නැවතත් සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!

සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස මීට පෙර අප විසින් පළ කල පුවත් 2ක් ඵලදැරූ අයුරු ඔබට මතක ඇති.

එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක් හා කටෙහි ඇති විශාල ගෙඩියක් නිසා ආහාර ගැනීමට නොහැකි දුක් විඳීමින් සිටි මුවෙකු ගැන ශෝකජනක පුවතකුයි.

මේ ආකාරයේම තවත් ශෝකජනක පුවතක් අප ඔබ වෙත ගෙන එන්නේ ඒ සඳහා ද කරුණාවන්ත හිතැති ඔබගේ අවධානය යොමු කිරීම පිණිසය.


පහත ජායාරූප වල හා වීඩියෝවෙහි සිටිනා මෙම ගවයා කොට්ටාව-බොරැල්ල 174 බස් මර්ගයෙදී වාහන රියදුරෙකු විසින් හප්පා පලා ගොස් ඇත.

එම අනතුරින් ගවයා ගේ එක් අතක් ගැලවී ගොස් ඇති අතර අනික් අත උරහිසින් එලියටපැන ඇත.

අනතුර සිදුවු පසු අසල්වැසියෙකු විසින් ගවයා ගෙවත්තේ ගැටගසා ප්‍රරතිකාර කර ඇති අතර, ඔවුනට ගවයාව බලා ගැනීමට නොහැකි හෙයින් වෙනත් අයෙකු විසින් ගවයාව රැගෙන ගොස් ඉතා ආදරයෙන් අවුරුදු 3ක් පමණ කාලයක් සත්කාර කර ඇත.

තවද එම රැකබලාගත් පුද්ගලයන් විසින් එම අවුරුදු 3ක කාලය තුල ගවයා සුවපත් කර ගැනීම සඳහා කෘතිම පාදයක් සවි කිරීමට උත්සහ කලද එම සියලු උත්සහයන් අසාර්ථක වී ඇති අතර හරියාකාරව ඇවිදීමට නොහැකි නිසා ගවයා මේ වනවිට සිටින්නේ ඉතාමත් දුර්වල සෞඛය තත්වයකිනි.

මේ අසරණ ගවයා සඳහා කිසිඳු මුදල් ආධාරයක් ඔවුන් බලාපොරොත්තු නොවන අතර ගවයා සුවපත් කර ගැනීම සඳහා ඉදිරිපත් විය හැකි කිසියම් වෛද්‍යවරයෙකුට හෝ පුද්ගලයෙකුට මෙම අසරණ ගවයා හට පිහිට වීමට ඔවුන් ආරාධනා කරයි. ඒ සඳහා දායක වීමට ඔබට හැකියාවක් ඇත්නම් එය මහත් පිංකමකි.

වැඩි විස්තර නො: 148/3, කලල්ගොඩ, පන්නිපිටිය ලිපිනයෙන් හෝ දු.ක: 0716-378636 අංකයෙන් හෝ lahirukchamara [ඇට්] gmail.com විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැකිය.

ගවයාගේ පින්තූර හා වීඩියෝවක් පහතින්






ඇවිදගැනීමට අපහසුවෙන් සිටින ගවයාගේ වීඩියෝවක් පහතින්.



-සම්බන්ධිත පුවත්-
සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!
ගොසිප්9 පුවත ඵල දරයි - තුවාල වී සිටි වඳුරාට ප්‍රතිකාර

නැවතත් සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!
ගොසිප්9 පුවතක් නැවත ඵල දරයි- ආහාර ගැනීමට නොහැකිව දුක් විඳීමින් සිටි මුවාට ප්‍රතිකාර

Related Posts Plugin for WordPress, Blogger...