අඟහරුට යැවූ කියුරියෝසිටි යානයට සම්බන්ධවූ අපේ විද්‍යාඥයා
Wednesday, August 8, 2012"කුතුහලය" යන අර්ථය රැගත් කියුරියෝසිටි යානය අභ්‍යාවකාශ ගත කෙරුනේ පසුගිය වසරේ නොවැම්බර් 26 වනදා. පැයට සැතපුම් 13,000ක වේගයෙන් අඟහරු වෙත එය ලඟාවූයේ සැතපුම් මිලියන 381ක් පසුකරමින්.
මීට පෙර යැවූ යානාවලට වඩා බරින් වැඩි වීම හේතුවෙන් එය අඟහරු වෙත ගොඩබැස්සවීමට යොදාගත්තේ "ස්කයි ක්‍රේන්" නැමැති නව ක්‍රමවේදයයි.
රොබෝ රිය බහාලූ ආවරණය අඟහරුගේ වායුගෝලයේ ගැටීමෙන් එහි වේගය පැයට සැතපුම් 800 දක්වා අඩු වුණ අතර පසුව ස්කයි ක්‍රේන් ක්‍රමවේදය උපයෝගී කරගන එය ගොඩ බස්වනු ලැබුවා.
සාර්ථකව ගොඩ බැස්සවීමෙන් අනතුරුව රොබෝ රථය විසින් ඒ බව 2001 වසරේ අඟහරුගේ කක්ෂයේ රඳවා තිබූ ඔඩිසි චන්ද්‍රිකාව හරහා පෘතුවියට එවන ලද අතර එම පණිවුඩය ඕස්ට්‍රේලියාවේ පිහිටි රේඩියෝ ටෙලස්කෝප් එකක් මඟින් ලබාගන කැලිෆෝනියාවේ ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරය වෙත ලබාදෙනු ලැබුවා.
කියුරියෝසිටි යානය විසින් අඟහරුගේ සිට ලබාදෙන රේඩියෝ තරංගයක් පෘතුවියට ලැබීමට ගතවන කාලය විනාඩි 14කි.
යානය ගොඩ බස්වනු ලැබුවේ අඟහරුගේ පිහිටි කිලෝමීටර් 154ක් පලලින් යුක්තවූ ගේල් නම් ආවාටයටයේ පිහිටි සැතපුම් 3ක් පමණ උස වූ කන්දක් පාමුලටයි.
එම ආවාටය මීට වසර මිලියන 200කට පෙර ජලාශයක් ලෙස තිබෙන්නට ඇති බවටයි නාසා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ.
කියුරියෝසිටි රථයේ කැමරා 17ක් ඇති අතර එවා අතර 3D කැමරාද වේ. මෙහි ටයිටේනියම් ලෝහ සැකිල්ල සාදා ඇත්තේ පාපැදි සමාගමක් විසිනි. දිනකට මීටර් 200ක පමණ දුරක් ගමන් කළ හැකි මෙම රොබෝ යන්ත්‍රයට මීටර් 1.5ක් පමණ උසක් හරහා වුවද ගමන් කළ හැක.
මීට පෙර යවන ලද රොබෝ යානා සියල්ල ක්‍රියා කළේ සූර්ය බලය ආධාරයෙනි. එබැවින් ඒවායේ ආයු කාලය සීමා සහිත විය. නමුත් කියුරියෝ සිටි ක්‍රියාකරන්නේ න්‍යෂ්ඨික බලයෙනි. සැබැවින්ම එය ජංගම විද්‍යාගාරයකි.
පෙරේදා දිනයේදී ගොඩබැස්සවූ මොහොතේ අඟහරු අවට කළු සුදු ඡායාරූප 3ක් එවූ ඇති අතර කඳු සහිත චායාරූපද ඒ අතර තිබුණා. ඊයේ දිනයේ භූ තලයට සාපේක්ෂව අංශක 30 ක ඇලයකින් යුක්තව ලබාගෙන ඇති වර්ණ ජායාරූපයක් මඟින් පසුබිමින් උතුරු බැම්ම සහ ගේල් චක්‍රාවාටයේ වළල්ල ද දුරින් දැකගත හැකිය.
රෝවර් යානයේ යාන්ත්‍රික බාහුවක් අග පිහිටි කැමරාවකින් මෙම ඡායාරූපය ගෙන ඇති අතර එහි ඉවත් කිරීමට හැකි අයුරින් සකසා ඇති කාචයේ දූවිලි බැඳී තිබීම නිසා එය බොඳ වූ ස්වභාවයකින් යුක්තය.
ඉදිරි දින වලදී එම දූවිලි ඉවත් කිරීමෙන් පසුව පැහැදිලි ඡායාරූප ලැබෙනු ඇති බවට නාසා ආයතනය විශ්වාස කරනවා.
වසර 10 ක පමණ කාලයක් ගතකර සැකසූ මෙම රථයේ අතිශය වැදගත් කොටසක්වූ සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කළේ ශ්‍රී ලාංකික විද්‍යාඥ සරත් ගුණපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි.
මේ පිළිබඳව නාසා ආයතනයේ ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ සරත් ගුණපාල මහතා විසින් කැලිෆෝනියාවේ ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ සිට ස්කයිප් හරහා සම්බන්ධ වෙමින් පවසන්නේ මෙවැන්නක්.
"රෝවර් එකේ උඩ බැක් පැක් එකක් වගේ එකක් හයිකරලා තියනවා ඒ බැක් පැක් එකේ තියනවා ජෙට් 8ක්. ඒ ජෙට් 8න් මේක ස්ලෝප් කරලා අඟහරු මත තියන තලයේ ඉඳලා මීටර් 25ක් ලඟට ගෙනල්ලා කියුරියෝසිටි කියන රෝවර් එක අඟහරුගේ තලය මතට ඉතාම සීරුවෙන් බැසෙව්වා
මේ රොවර් එකේ සෑම් කියන උපකරණ 6ක් තියන එක ඇතුලත තියනවා ලේසර් එකකින් හදපු ස්පෙක්ටෝ මීටර් එකක්. ඒ ස්පෙක්ට්‍රෝ මීටර් එකට ලේසර්ස් හැදුවේ මමයි මගේ ගෲප් එකේ ඉන්න කට්ටියයි. ඒකේ තියාන් ලේසර් එකෙන් අපි හොයාගන්න බලාපොරොත්තු වෙනවා එක්තරා ආකාරයක මෙතේන් වායුව. සමහර කට්ටිය ලංකාවේ කියනවා මීතේන් වායුව කියළා. CH4 කියන ෆොර්මියුලා එක ඒ කෙමිකල් එකේ තියෙන්නේ
මීතේන් වායුව ජාති දෙකක් තියනවා. එකක් තමයි ග්‍රහලෝක හැදෙනකොට හැදෙන මීතේන් වායුව. ජීවීන් ඉන්නවා නම් ජීවීන් විසින් එළියට දාන, ඒ කියන්නේ වේස්ට් එක. ඒ වේස්ට් එක හින්දා හැදෙන බයෝ ගෑස් එකක් තියනවා. ඒකත් මීතේන්.
ලේසර් ස්පෙක්ට්‍රෝ මීටර් එකෙන් අපි හොයාගන්න බලනවා ජීවීන් හිටිය නම් ඒ ජීවීන් හින්දා හැදෙන වේස්ට් එක නිසා හැදුන මෙතේන් තියනවද කියළා. අපිට හොයාගන්න පුළුවන් වුනොත් අපිට කියන්න පුලුවන් අඟහරු වල කවදා හරි කාලෙක ජීවීන් ඉඳලා තියනවා කියළා
කියුරියෝසිටි කියන රෝවර් එක අපි පාත් කලේ ගේල් කියන ආවාටයට. ගේල් කියන ආවායට තියෙන්නේ කන්දක් පාමුල. කන්ද පාමුල ලොකු ජලාශයක් තිබුනා කියලා අපි හිතනවා අවුරුදු මිලියන 200කට ඉස්සරලා.
අපි හිතනවා මීට අවුරුදු මිලියන 200කට කලින් වතුර තිබුණා නම් මොකක් හරි ලයිෆ් එකක් තියන්න ඕනේ කියළා"
කියුරියෝසිටි මඟින් පෘතුවියට එවන ලද වැදගත් තොරතුරු ඉදිරියේදී ඔබ වෙත එසැනින් ගෙන ඒමට ගොසිප්9 බලාපොරොත්තු වෙනවා
ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ සරත් ගුණපාල මහතා විසින් කැලිෆෝනියාවේ ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ සිට ස්කයිප් හරහා සම්බන්ධවූ වීඩියෝව පහලින්.
-සම්බන්ධිත පුවත්-
හතර වන යානය අඟහරු මතට ගොඩ බස්වයි

යානය ගොඩ බැස්සවූ ගේල් ආවාටයේ පිහිටීම.

පෙරේදා දිනයේ එවන ලද අඟහරුගේ කළු සුදු ජායාරූපයක්
ඊයේ දිනයේ එවන ලද අඟහරුගේ වර්ණ ජායාරූපය