දිවයින කිර්ති වර්ණකුලසුරිය නැවතත් අනා ගනී
Wednesday, February 6, 2013
ඒ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කෙටි පණිවුඩයක් මඟින්ද එයට පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලදී.
ඒ අනුව පුවත් කෙටි පණිවුඩ සේවා සියල්ලක් පාහේ එය එස්.එම්.එස් මාර්ගයෙන් ඔවුන්ගේ පරිශීලකයන් වෙත යවනු ලැබූ අතර ඉන් ටික වේලාවකින්ම ජනාධිපතිවරයාට හා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක විසින් එම පුවත සාවද්‍ය එකක් බව වාර්තා කරනු ලැබිය.
ඇමරිකාවේ තානාපති කාර්යාලය මේ පුවත පිළිබඳව සිනාසෙද්දී පුවතේ වැරැද්ද පිළිබඳව ඇගිල්ල දික්වුයේ ගුවන් විදුලි සංස්ථාවේ දස දෙස වැඩසටහනටය.
නමුත් ගුවන් විදුලි සංස්ථාවේ දස දෙස වැඩසටහන මෙම පුවත උපුටා ගත්තේ ඊයේ දින (05) දිවයින පුවත්පතේ කිර්ති වර්ණකුලසුරිය "ඇමරිකාවේ ඉල්ලීමට ශ්‍රී ලංකාව "බැහැ" කියයි" යන මාතෘකාව යටතේ පල කරනු ලැබූ ලිපිය මගිනි.
ඒ අනුව මෙම පුවත ප්‍රථමයෙන් වාර්තා කොට ඇත්තේ දිවයින් පුවත්පතේ කිර්ති වර්ණකුලසුරිය වේ. ඔහු එම පුවත කුමන පදනමකින් වාර්තා කරේද යන්න තවමත් වාර්තා වී නොමැත.
එම පුවත පහතින්.
"ඇමරිකාවේ ඉල්ලීමට ශ්‍රී ලංකාව "බැහැ" කියයි
(කීර්ති වර්ණකුලසූරිය)
ශ්‍රී ලංකා හමුදා කණ්‌ඩායමක් ඇෆ්ගනිස්‌තානයේ ඇමරිකානු හමුදාවට සහය වීම සඳහා ලබාදෙන ලෙස ඇමරිකානු රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.
"ඇෆ්ගනිස්‌තානයේ පවතින්නේ ඇමරිකානුවන්ගේ යුද්ධයක්. අපේ යුද්ධයක් නොවෙයි යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
"වෙනත් රටවල ඇති අභ්‍යන්තර ප්‍රශ්නවලට අපි කිසිසේත් මැදිහත් නොවන්නෙමු" යෑයි රජය ඇමරිකානු බලධාරීන්ට දන්වා ඇත.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් මේ ඉල්ලීම කර තිබූ බව වාර්තා වේ."
