කටකතා වලට ජනපතිගෙන් පිළිතුරු
Saturday, February 12, 2011
එයින් වඩාත් පැතිර ගිය කතාව වුයේ ජනාධිපතිට පිළිකාවක් වැලදී ඇති බවයි.මෙය ලැව්ගින්නක් සේ පැතිර ගිය පසු ජනාධිපතිතුමන්ට සෑම දෙසින්ම දුරකථන ඇමතුම් ගලාගෙන එන්න විය.
ආගමික නායකවරු හා වෛද්‍ය
මේ සියලු කටකතා වලට පිළිතුරු දීමට ජනාධිපතිතුමා යොදාගත්තේ නිදහස්දින උත්සවයයි. එහිදී රැස්ව සිටි පිරිස අමතු එතුමා,
"මේක හරි ප්‍රශ්නයක් වෙලා.මට අසනීපයි කියල හාමුදුරුවනේ හැමතැනම කතාවක් යවල.
මට දොස්තරලා කතා කරනවා,හාමුදුරුවරු කතා කරනවා,පිරිත් කියන්නද කියල අහනවා,නමුත් මම මේ හැමෝටම කිව්වේ මේ වගේ කට කතා ප්‍රචාරය කරන්නේ විපක්ෂයේ ඉන්න දේශපාලන ලෙඩ්ඩු ටිකක් කියල."
නිදහස් දින උත්සවයෙන් පසුව ජනාධිපතිතුමාට වැටහී තිබුනේ ආණ්ඩුවේ සිටින ඇතැම් අමාත්‍යවරුන් අතරද මේ පිලිබදව සැකයක් ඇති බවයි.
ඒ නිසා ඔවුන්ගේ සැකය දුරු කිරීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා මේ පිළිබද ඉතා සැහැල්ලුවෙන් කතා කලා.
"දැන් විපක්ෂයට සටන් පාඨ නෑ.පහු ගිය කාලයේ විපක්ෂය මට එක එක ඒවා කියා කියා ගැහුවා.හැබැයි ඒ කිසිම දෙයක් රටේ ජනතාව සත පහකට ගණන් ගත්තේ නෑ.දැන් මේ ය මගේ ඇගේ තියන අවයව අල්ලාගෙන සටන් පාඨ ගෙන්න හදනවා.
මං ඇමරිකාවට ගියේ පොඩි විවේකයක් ගන්න.මං ජනාධිපති උනා කියල දවස් පහ හයක් පිටරටකට ගිහිල්ල විවේකයෙන් ඉන්න බැරිද? ලෝකයේ මේ තරම් ජනාධිපතිවරු ගිහින් ඉන්නේ. මමත් ගිහින් විවේක ගත්ත.
මෙන්න බොලේ මෙහෙ ඉන්න කට්ටිය මගේ ශරීරෙ කොටස් අල්ලාගෙන කටකථා යවල.හැම කෙනාම කතා කර කර මගෙන් අහනවා.
වැඩේ කියන්නේ මේ යක්කු මට අවශ්‍ය කරනම දෙයක් අල්ල ගෙනනේ මේ කට කතා යවල තියෙන්නේ."
වැඩේ කියන්නේ මේ යක්කු මට අවශ්‍ය කරනම දෙයක් අල්ල ගෙනනේ මේ කට කතා යවල තියෙන්නේ."

