ITN මවුබිමේ නාලිකාවයි - අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ වෙබ් අඩවියි
Friday, March 4, 2011ඊයේ (3) රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ දී ස්වාධින රුපවාහිනිය කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ විමසුම වැඩ සටහනේ අදහස් විකෘති කොට යොදා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් හා වෙබ් අඩවි කිහිපයක් බොළඳ උත්සහයක් ගෙන ඇති බවය.
අවස්ථාවාදී ප්‍රචාර හමුවේ ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ මහේල තිලාන් ඇතුළු ක්‍රිකට් විරුවන්ටත් සමස්ත ප්‍රේක්ෂක ජනතාවටත් ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශය ඔවුන්ගේ කෘතවේදීත්වය පිරිනමා ඇත.
නමුත් ස්වාධින රුපවාහිනිය ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලු බව කීමට ඔවුන්ට අමතක වී තිබිණි.
රනිල්ගෙන් S.M.S
මහේලට හා තිලාන්ට සහයෝගය පළකිරීම සදහා අප ඔබ සමගයි (We are with you) යනුවෙන් සදහන් කොට මහේලගේ සහ තිලාන්ගේ දුරකථන අංක වලට කෙටි පණිවිඩ යවන ලෙස විපක්ෂ නායකවරයා මේ අතර ඉල්ලීමක් සිදු කොට ඇත.
මහේල ජයවර්ධන - 0712747777
තිලාන් සමරවීර - 0777486601
