ඩයලොග් TV වලට සිරස නාලිකාව එක්වෙයි
Friday, August 24, 2012ඩයලොග් ටීවී ආයතන විසින් ඔවුන්ගේ දේශීය නාලිකා අතරට සිරස ටීවී නාලිකාව මේ මස 26 වනදා සිට එක්කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය 22වනදා මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි අපවෙත දැනගන්නට ලැබෙන්නේ.
මේ වනවිට ඩයලොග් ටීවී දේශීය නාලිකා අතර පරීක්ෂණ නාලිකාවක් ඇති බව පෙන්වීමක් කළද විකාශන කටයුතු කෙරෙන්නේ නැහැ.
ඇනලොග් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා ලබා දිය හැකි රූපවාහිනී හෝ රේඩියෝ නාලිකා ගනන එකක් වුවද ඩිජිටල් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා එක් ට්‍රාන්පොන්ඩර් එකකින් චැනල් කිහිපයක් ලබාදිය හැකිය.
එම සංඛ්‍යාතය හරහා ලබාදෙන නාලිකා ප්‍රමාණය වැඩි කිරීමේදී ඒවායේ ගුණාත්මක තාවය අඩුවේ. එම නිසා 11632MHz යටතේ සිරස ටීවී නාලිකාව ලබාදෙන්නේ මෙතෙක් ලබාදී තිබූ "ඕස්ට්‍රේලියන් නෙට්වර්ක් නාලිකාව" ඉවත්කිරීමෙනි.
මුලින් ටෙලිකොම් ආයතනය හරහා ලබාදෙන පියෝ ටීවී සඳහාද සිරස ටීවී නාලිකාව ලබානොදුන්නද 2011 වසරේ අගෝස්තු මාසයේ සිට එය ලබාදීම ආරම්භ වුණා.
අලුතින් සංඛ්‍යාත ලබාගන විදේශීය නාලිකා ප්‍රමාණය වැඩි කිරීම හෝ ලබාදෙන නාලිකාවල ගුණාත්මකතාවය වැඩි කිරීමක් නොකොට තිබෙන ට්‍රාන්ස්පොන්ඩර් එක හරහාම තිබෙන විදෙස් නාලිකා ප්‍රමාණයත් අඩු කිරීම ඩයලොග් ටීවී පාරිභෝගිකයන් බලාපොරොත්තු වන්නේ නැහැ.
"Intelsat 12" චන්ද්‍රිකාව හරහා ඩයලොග් ටීවී ආයතනය ලබාදෙන නාලිකා හා ඒවායේ විස්තර මෙතතින්.
-සම්බන්ධිත පුවත්-
සිරස ටීවී දැන් PEO ටීවී තුලින්
හිරු ටීවී පරීක්ෂණ විකාශ කටයුතු ආරම්භ කරයි
Lanka TV හා TV Lanka රූපවාහිනී නාලිකා විකාශයන්
ඩයලොග් TV හා පියෝ TV HD තාක්ෂණයට සැරසෙයි
හිරු TV මැයි 23වනදා සිට
හිරු TV හෙට සිට