මහින්ද අබේසුන්දරගෙන් මහේලට චෝදනා

Updated 2/3/11 
විමසුම මහේලගෙන් සමාව ගනී

පසුගිය 27 වනදා ස්වාධින රුපවාහිනියේ විමසුම විශේෂාංගය මගින් මහේල ජයවර්ධනට අභූත චෝදනා කල වැඩසටහන පිළිබඳව කනගාටුව පල කරන බව ඊයේ (1) පැවති විමසුම වැඩසටහනින් ප්‍රකාශ කරන ලදී.

එහිදී "ගේම් එක චේන්ජ් කරනවා යයි" යනුවෙන් ඔවුන් පැවසුවේ හුදෙක්ම ශ්‍රීලංකා ක්‍රීඩකයන් දිරි ගැන්වීමේ අරමුණෙන් බව තව දුරටත් සදහන් කොට ඇත. 



1/3/11
මහේල නීතිම ක්‍රියාමාර්ග ගැනීමට යයි.
තරඟ පාවා දුන් බව හැඟෙන ආකාරයෙන් අසත්‍ය ප්‍රචාරයක් කල ස්වාධින රුපවාහිනියේ විමසුම වැඩසටහන මෙහෙයවන මහින්ද අබේසුන්දර ට එරෙහිව මහේල ජයවර්ධන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


මේ වන විටත් මෙය විදෙස් මාධ්‍ය වල හා විශේෂයෙන් පකිස්ථානයේ මාධ්‍ය වල උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.
මේ පිළිබඳව BBC පළවූ වාර්තාව මෙතනින් 

28/2/11
ඊයේ රාත්‍රියේ (27) ස්වාධින රුපවාහිනිය විසින් විකාශය කරන විමසුම වැඩසටහන මගින් ශ්‍රීලංකා - පකිස්තාන තරගය පරාජය වීම පිළිබඳව මහේල ජයවර්ධනට හා තිලාන් සමරවීරට බරපතල චෝදනාවක් කොට ඇත. 

එම වැඩසටහනේ "ගේම් එක චේන්ජ කරන්නේ යි පුන පුනා කී නිසාදෝ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කරාදැයි අපට නිකමට සිතේ." යන්නෙන් එම ක්‍රීඩකයන් තරඟ පාවාදීමක් කර ඇති බව අදහස් වන නිසා එම වැඩසටහන ක්‍රීඩාවිචාරකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...