බිකිනි නැටුම නිසා ගුවන් සේවයට දඩ
Tuesday, August 14, 2012ගුවන් යානා වල නර්තනයේ යෙදීමේ පුවත් මේ වනවිට ඉහළ යමින් තිබෙන්නේ පිලිපීනයේ සීබු ෆැසිෆික් ගුවන්සේවිකාවන් විසින් ගුවන්යානය තුළ නර්තනයේ යෙදීමත් සමඟයි
ගුවන් මඟියෙක් අසුන් ගත්විට එහි සිටින කාර්ය මණ්ඩලය විසින් ගුවන් යානය පිටත්වීමට ප්‍රථම ආරක්ෂන ක්‍රමවේදය පිළිබඳව විස්තර කිරීමක් ලබාදෙනවා.
සීබු ෆැසිෆික් ගුවන් සේවිකාවන් විසින් එය නර්තනයක ආකාරයෙන් එම තොරතුරු ලබාදීම සිදුවුනේ පසුගිය වසරේ. එම නර්තනයේ වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක්කිරීමත් සමඟ දින දෙකකදී මිලියන ගනනක් පිරිස එම වීඩියෝව නරඹා තිබුණා.
ඉන් පසු කිහිප අවස්ථාවක්ම සීබු ෆැසිෆුක් ගුවන්සේවාව විසින් නර්තනයක ආකාරයෙන් එම ආරක්ෂිත පණිවිඩය ඉදිරිපත්කිරීම කරනු ලැබුවා. පසුව මෙම නර්තනය අනෙක් ගුවන්සේවා වෙතද පිවිසුනේ බිකිනි ඇඳුම් සමඟයි.
බිකිනි ඇඳුමෙන් සැරසුනු ළඳුන් කිහිපදෙනෙකු යොදාගෙන පසුගියදා නර්තනයක් ඉදිරිපත් කලේ වියට්නාමයේ ගුවන්සේවාවකි.
බිකිනිය සහිතව නර්තනයේ යෙදුනු එම සුරූපිකාවන් අනතුරුව ගුවන් මඟීන් හට තෑගිභෝග ද ලබාදෙනු ලැබූ අතර එම නර්තනය ගුවන් මඟීන් විසින් ජංගම දුරකතන, කැමරා මඟින් වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර තිබුණා.
කෙසේ වෙතත් එලෙස නර්තනයක් ඉදිරිපත්කිරීම නිස එම ගුවන් සමාගමට එරට ගුවන්සේවා අධිකාරිය විසින් ඇමෙරිකානු ඩොලර් 1000ක දඩයක් නියම කර තිබෙනවා. අනුමත නොවුනු නර්තනයක් පැවැත්වීමත්, ගුවන්සමාගම් වලට බලපැවැත්වෙන රෙගුලාසි උල්ලංඝනය කර කිරීමත් නිසයි එම දඩය නියමකර තිබෙන්නේ.
අගෝස්තු 03 දා එම සමාගමේ මංගල ගුවන්ගමනේ දී ඉදිරිපත් කර ඇති මෙම නර්තනය හාවයි නැටුමක් වන අතර මේ සඳහා රූ රැජින තරගයක තරගකාරියන් පස්දෙනෙකු යොදාගෙන තිබූණා.
සීබු ෆැසිෆික් නර්තනයන් පහතින්.
වියට්ජෙට් ගුවන්සමාගමේ බිකිනි නර්තනය පහතින්.