මලට බඹරෙකු නිසා සජිත්ට ඇතිවූ නීතිමය ගැටලුව බොරුවක්

පසුගිය මාසයේ රජයේ පුවත් වෙබ් අඩවියක් මගින් වාර්තා කලේ සජිත් ප්‍රේමදාස මහතා නැසීගිය ගායක ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ගීතයක් වන "මලට බඹරෙකු සේ" ගීතය බටහිර පොප් රිද්මයකට ගායනා කිරීම නිසා  ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ ශීලා විජේවර්ධන මහත්මිය විසින් බුද්ධිම දේපළ පාදක කර ගනිමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බවයි. 

නමුත් පසුගිය සතියේ විරපොකුනේ පැවැත්වූ රැස්වීමකදී සන්ෆලවර් සමග මලට බඹරෙකු ගීතය ගායන කල සජිත් ප්‍රේමදාස පවසා සිටියේ 
"මේ ගිය ගයන  ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේපවුලේ අය මම ගී ගයනවට විරුද්ධයි කියලා ආණ්ඩුව කියනවා.මට ඒ පවුලේ අය කතා කරලා කීවා , කමක් නෑ ඔබතුමා ගීතය ගයන්න කියලා".
යනුවෙනි. 

Related Posts Plugin for WordPress, Blogger...