සෑම අංශයකින්ම රජය දැන් පිරිහිලා- මල්වතු නාහිමි

ප්‍රශ්ණ පත්තර වැරද්දවීම්, සිසු උද්ඝෝෂණ, මහාචාර්යවරුන්ගේ උද්ඝෝෂණ, Zස්කෝර් අවුල වැනි බොහෝ කාරණා නිසා එස්.බී දිසානායකට හා බන්දුල ගුණවර්ධනට ලංකාවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ බාරදුන් දිනයේ පටන් දක්නට ලැබෙන්නේ එම අමාත්‍යාංශ වල පිරිහීමයි.

කලින් පැවති විභාග වල මෙන්ම මේ දින වල පැවැත්වෙන උසස්පෙළ විභාගයේද භෞතික විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, සංයුක්ත ගණිතය, කෘෂි විද්‍යාව ආදී ප්‍රශ්න පත්‍ර ගනනාවක ප්‍රශ්න වරද්දා තිබුණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් නොව විදුලි බල අමාත්‍යාංශයේ, ඛනිජ තෙල් අමාත්‍යාංශයේද කෙලවරක් නැති අර්බුධ ගනනාවකි. දැනට පැය 2ක් ව පවතින විදුලිය කැපීම හෙට සිට පැය 3කි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වර්තමාන අර්බුධය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ පවසා ඇත්තේ සෑම අංශයකින්ම රජය දැන් පිරිහී ඇති බවත් ගම්වල ඉන්න මිනිස්සු රවටනවා මෙන් රජයට මහාචාර්යවරුන් රැවටීමට අපහසු බවත්ය.


"උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට සිදුවෙමින් පවතින වැඩ කටයුතු නිසා රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ බලාපොරොත්තුව සම්පූර්ණ වන බවක් පෙනෙන්නට තිබෙනවා.

අද වනවිට එක අංශයක් නෙවෙයි සෑම අංශයක්ම පිරිහිලා. රජය දැන් බලන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පමණයි. සල්ලි හොයන්නයි දැන් සූදානම. 1956 ආණ්ඩුව බිහිකරන්නට කැපවූ පංච මහා බලවේගය අද මහපාරේ. අපිත් මේ බලාගන ඉන්නේ අද විසඳෙයි හෙට විසඳෙයි කියළා"

ඔබලාගේ ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයා එක්ක සාකච්ජා කලා නේද? රජයේ අය සමඟ වාචිකව සාකච්ජාකර ප්‍රතිඵල ලබාගන්න අමාරුයි. ගම්වල ඉන්න මිනිස්සු රවටනවා වගේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුත් රවටන්න අමාරුයි.

මොකක්ද ඔය විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙනවා කියන නායකත්ත්ව පුහුණුව? ඔය කියන පුහුණුවෙන් විශ්ව විද්‍යාල සිසුන්ට මොනවද ලැබෙනේ? හැම පැත්තෙන්ම දකින්නට ලැබෙන්නේ පිරිහීමයි විශ්ව විද්‍යාල මහාචාර්යවරු පාරට බැස්සවීම තුළින් රටක සිද්ධ නොවූ දෙයකුයි සිද්ධ වෙන්න යන්නේ
"


Related Posts Plugin for WordPress, Blogger...