හිතවතුන්ගේ ළමුන් සමත් කිරිමට වෛද්‍ය සභාවෙන් විශේෂ විභාගයක්
Wednesday, August 15, 2012විදේශ වෛද්‍ය උපාධි ලාභීන් සඳහා පැවැත්වෙන ප්‍රායෝගික විභාගය (ERPM Part b) මෙවර කඩිමුඩියේ පැවත්විමට ශ්‍රීලංකා වෛද්‍ය සභාව පියවර ගනිමින් සිටි.
මේ සදහා පැහැදිලි හේතු ඉදිරිපත් නොකලත් ලැබෙන ආරංචිමර්ග අනුව පෙනීයන්නේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ බලපෑම් මත මෙවර විහාගය කඩිනමින් පවත්වන බවයි. "රිජ්වේ" ළමා රෝහලේ ව්ශේෂඥ වෛද්‍යවරියකගේ දියනියක් විභහාගයට පෙනී සිටින බැවින් ඇය විසින් මෙම විභහාගය පැවැත්වීමට දැඩි බලපෑම්කරන බව හෙලිවී ඇත.
ගියවර විහාගයේ (ERPM) ලිඛිත පරික්ෂණයේ (2011 දෙසැම්බර්) ප්‍රතිපල නිකුත් කලපසු ප්‍රායෝගික විභාගය පැවැත්වුයේ මාස තුනක කාලයකට පසුවය.
එහෙත් මෙවර මැයි 2012 මාසයේ පැවති විහාගයේ ප්‍රතිඵල ජූලි මස 25 වැනි දින නිකුත් කල පසු ප්‍රායෝගික විභහාගය සදහා ඉල්ලුම්පත් රහසිගතවම කැදවීමට කටයුතු කර ඇත.
ඉල්ලුම්පත් කැදවීම පිලිබදව නිවේදනයක් අගොස්තු මස 6වැනි දින වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ පලකෙරිනි. නමුත් එහි සදහන් වුයේ අගොස්තු 2 වැනිදා සිට 13 වැනිදා වන තෙක් ඉල්ලුම්පත් බාරගනු ලබන බවත් මෙම මසයේ 21 වෙනි දින විභාගය පැවැත්වීමට නියමිත බවත්ය. එම අවස්ථාව වන විට කලින්වර ප්‍රායෝගික විහාගයේ(ERPM Part b) ප්‍රතිඵල නිකුත්කර නොතිබිනි.
එම ප්‍රතිඵල නිකුත් කලේ 10 වෙනිදා සවස් යාමයේය. එම විභාගය අසමත් පිරිස 120කට ආසන්න අතර ඔවුනට ඉල්ලුම්පත් දැමීමට 15වනිදා දක්වා කාලය දීර්ග කෙරිනි. නමුත් වෛද්‍ය සභාව පවසන්නේ 17 සහ 20 දින විහාග ප්‍රවෙශ පත් නිකුත් කරන බවත්, එය පැමිණ ලබා ගන්නා ලෙසටත්ය.
මෙවර විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ කරාපිටිය, පේරාදෙනිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වලට අනුබද්ධිතව වුවත්, කවර ස්ථානයක විභහාගය පැවැත්වෙනවාද යන්න දැනුම් දෙනුයේ 17 හෝ 20 වැනිදාය.
ගියවර පැවැති විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුනද සමත් වූවන්ගේ ස්ථානය ලබා දී නැත. මොවුන්ගේ අරමුණ වී ඇත්තේ මෙවර විභහාගයෙන් සමත් වන පිරිස් හා ගියවර සමත් වූවන් හට එකවර ස්ථානයන් ලබා දීමටය.
එහි යටි අරමුණ වනුයේ හිතවතුන් පිරිසක් සමත් කර ඉතා හොද ස්ථාන ලබාදී දුෂ්කර නොවන ප්‍රදේශයක පත්වීම් ලබාදීමය. නමුත් මෙවර විභාගය අසමත් වන්නෙකුට නැවත විභහාගය පැවත්වනුයේ ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසයේය.
තවද මෙවර විභාග ගාස්තුද රු20,000/= කර ඇත. ඒ අනුව පෙනි යන්නේ මෙවර විභහාගයේ අරමුණ වනුයේ වෛද්‍ය සභාවට(SLMC)බලපෑම් කරන හිතවත් වෛද්‍යවරුන් කීපදෙනකුගේ දුවා දරුවන් සමත්කොට ඉතිරි පිරිසෙන් මුදල් උපයා ගැනිමයි.
-වෛද්‍ය සිසුවෙක්-