ලහිරුගේ ක්‍රිකට් ගීතය තවදුරටත් "නිල" නොවේ!
Wednesday, February 23, 2011Updated 23/02/11
එන්න දිනවන්න ගීතය තහනම් වෙයි!
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් නිල ජයඝෝෂා ගීතය ලෙස එලි දැක්වුණු ලහිරු පෙරේරාගේ "එන්න දිනවන්න"ගීතය තහනම් කොට ඇත.
ගීතයේ අනෙක් රටවලට අපහාස වන පරිදි රචනා වී ඇති නිසා ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ගීතය වාදනය කිරීම අත්හිටුවීමට දැනටමත් පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක් එකඟතාවය පලකොට ඇත.
21/02/11
මනුරංග විජේසේකර විසින් රචනා කරන ලද ලහිරු පෙරේරා ගායනා කරන "එන්න දිනවන්න" ගීතය ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල ජයගෝෂා" ගීතය ලෙස එලි දක්වන ලදී.
නමුත් එම ගීතයේ පද රචනයට දිගින් දිගටම මාධ්‍ය හරහා විවේචන එල්ල වෙන්න පටන් ගැනුනි.මෙම ගීතය ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල ජයගෝෂා" ගීතය කිරීම පිළිබද පැමිණිල්ලක් ජනාධිපතිවරයාටද යොමුකොට තිබිණි.

එන්න දිනවන්න ගීතය බංගලාදේශයේ පැවති ලෝක කුසලාන සමාරම්භක උත්සවයට ගායනා කිරීම සදහාවත් අවසර ලැබී නොතිබිණි.
රූකාන්ත හා චන්ද්‍රලේකාගේ නිල උපහාර ගීතය
සම්බන්ධිත ලිපි
ලහිරුගේ ක්‍රිකට් ගීතයට දොස්
