දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍යය දැනුවත් කිරීම!
Wednesday, March 2, 2011
තමා මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයෙක් දකුණු පළාතේ වාසය කරන බව අප ඔබට කලින් ලිපියකින් හෙළි කලා.
පසුගිය සදුදා (28) ස්වාධින රුපවාහිනියේ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව වුයේ "බුද්ධාලම්බන ප්‍රීතියයි".
එහිදී එම වැඩසටහනට දුරකථන ඇමතුමක් දුන් මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයාගේ අනුගාමික කාන්තාවක් ඔහු පිළිබඳව දොරමඩලාවට කරුණු හෙළි කලා.
හරිම පුදුමයක් මේ ආරංචිය ජනමාධ්‍යය වලට දෙන්නේ නැත්තේ ඇයිද කියල,කාගේ බලපෑමක් මතද එහෙම වෙන්නේ කියල.අපි 2000 ක් පමණ මේ ධර්මය අහල සැනසෙනව.ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යයට කියන්නමයි මම මේක ගත්තේ".
එම දුරකථන ඇමතුම නිසා වැඩසටහන මෙහෙය වූ හසන්ත ද අපහසුතාවයට පත්වූ අතර ඔහු ඉක්මනින් වැඩසටහන නවත්වා විරාමයක් ලබා ගත්තා.
ලිපිය යොමු කලේ : සමන් කුමාර
සම්බන්ධිත ලිපි
