සිංහයන් බැඳ දැමු තොන්ඩමන්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 06 වනදා බදුල්ල දිස්ත්‍රික් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම ඌව පළාත්සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වූ අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමද ජනපති අතින් සිදුවිය.

ජනපති බදුල්ලට පැමිණි ගමනේදී ජනපතිගේ නෙත ගැටෙන පරිදි බදුල්ල ප්‍රදේශයේ කටවුට් ගැසීමට මැති ඇමතිවරුන් අතර තරඟයක් තිබී ඇත.

එම තරඟය අතර ඇමති තොන්ඩමන් සහ ඌව පළාත්සභා ඇමති සෙන්දිලි තොන්ඩමන් විසින් ගැසූ ඩිජිටල් පුවරුව බොහෝ දෙනාගේ කතාබහට බඳුන් වී ඇත.එහි ජනපති මහින්ද රාජපක්ෂ පසුපසින් සිටින අතර ඉදිරියෙන් බැඳ දමා ඇති සිංහයන් සමුහයක් වෙයි.

තොන්ඩමන් දෙපලගේ මෙම සිංහයන් බැඳ දැමු පුවරුවේ සැඟවුණු අරුත කුමක්ද? යන්න බොහෝ දෙනාට තවමත් ප්‍රශ්නයකි.

Related Posts Plugin for WordPress, Blogger...