පබාට අමානුෂික පහරදීමක්
Saturday, February 26, 2011Updated 26/02/11
මම දික්කසාද වෙනවා - උපේක්ෂා තම සැමියාගෙන් දික්කසාද වීමට අපේක්ෂා කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඉරිදා දිවයින පුවත්පතට ප්‍රකාශ කොට ඇත.
පුවත්පතට අදහස් පලකල ඇය,
අවුරුදු කීපයක් පමණ මම එයත් සමග ජීවත් වුණා. ඔහු කවුද කියලා මම දන්නවා. එයා හරිම හොඳ කෙනෙක්. මම තාමත් එයාට ආදරෙයි.
ඒත් මේ විදිහට පවුල් කන එකට වඩා දික්‌කසාද වෙන එක හොඳයි. එය අපි දෙන්නාගේම ජීවිතවලට හොඳයි කියලා මම හිතනවා.
දික්‌කසාද වුණත් මම එයාට වෛර කරන්නේ නැහැ. මගේ පාඩුවේ ජීවත් වෙනවා. මගේ කම්මුලට ප්ලාස්‌ටික් සැත්කමක් කර ගත්තා.
යනුවෙන් ප්‍රකාශ කොට ඇත.
Updated 19/02/11
උපේක්ෂා ස්වර්ණමාලි ගේ සැමියා විවාහයේ පෙර සිටම ඇය සමග ගැටුම් ඇතිකරගෙන ඇතිබවත් තුවාල ඇතිවූ පසු ඔහුම බෙහෙත් දාන බවත් අද රිවිර පුවත්පතේ ලිපියකින් අපුරු හෙළිදරව්වක් සිදුකරනවා.ඒ අනුව පසුගියදා ඇති වූ ගැටුම සිදුවී ඇත්තේ මෙසේයි.
පෙබරවාරි 15 වනදා සවස 7.30 ට පමණ පබා සහ සැමියා ඔවුන්ගේ උඩහමුල්ලේ නිවසින් පිරව ගියේ හෝමාගම ඇගේ අම්මාගේ නිවසටයි.
පෙබරවාරි 15 වනදා සවස 7.30 ට පමණ පබා සහ සැමියා ඔවුන්ගේ උඩහමුල්ලේ නිවසින් පිරව ගියේ හෝමාගම ඇගේ අම්මාගේ නිවසටයි.
කෙටි වෙලාවක් එහි රැදිසිටි ඔවුන් පිළියන්දල පිහිටි සැමියාගේ අම්මාගේ නිවසට යාමට පිටත් වුහ.ඒ අතරතුර පබාගේ මවගේ නිවස අසල කෙනෙකු දේශපාලන උදව්වක් ඉල්ලා දුන් දුරකථන ඇමතුමක් සිහිපත් කර සැමියා පබා සමග බහින්බස් විය.
මොහතකින් එය නැවතුනද ඔගු වාහනය පදවුයේ ඉතා වේගයෙනි. කේන්ති ගිය අයුරිනි.පිළියන්දල නිවසට ගොස් විනාඩි කීපයක් නිවසේ රැදුණු සැමියා තනිවම නැවතත් පිටතට ගිය අතර ඔහුගේ දුරකතනයට පබා සහ ඔහුගේ මව දුන් දුරකථන ඇමතුම් කිසිවකට ඔහු කතා කලේද නැත.
"මගදී ආරවුලක් ඇතිකරගත්තේ මෙවැනි ගමනක් යන්නද?"
යනුවෙන් පබා ඔහුගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යැවිය. එයටත් උත්තරයක් ලැබුනේ නැත.රාත්‍රී 11 ට පමණ නැවත ඔහු පැමිණි අතර ඔවුන් දෙදෙනා ඉන්පසු පිළියන්දල උඩමහල නිවසට පැමිණ ඇත.
නිවසට පැමිණි සැමියා පබාගේ කෙටි පණිවිඩය දුටුවේ එවිටය.
නිවසට පැමිණි සැමියා පබාගේ කෙටි පණිවිඩය දුටුවේ එවිටය.
"මෙහෙම එකක් එව්වේ ඇයි? "
ඒ කෙටි පණිවිඩය එවන්නට හේතුව අසද්දී පබා හේතුව කීවාය.
"මම හිටපු තැන පෙන්නනම්, ඊට පස්සේ හොද පාඩමක් උගන්නනවා".
සැමියා එසේ කියා පබා ද, ආරක්ෂක නිලධරියෙකු සමග එවෙලවේම පිළියන්දල බලා පිටත්විය.ඔහු ගියේ ඔහුගේ මිතුරෙකුගේ නිවසටයි.ඒ නිවසේ ගරාජයේ මත්පන්බෝතල් හා විදුරු තිබුන ස්ටුලයක් පෙන්විය.
"මෙන්න මෙතන මම හිටියේ" ඔහු පබාට කිවේය.
එහි කිසිදු බහින්බස්වීමක ස්වරයක් නොතිබිණි. ඔහු සුහදව කතා කළේය.යලිත් වේගයෙන් රිය පදවාගෙන උඩහමුල්ල නිවසට පැමිණි නමුත් පබා සමග වචනයක්වත් කතා කලේ නැත. වාහනය නිවසට ආවද පබාට නිවස තුලට යන්න බියක් දැනුනි.
"මට පාඩමක් උගන්නවා කිව්වේ මොකක්ද"?
ඇය වහනයෙන් නොබැසම ඇසුවාය. ඒ මොහාතේ ආරක්ෂක නිලධාරියාද වාහනයෙන් බැස ගොස් සිටියේය.
පබාගේ පැනයට සැමියාගෙන් ලැබුනේ අතමිට මොලවා පහරවල් කීපයකි. ඇය දතින් මුහුණ වසාගත්තද කන ලගට ඔහුගේ පහරවල් වැදුනේය. අනතුරුව වාහනයෙන් බැසගත් සැමියා පබාවද බිමට බැස්සුවේය.
පබා එලියට ඇවිත් ගරාජයේ බිම ඇදවටුන අතර ඇගේ සැමියා ඇයව පොලව දිගේ ඇදගෙන ගියේය.වැඩිදුර අයව බිම දිගේ ඇදගෙන යාමට ඇමති ආරක්ෂකයින් ඉඩ නොදුන් අතර ඔවුහු ඇයව බේරා ගත්හ.
නමුත් එලව එලවා ඔහු ඇයට පහරදුන් අතර පබා දුවගොස් ආරක්ෂකයන්ගේ කාමරයකට වැඩ දොර වසාගත්තාය.ඇගේ සැමියා දොර කඩාගෙන ඇතුලට විත් ලීයකින් යට පහර දෙන්න හැදුවේය.
නමුත් ඔහුට පහරදෙන්න නොහැකිවිය. ඒ ආරක්ෂකයින්ගේ මැදිහත්වීම මතය.ඇයට ගෙදරින් යන ලෙස ඔහු ඒ මොහතේම කිවේය. ඒ අනුව ගෙදරින් පිටතට ගිය පබා අසල්වැසි නිවසක රැකවරණය ලැබුවාය.
ලිපිය යොමුකලේ : සමන් රත්නායක
Updated 17/02/11
උපේක්ශාට වාහනයේ සිටම මහේෂ් පහරදීම සිදු කර ඇති අතර ඔවුන්ගේ නිවස අසලට පැමිණි විට වාහනය නවත්වා අතින් පයින් පහර දෙමින් බිම දිගේ ඇදගෙන ගොස් ඇත.
මෙම අමානුෂික පහරකෑම ඉවසාගත නොහැකිව උපේක්ෂා නිවසේ කාමරයකට වැදී දොර වසාගෙන ඇත.පසුව අගේ ආරක්ෂකයන් මැදිහත් වී ඇයව රෝහල් ගතකොට තිබේ.
මේ පිලිබදව පලවූ පුවත්පත් වාර්තා
ලක්බිම පලවූ ලිපිය
ලංකාදීප පලවූ ලිපිය
දිවයින පලවූ ලිපිය
16/02/11

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය අමානුෂික පහර කෑමකට ලක්ව ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කලේ අගේ සැමියා වන මහේෂ් චාමින්ද වලවේගම බවට සැක පහල කරනවා.ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් අනතුරුව අගේ ආරක්ෂකයින් විසින් ඇයව රෝහල් ගතකොට ඇත.
පබා ෂූටින් ලු...
කෙසේ නමුත් මේ පිලිබදව අගේ සැමියා වන මහේෂ් ගෙන් විමසීම් කල අවස්ථාවේ ඔහු කියා ඇත්තේ ඇය මේ වන විට රුගත කිරීම් වල යෙදෙන බවකි.නමුත් උපේක්ෂා ස්වර්ණමාලි මේ වන විට රෝහල් ගතවී ප්‍රතිකාර ලබන වබ රෝහල් ආරංචිමාර්ග වලින් සනාථ කොට ඇත.
වසර තුනක ප්‍රේමය දෙදරයි..
සුධීරා ටෙලි නාට්‍ය රුගත කිරීමේදී ඇතිවූ දැනහැදුනුම් කම් මත වසර තුනක ප්‍රේම සම්බන්ධතාවයකින් පසු උපේක්ෂා - මහේෂ් අතිනත ගැනීම සිදුවිය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වී වැඩිම මනාප ලබා තේරුණු පබා ආණ්ඩුවට එක වුයේ ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කිරීමටයි.ඒ වෙනුවෙන් අති විශාල මුදලක් හා කාර් සෙල් එකක් අගේ සැමියා මහේෂ් ට ලැබුණු බව කාටත් නොරහසක්.
ආණ්ඩුවේ ප්‍රබලයෙක් දික්කසාදය වලක්වයි
එහෙත් ඒ සමගම සිදුවුයේ ඇගේ විවාහ ජීවිතයත් බිදී යාමයි.මුදල් ලැබීමෙන් පසු ඇගේ සැමියා සම්පුර්ණයෙන් වෙනස් පුද්ගලයෙක් වූ අතර ඔහු සිය බිරිදව නොසලකා හරින්න විය.මේ හේතුව නිසාම උපේක්ෂා ඔහුට විරුද්ධව දික්කසාද නඩුවක් පවරන්න පසුගිය දිනවල උත්සාහ කලත් එය වැළකුණු ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ මැදිහත්විමකිනි.මුහුණ විරූපී කිරීමේ අරමුණක්
එම ආරාවුල දුරදිගයාමෙන් ඇයට මෙම පහර දීම සිදු වූ බව වාර්තා වේ.තවද ප්‍රහාරය එල්ල කල තැනැත්තා ඇගේ රංගන දිවිය නිමා කිරීමේ අරමුණින් ඇගේ මුහුණ විරූපී කිරීමට උත්සහ ගෙන ඇති බවත් වාර්තා වේ.



