කියුරියෝසිටි අඟහරු මත ගමන් අරඹයි
Friday, August 24, 2012නාසා ආයතනය මඟින් යවන ලද කියුරියොසිටි යානය අඟහරු වෙත ගොඩ බස්සවා මේ වන විට සතියක් ඉකුත්ව ගොස් ඇතත් එය ධාවනය වීම ඇරඹුවේ ඊයේ දිනයේ දීයි.
මේ වන විට එහි ධාවිත ජායාරූප ලැබී තිබෙනවා. කියුරියෝසිටි රොබෝ රථය අංශක 120 ක් කැරකෙමින් අඩි 15ක් ඉදිරියට ධාවනය වී ඇති අතර අඩි 8ක් පසු පසටද ධාවනය වී තිබෙනවා.
රෝවර් යානය මුලින්ම ගොඩබැස්සවූ ස්ථානය මේ වන විට බ්‍රැඩ්බරි (Bradbury) ලෙස නම් කර තිබෙනවා. ඒ විද්‍යා ප්‍රබන්ධ රචකයකු වන රේ බ්රඩ්බරි (Ray Bradbury) හට උපහාර පිණිසයි.
රෝවර් හි ප්‍රථම අඟහරු චාරිකාව සටහන් වී තිබෙන්නේ මෙලෙසයි. මෙම ජායාරූප වල එහි රෝද වල සටහන් දැකිය හැකියි.
විද්‍යාඥයින්ගේ මෙහෙයවීමෙන් එය අවට පරිසරය වෙත දිශානති කිරීමෙන් අනතුරුව ඡායාරූප ලබා ගැනීමට සමත් වී තිබෙනවා. එමඟින් ගත් පළමු High Resolution ඡායාරූපය වුනේ ගේල් ආවාටයේ ඡායාරූපයයි.
මෙම ඡායාරූපය 5000x700 High Resolution ප්‍රමාණයෙන් බැලීම මෙතනින්.
එහෙත් මේ වන විටත් පාශාණ වර්ග පිළිබඳව වැදගත් තොරතුරු ලබා ගැනීමට සමත් වී ඇති අතර ඉදිරියේ දී ඒවා පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
මෙසේ පාශාණ පිළිබඳව ලබාගත් පළමු ඡායාරූපය පසුගිය ඉරිදා දිනයේ දී ලැබී තිබෙනවා. මෙහිදී අඟහරු තුළ ඇති ඛණිජ ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා සැලසුම් කරන ලද ලේසර් තුවක්කුවක් යොදාගෙන ඇති අතර විද්‍යාඥයින් පවසන්නේ ඒ සඳහා යෙදවූ ඔවුන්ගේ උත්සාහය සාර්ථක වී ඇති බවයි.
ඒ සඳහා අදාල පාශාණය වෙත ඉලක්ක කරමින් ලේසර් කිරණ ස්පන්ද (pulse) 30 ක් තත්පර 10 ක් ඇතුලතදී එල්ල කළ බව නාසා ආයතනය විසින් නිකුත් කළ නිවේදනකය සඳහන්. මෙම සෑම ස්පන්දයකදීම ශක්තිය වොට් මිලියනයකට වඩා අධික ප්‍රමාණයක් නිකුත් වී තිබෙනවා.
මෙහිදී පාශාණයේ අල්පෙනෙති හිසක ප්‍රමාණයේ තලයකට එල්ල කළ ලේසර් කිරණ හේතුවෙන් ඉතා කුඩා පුලිඟු ඇති වූ බව උපකරණයේ සවිකර තිබූ ටෙලස්කෝපය මඟින් හෙළි කර තිබෙනවා.
අඩි 25 ක පමණ දුරක් වන තෙක් සිට නිරීක්ෂණය කළ හැකි සහ පටිගත කළ හැකි ස්පෙක්ට්රො මීටර 3ක තරංග ආයාමයකින් යුක්ත වූ අයණීකෘත පිලිඟුවක් නිකුත් වූ අතර එය අධ්‍යනය කිරීම මඟින් විද්‍යාඥයින් විසින් එම පාශාණයේ රසායනික ව්‍යුහය පිළිබඳව තොරතුරු ලබා දීමට නියමිතයි.
මෙම සංයුක්ත පද්ධතිය Chemistry-and-Camera instrument හෙවත් ChemCam ලෙස නම් කර ඇති අතර පාරජම්බුල කිරණ, අධූරක්ත කිරණ, සහ ආලෝක කිරණ වල ඇති තරංග ආයාමයන් 6,000 කට අධික පරාසයක් හඳුනා ගැනීමේ හැකියාව මෙම පද්ධතිය සතු වනවා. එසේම අඟහරු මත කියුරියෝසිටි මෙහෙයුම පුරාවට මිණුම් 14,000 ක් ලබා ගැනීමට හැකි වන අයුරිනුයි නිර්මාණය කර තිබෙන්නේ. මෙම ChemCam පද්ධතිය උපකාරයෙන් දැනට ඉතා වැදගත් වර්ණාවලීයක් ලබා ගැනීමට හැකි වූ බව නාසා ආයතනය පවසනවා.
ChemCam පද්ධතිය මඟින් ලබාගත් පලමු ඡායාරූපය.
සැතපුම් 3ක (කි.මී.5ක) උසකින් යුත් මවුන්ට් ශාර්ප් (Mount Sharp) ලෙස නම් කල කන්දක රෝවර් මඟින් ලබාගත් තවත් සියුම් ඡායාරූපයක්.
රෝවර් නැවිගේෂන් කැමරාව මඟින් ලබාගත් රෝවර් යානයේ තට්ටුවෙහි ඡායාරූපයක්. ඡායාරූපයේ ඉහල වම් පසින් යානයේ පසුපස කොටසක් දැකගත හැකි අතර දකුණුපස රෝද 2ක් ද මෙහි දක්නට ලැබේ.
එහි වීඩියෝව පහතින්.
විධාන කිහිපයකින් පමණක් ඕනෑම වෙලාවක දී ඡායාරූප මඟින් තත්කාලීන කළ හැකි විශේෂ වූ හැකියාව කියුරියෝසිටි රොබෝ රථයටද තිබෙනවා. එසේ හැකි වන්නේ VxWorks නම් කර්මණි පද්ධතිය (operating system) සහිත පරිඝනක යන්ත්‍රයක් රෝවර් කියුරියෝසිටි රොබෝ රථය තුළ අන්තර්ගත කර තිබීමෙනුයි. මෙම කර්මණි පද්ධතිය spacecraft, aircraft, the Apple Airport Extreme, Drobo storage devices, and Honda’s ASIMO robot වැනි ලොව පුරා උපකරණ බොහෝමයක අන්තර්ගත කර තිබෙන අතර ඉන් ඉතාමත් වටිනා ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා.
මාස 8කින් යුත් අඟහරු චාරිකාව අතරතුර දී අභ්‍යවකාශයේ දී සිදුවන ප්‍රභල ගැටීම් වලදී හානි සිදු නොවීම සඳහා නව ස්ථීරාංග (firmware) ද කියුරියෝසිටි යානයට සම්ප්‍රේෂනය කර තිබෙනවා.නාසා ආයතනය විසින් විධානයන් සම්ප්‍රේෂණය කිරීම තාවක්කාලීන කිරීමේ (Update) මෙහෙයුම පසුගිය සෙනසුරාදා ආරම්භ කළා.
"එහි ක්‍රියාපටිපාටිය පිළිවලට කරන ලෙස අපි විධානය කරනවා. ඉන්පසු අප රෝවර් යානය සමඟ සම්බඳතා අත් හිටුවනවා. මෙලෙස පැය 8ක් එය තනිව ක්‍රියා කරාවි. අපි එහි තත්වය උසස් කිරීම (upgrade) ආරම්භ කරනවා. එවිට එය පියවර මාලාවක් අනිගමනය කිරීමෙන් පසුව එය විසින්ම ක්‍රියාවිරහිත කරගනීවි.
නැවත එය විසින්ම පසු දිනයේ දී ක්‍රියාත්මක වීම ආරම්භ කරන අතර එහි සටහන් වී තිබෙන down link මඟින් පෙර දිනයේදී සිදු කළ කාර්යයන් මොනවාදැයි හඳුනා ගනීවි. දිනය අවසාන වන විට මෙම තත්වය උසස් කිරීමේ ක්‍රියාවලියේ (upgrading) සාර්ථක අසාර්ථක බව අපට තීරණය කළ හැකි වේවි. " යයි නාසා ආයතනයේ ජ්‍යේෂ්ඨ ගුවන්යානා මෘදුකාංග ඉංජිනේරු ස්ටීව් ස්කැන්ඩර් මහතා පවසනවා.
දැනට සැතපුම් බිලියන 9ක් දුරින් සිටින රෝවර් යානයේ ස්ථීරාංග (firmware) එයට සවි කරන ලද්දේ 2010 වසරේ දීයි.
එසේම මෘදුකාංග විද්‍යාඥයින් පවසන පරිදි න්‍යායිකව නම් රෝවර් කියුරියෝසිටි යානයේ ඇති පරිඝණක දත්ත ද අනවසරයෙන් ලබා ගත හැකි වනවා (hackable) එසේම එය අපහසුවකින් තොරව පවා සිදු කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කියුරියෝසිටි යානයේ මෙහෙයුම් මධ්‍යස්තානය වන Jet Propulsion Lab හි මෙහෙයුම් පද්ධතිය බිඳවැට්ටවීමෙන් මෙය පහසුවෙන් කළ හැකි බවත් DSN ඇන්ටෙනා (Deep Space Network antenna) ඔස්සේ යමෙකුට අවශ්‍ය දත්ත මුදා හැරිය හැකි බවටත් ඔවුන් පවසනවා.
APT ප්‍රහාර (Advanced Persistent Threat)47 කට නාසා ආයතනයේ අභ්‍යන්තර ජාලය මුහුණ පෑ බව නාසා ආයතනය ප්‍රකාශ කලා. ඉන් 13 ක් චීන ජාතිකයින් විසින් නාසා ජාලය වෙත එල්ල කළ ප්රහාරයි.
මේ අතර හඳුනා නොගත් අභ්‍යාවකාශ වස්තූන් (UFO) යයි සැක කෙරෙන වස්තූන් කිහිපයක් කියුරියෝසිටි රෝවර් යානය මඟින් ඡායාරූප ගත කොට තිබෙන බවට වාර්තා වනවා. මෙය රතු ග්‍රහයා හෙවත් අඟහරු ග්‍රහයාගේ දිගන්තය (horizon) ඔස්සේයි දිස් වී තිබෙන්නේ. මෙය සුදු පැහැති අමුතු ආකාරයෙ ආලෝකයන් නිකුත් කරමින් කුඩා තිත් ආකාරයෙන් අහසේ ගැවසෙමින් තිබූ බවට රෝවර් යානයේ ඡායාරූප වල සටහන්ව තිබෙනවා.
නමුත් මෙ වන තෙක් නාසා ආයතනය මඟින් මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර පිටසක්වල යානා පිළිබඳව පරීක්ෂකයන් පවසන්නේ මේවා බොහෝ දුරට පිටසක්වල ජීවීන්ගේ යානා විය හැකි බවයි.
කියුරියෝ සිටි මඟින් ලබාදුන් මුල්ම ජායාරූපයේ මිනිසෙකුගේ සෙවනැල්ලක් බඳු දෙයක් දක්නට ලැබුන නිසා බොහෝ දෙනෙකු එම ජායාරූපය ගැන සැක කළද පසුව හෙළිවූයේ අඟහරු මත ගොඩබැස්සවීමෙන් පසුව කැමරා කාචයේ වූ අපද්‍රව්‍යයක් හේතුවෙන් එලෙස සටහන්වී ඇති බවයි. එබැවින් ඉහත ජායාරූපයේ දැක්වෙන වස්තූන්ද ඇතැම් විට දූවිලි නිසා සිදුවූවක් ද විය හැකිය.
මුල්ම ජායාරූපයේ මිනිසෙකුගේ සෙවනැල්ලක් බඳුවූ දසුන පහතින්
කියුරියෝසිටි මඟින් ගන්නා ජායාරූප පෘතුවියට ලැබෙන්නේ අප අන්තර්ජාලය හරහා ජායාරූපයක් හුවමාරු කරන ආකාරයට නොවේ.
එක බින්දුව (1-0) ආකාරටය ලැබෙන එම දත්ත මඟින් ජායාරූපය ප්‍රතිනිර්මාණය කල යුතුය. එහිදී ඇතැම් පණිවිඩ නොලැබෙන විටදී නැවත ලබාගැනීමක් සිදුකරයි, එවිට නොලැබෙන අවස්ථා වලදී ජායාරූපයේ ඇතැම් ප්‍රදේශ දක්නට නොලැබේ. ඉහත ජායාරූප වල කලු පාට කොටස් ඇත්තේ එබැවිනි.
කියුරියෝසිටි මඟින් පෘතුවියට එවන ලද වැදගත් තොරතුරු සියල්ලම ඉදිරියේදීත් ඔබ වෙත ගෙන ඒමට Gossip9 බලාපොරොත්තු වෙනවා.
ඉහත ජායාරූප සියල්ල විශාල ප්‍රමාණයෙන් මෙතනින්.
-සම්බන්ධිත පුවත්-
හතර වන යානය අඟහරු මතට ගොඩ බස්වයි
අඟහරුට යැවූ කියුරියෝසිටි යානයට සම්බන්ධවූ අපේ විද්‍යාඥයා