අතුරුදන් වූ ඔලිම්පික් ටිකට් ගැන අපෙන් ඔත්තුවක්

ලන්ඩනයේ පවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය නැරඹීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් මිලදීගත් රුපියල් මිලියන හතක් වටිනා ඔලිම්පික් ප්‍රවේශපත්‍ර වලට සිදු වූ දෙයක් සොයාගැනීමට නොහැකි වී ඇත.

මෙම ප්‍රවේශ පත්‍ර මිලදීගෙන නැවත් ඒවා විකුණු බවත් ඒවා විකිණුවේ කාටද යන්න තමන් නොදන්නා බව ජාතික ඔලිපික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශකොට ඇත.

මෙම ප්‍රවේශ පත් අතුරින් ප්‍රවේශ පත් 30 ක් ප්‍රසාද ටිකට්පත් ලෙස ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමේදී ඔවුන් දිරිමත් කිරීමට ජය ඝෝෂා නැගීමට වුවත් ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් එසේ දිරිමත් කිරීමට ශ්‍රී ලංකානු ප්‍රේක්ෂකයන් නොමැති බවත් වාර්තා වෙයි.

ටිකට්පත් වලට සිදුවුව අභිරහසක් වුවඩ් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ලන්ඩනයට පැමිණි අවස්ථාවේ ජනපති පුත් රෝහිත රාජපක්ෂත්, ඔහුගේ පෙම්වතිය වන ටටියානා ලි මෙනෙවියත් ඔලිම්පික් තරඟ නැරඹීම සඳහා පැමිණි බව වාර්තා වුවා.


ඔවුන් දෙදෙනා පැමිණි අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න 

Related Posts Plugin for WordPress, Blogger...