ගිලුණු නැවේ තෙල් දෙහිවල, රත්මලාන වෙරළට ගසයි

පානදුර වෙරලේ අවුරුදු 3ක් පමණ නැංගුරම් දා තිබූ "තර්මෝපිලී සියෙරා" නෞකාව පෙරේදා ගිලී යන අවස්ථාවෙ එහි තෙල් ටොන් 70ක් පමණ ඉතිරිව තිබුණා.

තෙල් පැතිරීම වැලැක්වීමට දිය මත පාවෙන සමුද්‍රීය ආරක්ෂක වැටවල් නැව වටා සවිකරන බව වාර්තා වුවද ගිලුණු නැවේ එම තෙල් මේ වනවිට මීගමුව දක්වා පැතිරෙමින් පවතින අතර අද උදෑසන වනවිට දෙහිවල, රත්මලාන, වැල්ලවත්ත වෙරළට ගොඩ ගසා තිබෙන බව බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවා.

ඊයේ දහවල් වනවිට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කළේ ගෝල්ෆේස් වෙරල තීරයට පැමිණ රැල්ල පෑගීම අවදානම් සහිත බවයි.

මෙම විනාශයේ වගකීම බාරගැනීමට කිසිවෙක් නැති අතර තෙල් හම්බන්තොට දක්වාද පැතිරීමට තිබෙන බව නිවේදනය කර ඇත. ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 80%ක් පමණ පිරිසක් නවාතැන් ගැනීමට වෙරළ තීරය තෝරාගන්නා නිසා එය සංචාරක කර්මාන්තයටද බලවත් පහරකි


තෙල් කාන්දුව ගැඹුරු මුහුද දෙසට පැතිර යන බව වාර්තා වුවද මේ වනවිට වෙරළ තීරයටද පැමිණෙමින් තිබෙන නිසා දැඩි පාරිසරික හානියක්‌ සිදුවිය හැකිය. ඉන් සිදුවන ස්වභාවික විනාශට සුළු පටු නොවන අතර එමඟින් බොහෝ මුහුදු ජීවීන් හා මුහුදු ශාකද මියයාම සිදුවිය හැක.

නෞකාවෙන් වෙන් වූ බවට සැක කෙරෙන යකඩ කොටස් කිහිපයක් ඊයේ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට පාවී පැමිණ තිබෙන අතර ඒවා දැක ගැනීමට පිරිස්ද රොක් වී සිටියා.

අප වෙත ලැබුණු එම කොටස් වල ජායාරූප කිහිපයක් පහතින්.



ජායාරූප එව්වේ : හසිත කේෂාන්

මේ අතර නැව ගිලෙමින් පවතින අවස්ථාවේ අප වෙබ් අඩවියේ පලවූ ජායාරූප කිහිපයක් ඊයේ ජාතික රූපවහිනී පුවත් වලටද පෙන්වනු ලැබුවා. එම වීඩියෝව පහතින්







වසර ගනනාවක් මුහුදේ දිරාපත්වෙමින් පැවතුන යකඩ කොටස් කිහිපයක් පහතින්. නැව මුහුදු බත් වූයේ මෙම යකඩද සමඟය





රූපවාහිනී නාලිකා, පුවත්පත් හා වෙබ් අඩවි බොහොමයක් මඟින් නැවේ පලල මිටර් 127ක් බව වාර්තා කලද සත්‍ය වශයෙන්ම නැවේ පළල මීටර් 27ක් පමණි.

(ඔබ වෙරලබඩ සිටින ගොසිප්9 පාඨකයෙක් නම් තෙල් වෙරලට පැමිණීම පිළිබඳව ඔබ විසින් ගන්නා ලද ජායාරූප අප වෙත එවන්න. එම ජායාරූප පල කිරීමට අපට පුළුවන)

-සම්බන්ධිත පුවත්-
වසර තුනක් පානදුර මුහුදේ නැංගුරම් දමා තිබූ නැව ගිලේ

Related Posts Plugin for WordPress, Blogger...