ඓශ්වර්යාට දියනියක්

බොලිවුඩ් සිනමාවේ සුරූපී නිලි ඓශ්වර්යා රායි තම කුළුඳුල් දරු උපත ලෙස අද දියනියක් ලැබුවා.

මේ පිළිබඳව අභිෂේක් බච්චන් විසින් තම ටුවිටර් ගිනුමේ ඉට්ස් අ ගර්ල් !!!!!! :-))))) යනුවෙන් අද සඳහන් කර එම පණිවිඩය ලෝකයට හෙළිකල බවයි වාර්තා වුනේ.

පසුගිය අඟහරුවාදා ඉන්දියාවේ මුම්බායි හි සෙවන් හිල් රෝහලට ඇය ඇතුලත් කිරීමෙන් පසු එහි ආරක්ෂාව තර කර තිබුනේ දරු උපත පිළිබඳව වාර්තා කිරීමට විශාල මාධ්‍යවේදීන් පිරිසක් එම රෝහල් භූමිය වෙත පැමිණීම නිසයි.

දරු උපත පිළිබඳ මාධ්‍යට වාර්තා කිරීම රෝහල් කාර්ය මණ්ඩලයට තහනම් කරනු ලැබ තිබූ අතර බච්චන් පවුලේ අය විසින්ම එය ලෝකය හමුවේ ප්‍රකාශ කළ යුතු බවටයි වාර්තා වල සඳහන් වුනේ.

 ඓශ්වර්යාගේ දරු ප්‍රසූතිය පසුගිය 11.11.11 වනදා වන/නොවන බවට ඔට්ටු අල්ලන්නන් විසින් ඉන්දියන් රුපියල් බිලියන 1.5කට අධික මුදල් මීට පෙර ඔට්ටු අල්ලා තිබුනා

දරු උපත සඳහා ඇය රෝහල් ගත කල අවස්ථාව



Related Posts Plugin for WordPress, Blogger...