උසේන් බෝල්ට් නැවතත් ලොව වේගවත්ම මිනිසා වෙයි !

ලොව වෙගවත්ම් මිනිසා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් නැවතත් ලොව වේගවත්ම මිනිසා බවට තහවුරු වී ඇත.ඒ ලන්ඩන් ඔලිම්පික් උළලේ මීටර් 100 කෙටි දුර ඉසව්ව තත්පර 9.63 කින් අවසන්කොට රන් පදක්කමක් ලබාගැනීමත් සමගයි.

මෙයට පෙර මේ ඉසව්ව සඳහා ලෝක වාර්තාව තබා තිබුනේ බෝල්ට් වන තර ඒ තත්පර 9.58ක කාලයකින් ඉසව්ව නිම කිරීමෙනි.කෙසේ වෙතත් මෙවර මෙම තරඟය වඩාත් ආන්දෝලනයට පත්ව තිබුනේ ඔලිම්පික් සුදුසුකම් සඳහා ජැමෙයිකාවේ පැවති තරඟයකදී උසේන් බෝල්ට් සිය ප්‍රතිවාදය වන යොහාන් බ්ලේක්ට පරාජයට පත් වීමත් සමගයි.

ඔහුගේ ප‍්‍රතිවාදී යොහාන් බ්ලේක් තත්පර 9.75කින් මීටර් 100 තරඟය නිම කරද්දී බෝල්ට් ඒ සඳහා තත්පර 9.86ක් වැය කළේය.ඒ අනුව බොහෝ දෙනා සිතුවේ මෙවර "ලොව වේගවත්ම මිනිසා" යන විරුධාවලිය බෝල්ට් ගෙන් ගැලවී යනු ඇති බවයි.

නමුත් මෙවර එම තරඟය තත්පර 9.63 කින් අවසන් කිරීමෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔහු කියා තිබුනේ මෙවැන්නක්.

"ගොඩක් අය කතා වුනා මම මෙවර දිනන්නේ නැහැ කියල.එක මට වඩාත් ශක්තියක් උනා..මේ පාරත් ඉසව්වට සහභාගී වෙලා ලොව වේගවත්ම මිනිසා මම කියල ඔප්පු කරන්න"

ඔහු ජයග්‍රහණය කළ අවස්ථාවේ වීඩියෝව හා ජායාරූප පහතින්.



http://www.youtube.com/watch?v=2O7K-8G2nwU























Related Posts Plugin for WordPress, Blogger...