පිටිදූවේ සිරිධම්ම හිමියන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම ගැටලුවක්- මාදුළුවාවේ සෝභිත හිමි

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ශාසන විරෝධී හැසිරීම දැක දැකත් මහානයක හිමිවරුන්, ජනපති, අගමැති ඇතුළු බුද්ධ ශාසන මණ්ඩලය කිසිදු පියවරක් නොගැනීම බෞද්ධ ජනතාවට ප්‍රශ්නයක් බව කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ පවසනවා

ශාසන නීති රීති මෙන්ම රටේ පොදු නීතියද උල්ලංගනය කරමින් ක්‍රියාකරන උන් වහන්සේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පසෙක තමා උන්වහන්සේට පොලිස් ආරක්ෂාවත් දී ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මාදුලුවාවේ හෝභිත හිමියන් ප්‍රශ්න කරනවා.

භික්ෂූන්වහන්සේලා වැඩසිටින විහාරස්ථාන වලට මුරපොළවල් දමා උන්වහන්සේට පොලිස් ආරක්ෂාව දීම තරම් විහිළුවක් තවත් නැති බවත් මෙවැනි පොලිස් ආරක්ෂාවක් ලබාදුන්නේ කාගේ නියෝග පිට දැයි උන් වහන්සේ ප්‍රශ්න කර සිටිනවා.

නීති කඩකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන රටක ජනතාව නීතිය අතට ගැනීම පුදුම විය යුතු නැතැයිද උන් වහන්සේ පවසනවා.

පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් කල බව කියන ශාසන විරෝධී වැඩ පිළිබඳව ඊයේ කොළඹ 7 සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවති ප්‍රවෘති සාකච්ජාවකදී මාදුළුවාවේ සෝභිත හිමියන් සහ පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දායක සභාවේ ප්‍රධාන නිලතල දැරූ හිටපු නිලධාරීහු කීප දෙනෙක් විසින් මෙම කරුණු ප්‍රකාශ කළා. එහිදී තවදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ මෙසේය.

විනය විරෝධී භික්ෂූන්ගේ හැසිරීම බලවත් ප්‍රශ්නයක් වෙලා. එනමුත් වගකිවයුත්තන් නිදි. බුද්ධ ශාසන අමාත්‍යාංශ, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු තියනවා. රටේ බුද්ධ ශාසන ඇමතිවරයා අගමැතිවරයා. ව්‍යවස්ථාවේ තියනව ශාසනය රැකීම රජයේ පරම යුතුකම කියලා. මෙහෙමද ශාසනය රකින්නේ?.

පිටිදූවේ හිමියන් කියනවා උන් වහන්සේ සකෘදාගාමී වෙලා කියලා. අපේ මෝඩ බෞද්ධයන් වැටි වැටී වඳිනවා. එක කාලයක යන්ත්‍ර මන්ත්‍ර කරන අවිස්සවේල්ලේ සෝභිත කියලා චීවරධාරියෙක් ආවා.

තවත් කාලෙක දොලුකන්දේ පහලවූ අයෙක් මී හරක් ලගින මඩ වළවල් පවා පිරිත් පැන් කරනවා කිව්වා.

ඊ ලඟට තව තව අය ආවා. අපේ බෞද්ධයෝ මේ පස්සේ යනවා. නුදුරු දිනයකදී කැලෙන් නිගන්ඨයෝ පහළවෙලා හෙලුවෙන් පාරේ යනකොට අපේ උපාසකම්මලා සාදු කිය කියා ඔවුන්ගේ පස්සෙනුත් යාවි.

මේ චීවරධාරියන් ශාසනයට පිළිකාවක්. ඒත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.

මී හරක් රැළකටත් නායකයෙකු ඉන්නවා. වැසි කාලයට කූඹින්ටත් නායකයෙක් ඉන්නවා. නමුත් ශාසනයට නායකයෙක් නැති නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවන්නේ

තායිලන්තය වගේ රටවල් වල නම් මේ වගේ චීවරධාරීන්ට එරෙහිව නඩු දාලා හිරෙත් යවනවා. නමුත් අපේ රටේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත.

මේ පිළිබඳ දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමි මෙසේ පැවසුවා

බුද්ධ ශාසනය පිළිබඳ උපදෙස්දීමට කාර්යසාධක සමිති තියනවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට උපදේශකයන් රැසක් සිටිනවා. නමුත් කිසිවෙක් ශාසනය රැකගන්න එතුමන්ලාට උපදෙස් නොදෙන බව මේ සිද්ධි වලින් පැහැදිලියි.

ජනතාවට නීතිය අතට ගන්න එපාය කිව්වට වැඩක් නෑ. නීතිය ක්‍රියාත්මක නොවෙනව නම් ඔවුන් නීතිය අතට ගන්නවා..

බුදුන් වහන්සේ වදාල ධර්මය විකෘති කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ. පිටිදූවේ හිමියන් කියනවා එය සකෘදාගාමී කියලා.

තව ටික දවසකින් මම බුදුවෙලා කිව්වොත් මොනවද කරන්නේ?.

මීට ඉහතදී මතු බුදුවන උතුම් මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගැනීම සිහිපත් කරවන ස්වර්ණ ප්‍රතිමා වහන්සේ රැගත් පෙරහරක් සහ මෙත් බෝසත් විවරණ පූජාවක් ද ඇතුළු පින්කම් මාලාවක් දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ පැවැත්වෙද්දී පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද, කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පහත ජායාරූප අයත් පින්කම් මාලාවට සහභාගි වී තිබුනා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම පින්කම් මාලාවට සහභාගී වෙමින්

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පින්කම් මාලාවට සහභාගි වෙමින්

ඇමති මර්වින් සිල්වා සිරි සදහම් අසපුවේදී

මෙත් බෝසත් ප්‍රතිමා වහන්සේ






Related Posts Plugin for WordPress, Blogger...