා තබන ලෙස උපදෙස්‌ දී තිබේ.

ඒ අනුව හිතවතකු මාර්ගයෙන් මෙම පුරාවස්‌තු කොටස්‌ කීපය කැලණිය ප්‍රදේශයේ පිහිටි බිල්ඩර් ප්‍රසාද්ගේ පුත්‍රයාගේ පෙම්වතියගේ නිවසට යවා ඇත. පුරාවස්‌තු කොටස්‌ ළඟ තබාගෙන සිටීමට බිය වූ එම පවුලේ සාමාජිකයන් එම භාණ්‌ඩ කීපය ඔවුන් හඳුනන ත්‍රිරෝද රථ රියෑදුරකුට ලබාදී ඇත්තේ ඒවා බොල්ගොඩ ගඟට දැමීමටයි.


එම ත්‍රිරෝද රථ රියෑදුරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පුරාවස්‌තු කොටස්‌ පිළිබඳව සැක පහළ කළ ත්‍රිරෝද රථ රියෑදුරු එය පිළියන්දල පොලිසියේ නිලධාරියකුට භාර දී ඇත.

ඉපැරණි කඩුවක මිට කොටස සහ තවත් කඩුවක කොටස්‌ කීපයක්‌ පිළිබඳව සැක පහළ කළ පොලිස්‌ නිලධාරීන් ඒ පිළිබඳව කොළඹ ජාතික කෞතුකාගාරය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව එම පුරාවස්‌තු කොටස්‌ ජාතික කෞතුකාගාරයේ නිලධාරියකුට පෙන්වා ඇති අතර ඒවා කෞතුකාගාරයේ නැති වූ භාණ්‌ඩ බවට හඳුනාගෙන නැත.

ඒ අනුව පොලිස් නිලධාරීහු මෙම කෞතුක භාණ්‌ඩ පරීක්‍ෂා කිරීමේදී ඒවා කෞතුකාගාරයෙන් සොරාගත් ඒවා බවට සැක කර ඇති අතර පසුව කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්‌ කැඳවා පරීක්‍ෂා කරද්දී එම පුරාවස්‌තු කොටස්‌ කෞතුකාගාරයෙන් සොරාගත් ඒවා බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථ රියෑදුරාගෙන් ලද තොරතුරු මත කැලණියේ පදිංචි බිල්ඩර් ප්‍රසාද්ගේ පුත්‍රයාගේ පෙම්වතිය සහ මව අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලදී. මව කොළඹ නගර සභාවේ පිරිසුදු කිරීමේ සේවිකාවකි. පෙම්වතිය ගුවන් සමාගම් සේවිකාවකි.

එහිදී හෙළිවූයේ මෙම පුරාවස්‌තු බිල්ඩර් ප්‍රසාද්ගේ පුත්‍රයා විසින් ලබාදුන් ඒවා බවයි. ඒ අනුව මෙම පුරාවස්‌තු ලැබුණේ කෙසේද යන්න බිල්ඩර් ප්‍රසාද්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

මෙම පුරාවස්‌තු කෞතුකාගාරයෙන් සොරාගත් ඒවා බව තමන් නොදන්නා බවත් ඒවා මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයකු තමන්ට ලබාදුන් බවත් බිල්ඩර් ප්‍රසාද් පොලිසියට පවසා ඇත.

මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ තරුණයා බියගම ප්‍රදේශයේ ඉඩමක්‌ විකිණීමට තමා කැඳවාගෙන ගිය අවස්‌ථාවේ මෙම පුරාවස්‌තුවලින් කොටසක්‌ කැලෑවට විසිකිරීමට රැගෙන ගිය බවත් ඒවා පිළිබඳව ආශාවක්‌ ඇති වී තමා ඒ භාණ්‌ඩ ලබාගත් බවත් ඔහු පවසා තිබේ.

ඒ සඳහා රුපියල් 4,000 ක්‌ තමා සැකකරුට දුන් බව ද බිල්ඩර් ප්‍රසාද් පවසා ඇත.

මෙම භාණ්‌ඩ ලබාදීමෙන් පසු සැකකරු රන් මුදුවක්‌ ද තමන්ට දුන් බවත් එය නිධානයකින් ලබාගත් එකක්‌ බව පැවසූ බවත් බිල්ඩර් ප්‍රසාද් ප්‍රකාශ කර සිටියේය.

එහෙත් තමා ඒ රන් මුදුව භාර ගත්තේ නැති බව ද ඔහු පවසයි. ඊට අමතරව රන් ආලේපිත මංජුසා දෙකක්‌ ඇතුළු පුරාවස්‌තු කීපයක්‌ම තමා සතුව ඇති බව මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ තරුණයා ප්‍රකාශ කළ බවට බිල්ඩර් ප්‍රසාද් පොලිසියට කටඋත්තර ලබා දී තිබේ.

මෙම සිද්ධියෙන් පසු මොහු තමා හමුවීමට නොපැමිණි බව ද ඔහු පවසා ඇත.

මේ අතර බිල්ඩර් ප්‍රසාද් නමැත්තාගේ යතුරු කැරැල්ලේ එල්ලා ගෙන සිටි රිදී මුදු දෙකක්‌ ද පොලිසිය සොයාගත් අතර ඒවා ද මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ තරුණයා ලබාදුන් භාණ්‌ඩ බව ඔහු පවසා ඇත. එම මුදු දෙක ද කෞතුකාගාරයෙන් සොරාගත් ඒවා බව පසුව හෙළිවිය.

නමුත් ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමි පවසන්නේ මෙවැන්නක්

"සාමාන්‍ය බුද්ධියට වැටහෙන දේ තමයි මේ තරම් සියුම් සැලසුමක් ක්‍රියාත්මක කරන්න මේ කුඩු වලින් මංමුලා වෙච්ච, උමතුවෙච්ච පුද්ගලයින්ට පුළුවන්කමක් නෑ. මේක කෞතුකාගාරයේ ප්‍රධානීන්ගේ සහයෝගය ඇතුව සති ගනනාවක් නෙවෙයි මාස ගනනාවක් සැකසුම් කරලා තියනවා.

අධි ආරක්ෂිත කලාපයේ මේක සිද්ධ වෙන්නේ. මේ සිදුවීමට කලින් ආරක්ෂිත කැමරා පවා ක්‍රියාවිරහිත කරලා. එහෙම කරන්න බෑ කුඩු කාරයෙකුට, මුරකාරයෙකුට. මෙතන තියනවා විශාල දේශපාලන බලගතු හස්තයන්. ඒකයි සම්බන්ධ වෙලා තියනවා

යම් යම් ප්‍රභූවරුන්ගේ බඩු නැතිවුන වෙලාවෙදී රුපියල් ලක්ෂ හතලිහ, හතලිස්පහේ ඔරලෝසු නැතිවුන වෙලාවේ, ඒ වගේම ඇතැම් ඇත්තන්ගේ ගෙවල් බිඳලා සල්ලි හොරකම් කරපු වෙලාවේ පැය ගනන් ඇතුලත මේවා ඔක්කොම හෙව්වා. මෙතන අලුත් නිර්මානයන් වෙනවා. හොරුන්ට පැනලා යන්න ඉඩ ඇරලා අහිංසකයින්ව කොටුකරගැනීමේ වැඩ පිළිවෙලක් තියනවා කියන බව තමයි සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න තියනදේ.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනයේදී හැදුනුම්පත් සාක්‌කුවේ දැමූ මළසිරුරක්‌ වැරදිකරු වූවා සේ ජාතික කෞතුකාගාරයේ හොරකම අවසානයේදී කුඩු පැකට්‌ටුවක්‌ වැරදිකරු වී තිබෙනවා.
"

එම වීඩියෝව පහතින්



මේ අතර ඊයේ තවත් නැතිවූ භාණ්ඩ කීපයක් හෝමාගම ප්‍රදේශයේ කාන්තාවකගේ ඇඳයට තිබී සොයාගන තිබෙනවා.

හෝමාගමින් සොයාගත් භාණ්ඩ අතර පළඳනා රැසක් හා මංජුසා ද වවන අතර ඒවා මිලදීගෙන තිබෙන්නේ මාලිගාවත්ත ප්‍රදේශයේ ස්වර්නාභරන ව්‍යාපාරිකයෙකුඑන්.. එම පුද්ගලයා ලඟ තිබූ කෞතුක භාණ්ඩ වල තිබූ උණුකර ලබාගත් රන් ග්‍රෑම් 212ක්ද, රිදී ග්‍රෑම් 513ක්ද හමුවී තිබෙනවා.

හෝමාගමින් අත් අඩංගුවට ගත් කාන්තාව පවසා ඇත්තේ තව කෞතුක භාණ්ඩ රැසක් ඇගේ සැමියා ලඟ හා ඔහුගේ සහෝදරයා ලඟ තිබෙන බවයි.

මෙම සොරකම් කරනලද භාණ්ඩ අතුරින් වටිනාම භාණ්ඩයවූ "කානේලියන්" වර්ගයේ පාෂාණ්ය අල්ලන ලද මුදුව පෙරේදා මාලිගාවත්තේ ව්‍යාපාරිකයෙකු වූ සුරංග පතිරණ ලඟ තිබී හමුවී තිබෙනවා.

ඔහු ලඟ තිබී කනේලියන් වර්ගයේ පාෂාණ්යේ මුදුවේ මැණික් ගලත්, රතු පැහැති තවත් මැණික් ගල් 53ක්, විවිධ පාටින් යුත් මැණික් ගල් 6ක්, රු. 5000 රත්‍රන් කාසියක්, රිදී කාසි 1ක්, රත්‍රන් කැට 2ක්, කස්තාන කොපු 2ක් සොයාගන තිබෙනවා. ඒ සියල්ල ඔහු ලබාගන ඇත්තේ රු. 15,000කටය. මේ අනුව නැතිවූ භාණ්ඩ 221න් 70ක් පමණ සොයාගන තිබෙන බවයි පොලීසිය පවසන්නේ

වසර දෙදහසකට වඩා පැරැණි අනුරාධපුර යුගයට අයත් කානේලියන් මාණික්‍යය සහිත හස්‌මුදුව ශ්‍රී ලංකා ඉතිහාසයේ හමු වූ එකම හස්‌මුදුව වන අතර එය අනුරාධපුර යුගයේදී වෙළෙඳ කටයුතු සඳහා මුද්‍රා තැබීම සඳහා පාවිච්චි කළ එකකි.

කෞතුකාගාර භාණ්ඩ සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව පවසන ලංසගේ ප්‍රියන්ත මෙණ්ඩිස් තවමත් අත් අඩංගුවට ගෙන නැති අතර ඔහු පිළිබඳ ව නිවැරදි ‍තොරතුරු ලබාදෙන කෙනෙකුට පොලීසිය විසින් ලක්ෂ 5ක් ලබාදීමට පොරොන්දු වී ඇත. 


මීට පෙර කටුගේ හොරා මේ වගේ කියමින් පොලීසිය විසින් ෆ්‍රැෆික් ජායාරූපයක් සාදා ප්‍රසිද්ධ කල අතර දැන් සොයන හොරාගේත් කලින් ප්‍රසිද්ධ කළ හොරාගේත් කිසිදු ගැලපීමක් නැත

කෞතුකාගාර සොරකමට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම පිළිබඳව වීඩියෝව පහතින්



-සම්බන්ධිත පුවත්-
අධි ආරක්ෂිත කලාපයක තිබී රැකගැන්මට බැරිවූ කෞතුකාගාරය
කෞතුකාගාරයට පැනපු හොරු සති දෙකෙන් අල්ලනවා
කටුගේ හොරා කොටුවේ!
කෞතුකාගාරයේ කඩු හොරකම කළේ කුරුඳුවත්ත පොලීසියමද?

Related Posts Plugin for WordPress, Blogger...