රන්ජන් දේශපාලනය ගැන මුකුත්ම දන්නේ නැහැ - අනර්කලී

දකුණු පලාත්සභාවෙන් දේශපාලනයට පිවිසි අනර්කලී ආකර්ෂා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දේශපාලනයට පිවිසි රන්ජන් රාමනායකද වෘතියෙන් රංගන ශිල්පින්ය.

නමුත් දේශපාලන වේදිකාවේ පක්ෂ දෙකක් නියෝජනය කලත් රන්ජන් හා අනර්කලී පුරුදු හිතවත්කම් මත පසුගියදා යලි එකට රංගනයෙන් දායකවුයේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ඉටි මල් නාට්‍යය හරහාය.

ඉටිමල් හි "ආදිත්‍ය" නම් වූ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයාගේ චරිතයට රන්ජන් රාමනායක පණ පොවන අතර "පූජා" නම් චිත්‍රපට නිළිය ලෙස අනර්කලී ආකර්ශා රංගනයෙන් දායක වේ.

නමුත් නාට්‍යයේ රුගතකිරීම් අතරතුරදී ආණ්ඩු පක්ෂයේ සිටින අනර්කලී තවමත් විපක්ෂයට වී සිටින රන්ජන් ව විහිලුවට ලක්කිරීම සඳහා "රන්ජන් අයියා දැන් වැටිලා ඉන්නේ" යනුවෙන් පවසා ඇත.නමුත් එම අවස්ථවේදී රන්ජන් ඊළඟ දර්ශනය සඳහා උස ස්ථානයකට වී සිට ඇති අතර නිෂ්පාදක කණ්ඩායමේ අයෙක් ඔහු දැක "රන්ජන් දැනුත් ඉන්නේ උඩ" යනුවෙන් ප්‍රකාශ කොට ඇත.



නමුත් මෙය වටහානොගත් අනර්කලී නිෂ්පාදක කණ්ඩායමේ විහිළුවලට දිගින් දිගටම ලක්වී ඇති අතර එම සිදුවීම අවසන්වී ඇත්තේ අනර්කලීගේ ඇස් රතු කරවමිනි. ඉටි මල් නාට්‍යයෙන් අනර්කලී ඉවත්වනවාද යන්න තවමත් වාර්තා වී නොමැති අතර අනර්කලී රන්ජන් දේශපාලනය පිලිබඳ කිසිවෙක් නොදත්තෙක් බව පුවත්පතකට පවසා තිබුනේ මෙවැන්නක්.

රන්ජන් දන්නේ අනුන්ට "මෙයා හොරා" කියන්න විතරයි

රංජන් අයියායි, මමයි හොඳ යාළුවෝ. මම රඟපාන කොට දේශපාලනය ගාවගන්නේ නැහැ. දේශපාලනයේදී රඟපාන්නේ නැහැ. මම විපක්‍ෂයේ කාටවත් බනින්නේ නැහැ. රංජන් අයියා හරිම හොඳ කෙනෙක්‌. හැබැයි දේශපාලනය ගැන මුකුත් දන්නේ නැහැ. "මෙයා හොරා" කියලා කියන්න විතරයි එයා දන්නේ.

මෙයට පෙර අප වාර්තාකළ පරිදි "රටේ සංවර්ධනය වෙනුවෙන්" විවාහය පමාකළ අනර්කලී සදහටම විවාහ නොවීමට තීරණය කර ඇත.එයට හේතු වී ඇත්තේ කිසිම පිරිමියෙක් ඇයට ෂුවර් නැති වීමය.

"ඇත්තටම පිරිමි නොවෙයි මම ඉගෙනගෙන තියෙන පාඩම්වල හැටියට මේ ලෝකේ අම්මා, තාත්තා හැරෙන්න කිසිම කෙනෙක්‌ විශ්වාස නැහැ. අපි ඇඬුවත්, තරහින් හිටියත්, සතුටින් හිටියත් අම්මායි තාත්තයි අපට එකම විදිහට ආදරය කරනවා. ඒත් පිටස්‌තර පිරිමියෙක්‌ එහෙම කරන්නේ නැහැ. 


විවාහවෙලා පළමු වසර පහ, දහය ඇතුළත එහෙම නොවෙන්න පුළුවන්. නමුත් කවදාහරි වෙන්න පුළුවන්. ඒ නිසා මට නම් පිරිමි විශ්වාස නැහැ. විවාහ වුණත් කිසිම ෂුවර් එකක්‌ නැහැ. දරුවෝ ඉන්න යුවළක්‌ ජීවිතේ අවුල් කර ගන්නවා නම් ඒක දරුවන්ට දුකක්‌. මම නම් විවාහ වෙන්නේ නැහැ.විවාහ නොවී ඉන්න මම තීරණය කරලා ඉවරයි. බැඳීම් ඇතිකරගෙන විඳවන්න මම කැමැති නැහැ".

-සම්බන්ධිත පුවත්-
රටේ සංවර්ධනය වෙනුවෙන් අනර්කලී විවාහය පමා කරයි

Related Posts Plugin for WordPress, Blogger...