තමන්ට වූ අවමානයෙන් ගැලවීමට රටම රැවටූ කාන්තාවක්

ලංකාවේ සිදුවූ අවයව ජාවාරම 
පිලිබඳ කතාව බොරුවක්

පසුගියදා රටම කැළඹු පුවතක් වුයේ මහනුවර කාන්තාවක් පැහැරගෙන ගොස් ශරීර අවයව ගැනීමට උත්සාහ කල පුවතයි.

ලංකාවේ ශරීර අවයව ජාවාරම දුලභ සිදුවීමක් වන අතර මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට මධ්‍යම දිසා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ඒකකයට පවරනු ලැබිය.

ඇය පසුගිය මස පලවනදා මාධ්‍යය වෙත ප්‍රකාශ කල කතාව බලන්න පහතින්

කිව්ව කතාව
පළවූ පුවත්පත් වාර්තා
ඇත්ත කතාව
නමුත් සැබවින්ම සිදුවී තිබුනේ වෙනත් සිදුවීමකි. පසුගිය ඔක්තෝබර් මස 17 වනදා ඇය අපචාරයේ
යෙදීම චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වෛද්‍ය වාර්තා කැඳවන තුරු දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

එම සිදුවීම ප්‍රදේශවාසින් දැනගැනීම වැලක්වීමට ඇය අපුරු උපායක් යෙදුවාය.සිය පුතු සමගින් ශරීර අවයව ජාවාරම් පිලිබඳ කතාව ගෙතු කාන්ති දඹුල්ලේ එක්තරා ස්ථානයකින් කොණ්ඩය කපාගෙන පොලිසියට ගොස් ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකලේ තම අවයව ජාවාරම් කරන පුද්ගලයන් පිරිසක් පැහැරගත් බව කියමින්.

මෙම පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මහනුවර රෝහලේ වෛද්‍ය මඩුල්ල සහ පොලිසිය දැඩි අපහසුතාවයට පත්වූ අතර ත්‍රස්තවිරෝධී ඒකකයේ ප්‍රශ්නකිරීම් හමුවේ ඇයට සත්‍යය හෙළිකිරීමට සිදුවිය

Related Posts Plugin for WordPress, Blogger...